ගැහැනු ශක්තිමත්නම්
අම්මලා ශක්තිමත් නම්
සහෝදරියන් ශක්තිමත්නම්
රටම ශක්තිමත්ය.
පෑඩ්මෑන්
ඉන්දියාව යනු ලෝකයක් එක්තැන් කළ මහපොළවකි. ඉන්දියාවෙහි හැඩ ගැන ලියනු කුමට. මෙහි වෙසෙන මිනිසුන් ගැන ලියනු කුමට. අප අන්තර්ජාලයෙන් ඉන්දියානු මිනිසුන් ගේ විධි ඔ්නෑ කරම් දන්නෙමු.
ග්‍රෝත්‍රික මිනිසුන් තවමත් ජීවත්වෙන ගම්බිම් ගැන දන්නෙමු. බඩගින්නේ සිටිනා මිනිසුන්ට වඩා නොපෙනෙන දෙවියන් ට ආහාර පුද සත්කාර කරනු ලබන සැටි දකින්නෙමු.ලෝකයටම බොහෝ දේවල් සපයන බව ද දන්නෙමු. මිත්යව සදන්නන් මෙන්ම ඒවා පවත්වාගෙන යන්නන්ද මිථ්‍යාවන් බිඳින්නන් සහ ඒවා ජනතාව අතර ට රැුගෙන යන්නන්ද එහිම වෙති. ශක්තිමත් පිරිමිද බුද්ධිමත් පිරිමිද අතිශය ගතානු ගතික පිරිමිද නූගත් පිරිමිද ඉන්දියවේ සිටිනා බව අපි දනිමු.ශක්තිමත් ගැහැනුද බුද්ධිමත් ගැහැනුද අතිශය ගතානු ගතික ගැහැනුද නූගත් ගැහැනුද ඉන්දියවේ සිටිනා බව අපි දනිමු.
ගැහැනුන් ගේ නූගත්කමද ගතානු ගතිකත්වය ගැනද ගැහැනුන්ගේ ශක්තිය ගැනද බුද්ධිමත් බව ගැන සහ එක් පිරිමියෙකුගේ ශක්තිමත් කම පිළිබඳ කියැවෙන චිත්‍රපටයකි පෑඩ් පෑන්.
මෙම චිත්‍රපටය මෙන්ම ටොයිලට් චිත්‍රපටය ද ඔවුන්ගේ ජීවන සංස්කෘතිය මෙන්ම ගතානු ගතික සමාජ සංස්කෘතිය පිළිබඳ සිනමාව වාහකයක් කොට ගෙන තමන්ගේ රටේ ජනතාවටම අපූර්ව ලෙස ප්රක්ෂේපණය කරයි.
ඉන්දියාව ටොයිලට් බාවිතයට හුරුකරවන්නට ටොයිලට් ව්‍යාපෘති ආරම්භ වී ඇති අතර එය සිනමාව තුළින්ද ජනතාවට කාන්දු කරවයි.
කාන්තාවන්ට ඔසප් දිනයේදී රෙදි කෑලි වෙනුවට පෑඩ් ඇන්දවීමට ව්‍යාපෘති ආරම්භ කර තිබෙන්නේ කාන්තාවන්ට රෙදි කෑලි ඇඳීමෙන් ඇතිවන ලෙඩ රෝග නවතා දමා නීරෝගීමත් බාවය සුරක්ෂිත කිරීමටය.
පෑඩ් මෑන් හි කතාව හෘද සංවේදී කතාවකි. ලක්ෂ්මී තම බිරිඳ ඔසප් දිනවලදී පවුලේ අයගෙන් ඈත්ව පිටත රාත්‍රීන් ගත කිරීම ප්‍රශ්න කරයි.
ඉන්දියානු කාන්තාවෝ සහ ආසියාවේ සමහර රටවල් වල කාන්තාවෝ මෙන්ම ගැහැනු දරුවන් ද ඔසප් වීමෙන් පසු නිවසින් බැහැර වෙනම ඒ කාලය ගත කරන්නේ ඔවුන්ගේ ආගමානුකූල මෙන්ම සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර අනුවය.
ලංකාවේ දී ගැහැනු දරුවන් වැඩිවියට පත්වූ විට පිිරිමින්ගේ ඇස ගැටීමෙන් වළකා කාමරයක හුදකලා කරයි. ආසියාවේ අනිත් රටවල්ල ගැහැනු දරුවන් ස්වභාවික සරීර ක්‍රියාවලියකදී මේ ආකාරයෙන් අන්ධ භක්තියකින් හෝ බමුණු සම්ප්‍රදායන්
තුළ සිරකොට සිටීම හෝ පවුලෙන් පිටමං කිරීම අතිශය අමානුෂික මෙන්ම අවිද්‍යාත්මකය.
