තනි තරුවේ තනි තරුවේ
තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...
මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ....
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක
ප්‍රේමකීර්ති ද අල්විස්
තනි තරුවේ....... යැයි මුහුදු වැල්ලේ දිගාවී ප්‍රේමකීර්ති කෑ ගැසුවේ ය. ඔහුට ඉහළින් ආකාසයේ තනි තරුවක් පායා තිබුණේ ය. ඔහු අසල වික්ටර් රත්නායකයන් හා තවත් කීපදෙනෙක් අලස සුවය විඳිමින් සිටියෝ ය. මචං... ප්‍රේම් අන්න එහෙම සින්දුවක් ලියපං... වික්ටර් කීවේ ය. ප්‍රේමකීර්ති ලියුවේ ය. ප්‍රේමකීර්ති ගොරහැඩි හඬින් කෑගැසූ තනි තරුවේ .... යන වචනය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගායනා කළේ ය. තවත් සියවසක් ගතවුණ ද අමතක නොවන අපූරු නිර්මාණයක් ඒ තුළින් බිහිවිය. තනි තරුව පිළිබඳ මා දන්නා කතාව එයයි. එහි සත්‍ය අසත්‍යතාව දන්නේ වික්ටර් රත්නායකයන් හා එතැන සිටියා නම් එතැන සිටි අය පමණකි. ප්‍රේමකීර්ති අද අප අතර නැත. ඔහු වෙන්ව ගියා නොව කවුරුන් හෝ ඔහු අපෙන් වෙන්කර දමා තිබේ.
වචනයට යා හැකි දුර නතර වූ තැන උපදින්නේ සංගීතයයි . ඒ සඳහා තනි තරුවේ නම් වූ නිර්මාණය කදිම නිදසුනක් වේ. ප්‍රේමකීර්තිගේ වචන නිශ්චිත ඉලක්කයක් කරා එල්ල වන්නක් නොවේ. එහෙත් හදවත පසාරු කරගෙන යන පාළු වේදනාත්මක බවක් ශ්රාවකයා තුළ ඉතිරි කිරීමට මේ ගීතය සමත්වෙයි.
උපුටා ගැනීමකි