අදුරකට ඇස් කීයක් ද කියා ඔබෙන් ඇසුවොත් එයට නිශ්චිත පිළිතුරක් ලබා දීමේ හැකියාවක් ඔබටත් නැත. මටත් නැත.
එක් රාත්‍රීයක දී සිදුවන එක් මිනිමැරුමක් වටා ගෙතුණ චිත්‍රපටියයි Iravukku Aayiram Kangal, Mu. Maranගේ අධ්‍යක්ෂණයෙන් Arulnithi, Ajmal, Mahima Nambiar, Vidya Pradeep, Chaya Singh යන අයගේ රංගනයෙන් මැයි මස මෙම චිත්‍රපටිය තිරගත විය.
භරත් ටැක්සි රියදුරෙක් මෙන්ම වෙජෙයන්ගේ නම් කතුවරියකගේ රසිකයෙක් ද වෙයි. ඔහු පෞද්ගලික රෝහලක සේවය කරන සුසීලාට ආදරය කරයි. මේ අතර සුසීලා දිනක් පාරේ දී කරදරයකට මුහුණ දුන් අවස්ථාවේ දී ඇයගේ සහයට ගනේෂ් පැමිණෙන අතරම ගනේෂ් ද ඇයට ආදරය කරන්නට පටන් ගනියි. මොවුන්ගේ ජීවිතය මෙසේ යන අතරතුර ගනේෂ්ට හා සුසීලාට සුසීලාගේ හිතවතියක් වන රූපලා යම් ප්‍රශ්නයක පැටලි ඇති බව දැනගන්නට ලැබෙයි. ඇයගේ ප්රශ්නය වන්නේ කවුරුන් හෝ කෙනෙක් ඇයගේ නිරුවත විඩියෝ කර ඇයගෙන් මුදල් ඉල්ලා තර්ජනය කිරීමයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස එම විඩියෝව රැගෙන යාමට භරත් පිටත් වෙයි. ඔහු එසේ විඩියෝව සොයා යන නිවසේ, සිදු වී ඇති මිනිමැරුමට ඔහු වැරදිකරු වි පොලිසියේ අත්අඩංගුවට පත් වෙයි. ඉන් පසුව පොලිසියෙන් බේරී මිනිමැරුමේ සුළ මුල භරත් සොයාගන්න ආකාරය ඉතා රසවත් අන්දමින් තිරරචනය කිරීමට එහි තිරරචකයා දස්කම් දක්වා ඇත.
එක් මිනිමැරුමක් මේ තරම් කුතුහලය දනවන අයුරින් ඉදිරිපත් කළ හැකි ද.? යන ප්රශ්නය සිනමාපටය නැරඹීමෙන් ඔබටත් මතු විය හැක. නමුත් චිත්‍රපටියේ ආරම්භයේ පටන් අවසානය දක්වා චිත්‍රපටිය ඉතා රසවත් එකක් ලෙස ඉදිරිපත්කිරීමට සිනමාකරුවා සමත්ව තිබේ. චිත්‍රපටයේ කතාව සහ තිර රචනය මගින් එයට ලබාදී ඇති වටිනාකම ඉමහත් බව කිව යුතුය. විශේෂයෙන් දමිළ වාණිජ සිනමාවේ චිත්‍රපට අතර ඉතා අනර්ඝ රූප රචනාවක් සහිත චිත්‍රපටයක් ලෙස මෙය නම්කළ හැක්කේ එහෙයිනි. එකිනෙක සිදුවීම් ගලපාගැනීම, පෙළගැස්වීම ආදිය ප්‍රේක්ෂකයාට මෙය සිනමාපටයක් බව මතක කිරීමට පවා සමත් වන්නේ එහි අපුරු ගලායාමක් සහිත තිර රචනය හේතුවෙනි. චිත්‍රපටියේ රසවත්බාවය දිගටම පත්වාගෙන යාමට එම චිත්‍රපටියට යොදා ඇති පසුබිම් සංගීතයත් ඉතා අනර්ග මට්ටමක තිබුණි. තවද මෙම චිත්‍රපටියේ වැදගත්ම දෙය එහි කැමරා අධ්යක්ෂකවරයායි. ඔහු තම කැමරා කෝණය ඉතා සියුම් ලෙස භාවිතා කර තිබෙන බව හඳුනාගත හැකිය. අපරාධ කතා බොහොමයක් එකම ධාරාවක ඒකාකාරී අයුරින් ගලාගෙන යන්නේ වුවත් මෙම චිත්‍රපටය එම ඒකාකාරී රටාවෙන් වෙනස් කිරීමට කැමරා අධ්යක්ෂවරයාගේ ප්‍රබල දායකත්වයක් ලැබී තිබේ. මේ චිත්‍රපටියේ එවැනි අපට සුපුරුදු ඒකාකාරී සහ ගැටළු මතුවිය හැකි මට්ටමේ (විශ්වසනීයත්වය බිඳවන මට්ටමේ) ලක්ෂණ නොතිබුණ තරම් ය. IMDb ශ්‍රේණිගත කිරීම්වි අනුව මෙම චිත්‍රපටියට ලකුණු 7.4ක් ලබා දී තිබිණි.
සටහන : Jegan Ganeshan