බොහෝ දෙනෙක් ඇයව අමතන්නෙ මිසිස් පීරිස් කියාය. ඇය කව්රුත් දන්නා සුමිත්‍රා පීරිස් නම්වූ ද ,ලාංකේය සිනමාවේ කිවිඳිය ලෙසින්ද ඇය නම් ලබා තිබේ.
'ගග අදද්ර', 'ගැහැනු ළමයි' ,'සාගර ජලය', 'මායා' වැනි ඇගේ නිර්මාණ මෙරට සිනමා පේ්රක්ෂකයන් අදත් ආදරයෙන් සිහිපත් කරණු නිසැකය.
ඇය සමග සංවාදයකට එක්වූ අරුණි මුතුමලී සමග ඇය සිය ජීවිතයේ අතිශය සංවේදී කාරණා කිහිපයක් පිළිබඳ අදහස් ප්‍රකාශ කර තිබිණ.මේ ඇය ප්‍රකාශ කළ අදහස් කිහිපයකි.
දරුවන් පිළිබඳ ඇගේ ප්‍රකාශය
මුල් යුගයේ අපි චිත්‍රපටවලටම බැඳිලා හිටියා. ඊට පස්සේ අපි කල් දැම්මා. සමහරවිට ඩොක්ට පීරිස්ට හිතිවිල්ලක් තියෙන්න අැති මම නියම අම්මා කෙනකුගේ වගකීම ගනීද කියන බයක් වගේ. අනෙක් එයා සාම්ප්‍රදායිකව හිතන්නෙත් නැහැ. එයාගේ අය්යලාට හිටියට මල්ලිටත් දරුවන් නැහැ. සමහරවිට නිර්මාණකරණයට බාධාවක් වෙයි කියලා හිතුවද, ගෘහණියක් හැටියට මාව නොදැක්ක නිසාද දන්නේ නැහැ. මම උයලා පිහලා කන්න දෙයිද කියලාවත් ගේ අස්පස්කරලා දෙයිද කියලා හිතුවේ නැහැ. මම ගෙදරට දේවල් ගත්තත් කියන්නේ කිසි විනයක් නැතුව ඔහේ ගන්නවා කියලා. ඒත් එයාගේ අැදුම් වුණත් ගන්නේ මම. ඉතින් මම සූට් තුනක් ගත්තාම එයා එකක් විතරක් අඳින වෙලාවල් තිබෙනවා. එයාට ඔය සාප්පු ගානේ ගිහින් අැඳුම් ගන්න උනන්දුවක් තිබුණෙත් නැහැ. හැබැයි අත්දිගට කමිසේ අැඳලා පිළිවෙළට ඉන්න කැමතියි. මම සල්ලි කළමනාකරණය කරන්නේ කොහොමද කියලා අැහුවෙත් නැහැ. ඒ යුගයේ අපි චිත්‍රපටවලට වියදම් කළ මුදලින් ලොකු පාඩු වුණෙත් නැහැ. එයාට ඕන වුණේ හදන චිත්‍රපටය ගෙදර තියාගෙන අගෞරව වෙනවාට වඩා ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්නයි.
හැබැයි හරියටම ඕන දේවල් ටිකක් තිබුණා. කැම ටික මිරිස් නැතිව හදලා හරියට මේසේට අැරලා, විස්කි එක හවසට බොනවා නම් සෝඩා ටික හරියට තියලා, ඒ චූටි දේවල්වලින් තමයි සතුටු වන්නේ. සෙට් එකේදි වුණත් ඒ පිළිවෙළ හෙව්වා.
අද ඔබට මොකද හිතෙන්නෙ?,
'මට හිතන්න බැරි තරම් පාළු හිතෙනවා. ඩොක්ටර් පීරිස් නැති වුණ මොහොතේ වේදනාව කොච්චර තිබුණත් මට හයියෙන් අඬලා ඒ වේදනාව එළියට දාන්න තරම්.... මංදන්නැ මට මොකද වුණේ කියලා.ඒ වුණාට දැන් නම් මට හැම තිස්සේම දුක හිතෙනවා. පෙළක් වෙලාවට මෙහෙම කතා කරද්දි වුණත්....., අැය බිම බලා ගෙන සිටියි.
ඒ පාළුව මම හිතන්නේ නැ මකන්න පුළුවන් වෙයි කියලා. සරසවිය උත්සවේ වෙලාවේ අන්තිමට එයාගේ කටහඬ දාලා තිබුණෙ. ඒ වෙලාවේ මම හිතුවා මට සිහිය නැති වෙයි කියලා. ඒ වේදනාව මට වචනවලින් කියන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.