පෑඩ් මෑන්හි ලක්ෂමී සිය බිරිඳ ගේ ඔසප් දිනයේ රෙදි කෑලි ඇඳිමෙන් ඇයට ඇතිවිය හැකි රෝගපීඩා නවතා ගැනීම සඳහා ටීවී මගින් දකින පෑඩ් පැකට් එකක් මිළදී ගනී. ඔහු ට ඒ පෑඩ් පැකට්ටුව මුදලාලිි කඩදාසි කොළයක ඔතා ලබාදෙන්නේ රහසින් මෙනි.
ලංකාවේද අද වුවද සුපර්මාර්කට් වල හැරෙන්නට අනෙකුත් සිල්ලර කඩවල්වලදී කඩදාසිවල දවටා මේ පෑඩ් පැකට් ලබාදේ. තරුණියක් පෑඩ් පැකට් එකක් කඩේකින් ඉල්ලා සිටීමට අදටත් ලැජ්ජාවේ.
පෑඩ් මෑන් හි ලක්ෂමී ගෙන යන පෑඩ් පැකැට්ටුව දකිනා බිරිඳ කලබලයට පත්වන අතර ඔවුන්ගේ ආර්ථිකය අනුව එය විශාල මුදලක් වන බැවින් ලක්ෂමීට එය නැවත ආපහු මිළදී ගත් කඩයටම බාරදෙන ලෙස ඉල්ලා සිටියි.
ලක්ෂමී ට සිය බිරිඳ පිළිබඳ ඇතිවන තැතිගැන්ම නිසා ඇය වෙනුවෙන් පෑඩ් නිර්මාණය කිරීමට උත්සාහ ගනියි. ඔහු බිරිඳට ඇති ඇල්ම නිසාම කිලිටි රෙදි බාවිතයෙන් අනතුරක් වේයැයි සිතන නිසාම නිසියාකාරව පෑඩ් එකක් ඔහුගේම සියතින් නිර්මාණය කිරීමට විිවිධ උත්සාහයන් ගනියි. මේ සිදුවීම් අතර තුර ඔහු උණ්මන්තකයෙක් සහ නරක මිනිසෙක් ලෙස ලක්ෂමීගේ මවත් සහෝදරියනුත් ඥතීහුත් අසල්වැසියනුත් ගමත් සියල්ලන්ම තීරණය කරයි.
අවසානයේ ලක්ෂමීගේ බිරි, ද ලක්ෂමීගේ හැසිරීම් අභව්‍ය යැයි සිතා ඔහුව හැර දමා සිය මහගෙදරට යයි. ලක්ෂමී ගම හැර යයි. ඔහුගේ ඒකායන අරමුණ වනුයේ පෑඩ් එකක් නිසියාකාරව සාදා දී තම බිරිඳ ආපසු තමා වෙත ගෙන්වා ඇයව ඔසප් දිනවලදී සනීපාරක්ෂකව තබාගැනීමය.නමුත් සිදුවන්නේ කුමක්ද?බිරිඳ පෑඩ් ඇඳීම ප්‍රතික්ෂේප කරන හෙයින් ඔහු ඒවා වෛද්‍ය විද්‍යාල සිසුවියන්ට තම අසල්වැසියන්ට සහ සහෝදරියටද පාවිච්චි කිරීමට පෙළඹවීමෙන් ලැජ්ජාවට පත්වීම පමණකි.
නමුත් ශක්තිමත්, අරමුණ පිළිබඳ තැතිගැන්මක් නැති ලක්ෂමී සිය අරමුණ වෙතට යයි.
අමෙරිකාවට සුපර්මෑන්කෙනෙකු සිටී,බැට්මෑන්කෙනෙකු සිටී,ස්පයිඩර් මෑන් කෙනෙකු සිටී දැන් ඉන්දියාවට පෑඩ් මෑන් කෙනෙකු සිටී.....
අවමානය තුළින් අභිමානය සොයායන අපූර්ව ඉන්දියානුවෙකු පිළිබඳ කතා නිර්මාණයකි පෑඩ් මෑන්. ආදරය තුළ සිහිනය සොයන මිනිසුන් සිටින ලෝකයක ආදරය තුළ ගෞරවය ආරක්ෂාව පතන පෙම්වතුන් පිළිබඳ පෑඩ් මෑන් අපිට පවසයි.
සටහන-සහස්පතී සේනානායක