තරුණ ගායකයන් ඔිනේ තරම්. කටහඩවල් විවිධාකාරයි. Music Videos යූ ටියුබය සහ ෆේස්බුකිය පුරා සැරි සරනවා.
මේ හඩවල් ඇතර මෑත කාලයේ අලුත් හඩන් ඉස්මතුව ඇහෙන්න පටන් අරන්. හෙමින් ගමනක් යන තරුණයො අඩු උනත් රැල්ලට නොගිහින් හැදෑරීම් තළින් තම හැකියාව වර්ධනය කරගෙන වෙනස් විදහෙ රසයක් තුළින් රසිකයින් ගොඩ නගා ගැනීම වටිනවා. නෙලුකත් ඒවගේ ගමනක් යන තරුණ ශිල්පියෙක්.'සඳත් එබේ' නමින් සිය ප්‍රථම සංගීත වීඩියෝව නිර්මානය කළ නෙලුක සමග මිරර් ආර්ට්ස් කෙටි පිළිසඳරක යෙදුනා.
ඔබේ සංගීත ජීවිතයේ ආරම්භය ගැන අපිට කියන්න නෙලුක?
"ඇත්තටම මම දැන් ඉන්නෙ ඔස්ටේරිලියාවේ අධයාපනය හදාරමින් සංගීත විෂයට අදාළ ශබ්ද තාක්ෂණවේද ඉන්ජිනේරුවකු ලෙස. මම ලංකාවෙ ඉන්නද්දි music වැඩ කළා.රෝහණ වීරසිංහ සර්ගෙයි සහ කේමදාස මාස්ටර් ගෙයි උපහාර කොන්සර්ට් දෙකක් කලා.උසස්පෙළ කරාට පසු. ඉන්පසු මම ඉන්දියාවෙ බනාරසී විශ්වවිද්‍යාලයට ගියා.එහිදී ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව vocal Degree එකක් කළා.ඉන්දියාවේ ඉන්නද්දී තමයි මේ ගීතය කළේ.
පසුව ලංකාවට ඇවිත් කොළම විශ්වවිද්‍යාලයේ මගේ යහළුවන් එක්ක එකතුවෙලා මේ ගීතය සම්පූර්ණ කළා.
කොහොමද ඔයාට මේ සංගීත රසය පිළිබඳ හැගීම ඇතිවෙන්න?
මම පොඩිකාලෙ ඉඳලා music වලට කැමතියි. අපේ ගෙදර අම්මා තාත්තා හොඳ ගීත රසිකයො. ඒ දෙන්න අහන්නේ හරවත් ගීත. පොඩිකාලෙ ඉඳලා අපිටත් ඇහුනෙ ඒවා. අමරදේව මාස්ටර්, නන්දා මාලිනීගේ, වික්ටර් රත්නායකගෙ වගේ අයගේ ගීත. අම්මා මාව දැම්ම පහ වසරෙදි නන්දා මිස් ලගට සංගීතය හාදාරන්න. මම මුලින්ම සංගීතය ඉගෙන ගත්තේ මිස්ගෙන්.පියානෝ, ගිටාර් වාදන භාණ්ඩ ත් ඉගෙන ගත්තා.
මම මුළින්ම කළේ දළදා පෙරහැර ගැන ගීතයක්. ඊට පස්සේ ගුරු වරුන් ට ගැයූ ගීතයක් . මේ මගේ තුන්වෙනි ගීතය. මෙහි මෙලඩි එකත් මමයි කළේ. මේකෙ ගීත රචනය මගේ මිත්‍ර අසාන්ත ජයරත්නගේ
රැල්ලෙන් මිදුනෙ කොහොමද?
මම හිතන්නෙ මගේ ශාස්ත්‍රිය සංගීත අධ්‍යාපනය බලපාන්න ඇති. ඇත්තටම මේ Melody එක composeකරද්දි මේ ගීතයේ අදහසට අනුව ශෘංගාර රසය එකතු කරන්න මම යෙමන් කල්යාන් ටාරට් එක මම බාවිතා කරලා western cord කිහිපයක් එකතු කරලා තියෙනවා.
අලුත් පරම්පරාවේ සුබාවිත ගීතය පිළිබඳව උනන්දු අයත් ඉන්නවා. සමහරු වෙනස් විදිහෙ ගීත තනු නිර්මාණ කරමින් පරම්පරා කිහිපයකම ආකර්ශනය දිනාගන්නාවා. ඔබත් ඒ රැල්ලට එකතුවෙමින් ඉන්නවද?
ඇත්තටම අපේ ගෙදර පරිසරය ඇතුළෙ මට සුබාවිත ගීතවල රසය විඳගන්න පරිසරය ස්වභාවයෙන්ම හැදිලා තිබුනා. අපි BMICH එකේ පොත් ප්‍රදර්ශණයට ගිහින් කැසට් පීස් ගොඩක් ගත්තා තාත්තලගෙ කාලෙ අහපුවා මටයි මල්ලිටයි අහන්න දෙන්න.අපෙ අම්මා ඒ සින්දු පිටු 400ක විතර පොතක ලිව්වා. ඒ පොත තාම තියෙනවා.මගෙ මල්ලිත් සංගීතය හදාරනවා .
ඔබගේ අධ්‍යාපනය මොනවගේ හැඩයක්ද ඔබගේ සංගීත නිර්මාණ වලට එකතු කරන්නෙ?
ඇත්තටම හොඳ Sound Quality එකක් වගේම වාදන භාණ්ඩ තනුවට අදාළව සංයෝජනය කරද්දි අපිට හොඳ රසයක් මතු කරන්න පුළුවන්. sound සම්බන්ධව මේ කරන හැදෑරීම තුළින් ගී තනුවක් නියම විදිහට රසවිඳින්න රසිකයාට අවස්ථාව සළසා දෙන්න පුළවන්.
මගෙ බලාපොරොත්තුව තියෙන්න ඉගෙන ගත්ත ශාස්ත්‍රීය සංගීතයත් මේ සවුන්ඩ් ටෙක්නීක්සුත් හරි විදහට බාවිතා කරලා සංගීත නිර්මාණ කරන ස්ටුඩියො එකක් කරන්න.
නෙලුක විසින් තනු නිර්මානය කරමින් ගායනා කරන නවතම ගීතය සාර්ථක කරගන්න සහාය දුන්න හැම කෙනාටම බොහෝ සේ ස්තුතිවන්ත වන බවත් මිරර්ආර්ට් පිළිසඳරෙදි කිව්වා.
අලුත් තරුණයන්ගෙ මේ හැදෑරීම වැදගත්. රියැලටි තරගවළින් හතු පිපෙන්නා වාගේ බිහිවන තරු අතර මෙවන් තරුණයන් හෙට දවසේ සංගීත රසිකයින් වෙනුවෙන් යහපත් දේ කරනු නිසැකයි.
මනෝහාරි