පුදුමයි තනි පුද්ගලයෙක් වුණත් ගෙයක් කොච්චර පිරෙනවාද? අන්තිම කාලේ පොත් පත් හරියට කියෙව්වා. පොත නොකියෙව්වත් පෙරලගෙන හරි හිටියා. පෙළක් වෙලාවට ඔය රේඩියෝ එකේ පිස්සු කියවන ඩීජේස්ලාගේ කතා වුණත් අහගෙන හිටියා. කවදාවත් වෙනස්කමක් කළේ නැහැ.
කාටවත් සදහටම මේ ලෝකේ ජීවත්වෙන්න බැහැ. ඒක තමයි අැත්ත. ඒත් අවරුදු 99ක් වෙලත් මට තරම්වත් අතන රිදෙනවා මගේ කකුල රිදෙනවා කියලා කවදාවත් කියන්නේ නැහැ. මම මොනවා හරි කීවත් එයා අහනවා මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නේ මට දැන් අනූනවයක්. ඔයා දන්නවාද අනූනවයක් කියන වයසේ තේරුම කියලා. හැබැයි කවදාවත් ඒක වයසට යැමක් කියලා කීවෙත් නැහැ. එයා එක්ක ඉද්දි මටත් වයස ගියේ නැහැ. මම එයාට වඩා අවුරුදු 16ක් බාලයි. අපි හැමෝම එයාගෙ වයස ගැන හිතුවා මිසක් මගේ වයස මතක් වුණෙත් නැහැ. අප්‍රේල් මාසෙන් පස්සේ දැන් තමයි නර්ස්ලා අැවිත් මං ගැන බලන්නේ. ඒ දවස්වල එයාගේ දේවල් බැලුවා මිසක් මටත් එහෙම දැනුණේ නැහැ. හැම තිස්සෙම හිතුවේ තව චිත්‍රපටයක් හදන විදිහ ගැනයි.
හිතවත් අය වියෝ වුණාම?,
ටෝනි ගැනත් හරියට දුක් වුණා. ඩොක්ට පීරිස්ට තිබුණා හරියට අතහෝදලා පිරිසුදු වෙන්න ඕන ගතියක්. කොහේ හරි ගිහින් වාඩි වුණත් අත හෝදනවා. හරියට විෂබීජ ගැන හිතනවා. ඒත් එහෙම කෙනා,ගාමිණී ෆොන්සේකාගේ මරණෙට ගිය වෙලේ, නැමිලා ඔළුවේ කුරුසයක් අැඳලා ඉම්බා. මටම පුදුමයි.
වැඩකට ගියත් නැතත් හොඳට සපත්තු එහෙම දාලා මේ කාමරේට අැවිත් මොනවා හරි වැඩක් කරනවා. මම පොඩ්ඩක් දවල්ට නිදා ගත්තත් බනිනවා අැයි ඔයා නින්දට ජීවිතේ අතහරින්නේ කියලා. අන්තිම කාලේ මම එහා පැත්තේ අක්කලාගේ ගෙදරට යන්න හැදුවත් පොඩි ඥරුඥුරුවක් දානවා. එයා දන්නවා එහෙ ගියොත් මම ටිකක් වෙලා ඉන්නවා කියලා. හැබැයි මොනවා හරි උත්සවේකට යන්න කීවාම ඒක තේරුම් ගන්නවා. මම ළඟම නැතත් වත්තේ හරි ඉන්නවා නම් එයාට ඒ අැති. අපි දෙන්නා නිකං කතා කරන්නේ සිංහලෙන්. ගැඹුරු දෙයක් කතා කරනවා නම් ඉංග්‍රීසියෙන් තමයි.
ඔබට වරයක් ලැබුණොත්?,
අනේ ,ආයේ මට එයාව හම්බවෙයි කියලා හිතනවා. හැමදාම රැට මම හීනෙන් දකින්නේ එයත් එක්ක චිත්‍රපටයක් ගැන කතා කරනවා වගේ ලොකේෂන් බලනවා වගේ දේවල්. ඊයේ රැත්...., අැගේ හඬ මතුවෙමින් බිඳේ.
ඒ හමුවිය යුත්තේ කොයි ලෙස්ටර්ද?,
අපේ මතකයත් හරි පුදුමයි. අපි කොයි තරම් සුන්දර කාල ගත කළාද? ඒවා අමතකයි. මට මතක එයා අසරණ වෙච්ච කාලේ තමයි. එයා ඒ පුටුවේ වාඩිවෙලා හිටියත් අැති.