අම්මෙකුයි දරුවෙකුයි කියන්නේ තමන්ගෙම ශරීරවල ගිල්වුනු සාන්ද්‍රණ, ලේ, හුස්ම, ඇට, මස්, මිදුළු..හැම අම්මා කෙනෙකුටම තමන්ගෙ කුසින් බිහි කරන දරුවන් ගැන ආදරයක් අධ්‍යාත්මික භාවයන් නැති වෙන්න පුළුවන්. ඒ දුෂ්ට කම නිසා කියලා අනිත් අයට කියන්න පුළුවන්. ඒත් ඒ හැම ගැහැනියකටම හේතුවක් තියෙනවා. තමන්ගෙ ගර්භය තුළ සිටින දරුවටත්, තමන්ටත් සමාජයේ ආරක්ෂාව, ආදරය, මෙන්ම අයිතිය අහිමි වෙනකොට.
සමිතා එරන්දතී මුදුන්කොටුව, කවින්ද්‍යා අධිකාරී පසුගිය නොවැම්බර් 23 වෙනිදා ලෙය සහ ලය සංගීත වැඩ සටහනින් මවක සිත තුළ තම ලෙයින් උපන් දරුවන් පිළිබඳ ඇති අතිශය සංවේදී හැගීම ප්‍රකාශ කළා.
ඒක පටන් ගත්තේ සඳ තරු මල් ගීතය ජයන්ත චන්ද්‍රසිරි ගායනා කරන්න කියලා සමිතගෙන් කරපු ඉල්ලීමත් එක්ක. ඒ ගීතය ගයන්න පෙර සමිතා ඒ ගැන අතීත කතාව කිව්වා.
"මේ ගීතය ගායනා කළේ 1996 වසරෙදි. මට මගේ දරුවා ලැබෙන්න ඉන්නවා. අපි දන්නෙ නැහැ දුවෙක්ද පුතෙක් ද ලැබෙන්නෙ කියලා.
මමත්, අතුලත් රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවො ළගට ගිහින් ඉල්ලීමක් කළා අපිට සින්දුවක් ලියලා දෙන්න අපේ මේ ලැබෙන්න ඉන්න දරුවා වෙනුවෙන් කියලා.සිද්ධාර්ථ හාමුදරුවො මේ ගීතය ලියලා තිබුනෙ දුවෙක් වෙනුවෙන්. දුවෙක්ද පුතෙක් ද කියලා දන්නෙ නැතුව ලැබුනු ගීතය හුගක් ලොකු වටිනාකමක් තිබුනා. රෝහණ අයියා ඇඩෙන තරමට සංගීත අධ්යක්ෂණ කටයුතුත් කරලා දුන්නා."
සඳ තරුමල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගෙ දෝණිට අපි දෙන්නාගේ
සමිතා ඉතාම හැගුම්බරව මේ කොටස ගායනා කරද්දි කවින්ද්‍යා ගේ ඇස්වල කඳුළු දිලිසුනා.
ජයන්ත චන්ද්‍රසිරි සමිතගෙන් ඇගේ දියණිය ගැන ඒ වෙලාවෙ අහද්දි...සමිතා පිළිතුරු දීගන්න බැරිවුනේ ඇයගේ කඳුළු මෙන්ම ඉකියද ඇය නවතාගන්න ගත්ත ආයාසය නිසා.
"මේ ලෝකෙන් මම අමාරුවෙ වැටෙන ප්‍රශ්නෙ තමයි මගෙ දරුවො දෙන්න ගැන කතාකරන එක.මට ඔිනෙම දේකට උත්තර දෙන්න පුළුවන්. ඒත් මගේ ලොකුම දුර්වල කම තමයි මගේ දරුවො දෙන්නා.වෙන කිසිමදේකට මම සැලෙන්නෙ නැහැ....මගේ දරුවො දෙන්නා තමයි අන්තිමට මගේ ලෝකය වුනේ.
දුව ලැබුනේ 1996 වසරෙදි. ඒ අවස්ථාව මට අදටත් මතකයි. දුව ලැබෙන්න ඉන්න කොට පැය ගානක ඔපරේෂන් එකක් කළා. මොකද දුවගෙ බෙල්ලේ කෝර්ඩ් එක එතිලා තිබුනා.ඉතින් මම හිටියෙ අසිහියෙන් වගේ. ඒ උනත් මට ඇහුනා ඉමර්ජන්සි සිසේරියන් කියලා.ඉතින් ඒ වෙලාවෙ මගෙන් ඇහුවා අම්ම ද බේරගන්නේ? දරුවද බේරගන්නෙ? කියලා. මට ඒවෙලාවෙ එකපාරටම මතක් වුනේ මම ජීවත්වුනත් නැතත් මට කමක් නැහැ දරුවා ඉපැදුනාට පස්සෙ කියලා.
සමිතා ඉතාම සංවේදීව ඒ අවස්ථාව ගැන කියනකොට කවින්ධ්‍යා කඳුළු පිසදමමින් ජයන්ත අයියා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පටන් ගත්තා
පුතේ අම්මා ගැන මොකද කියන්නේ ?
අම්මා කිව්වා මමයි මල්ලියි අම්මගෙ ලොකුම වීක්නස් එක කියලා. මට මගේ අම්මා තමයි ලොකුම වීක්නස් එක. තනි මවක් විදිහට අද වෙනකම් මාවයි මල්ලිවයි පුදුම ලස්සනකට ... කව්රුහරි කියනවනම් සමිතගෙ දුව හරිම ලස්සනයි ,සමිතගෙ පුතා හරිම ලස්සනයි කියලා ඒ මෙන්න මෙයාට පින්සිද්ධවෙන්න.මගේ ජීවිතේ මෙතෙක් වෙලා තියෙන හැම මයිල්ස්ටෝන් එකක්ම මම ජය අරගත්තේ, ඒ ශක්තිය මට ලැබෙන්නේ මගේ දෙවියන් වගේ ඉන්න මගේ අම්මාගෙන්.මම ගොඩක් සතුටුයි දියණියක් විදිහට මේ වගේ අම්මා කෙනෙක් ලබන්න.මොකද ඇය මවකට එහාගිය කෙනෙක් .අම්මා මගේ හොඳම යාළුවා, වෙලාවකට මගේ සහෝදරී.මගේ ජීවිතේ වෙන හැම දෙයක්ම කියන්නේ මගෙ අම්මට ඉදිිරීයෙදිත් එහෙමයි ඒක් වෙනස් වෙන්නේ නැහැ කවදාවත්.ඉතින් මට ගොඩක් සතටුුයි.ගොඩක් ආඩම්බරයි".
"ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා මම වැඩ සටහන් වලට ඇවිල්ලා, හිනාවෙලා, මූණදීලා, ගීත ගායනයෙත් නිරත වෙලා, මගෙ දරුවො දෙන්නගෙ වැඩ මම තනියම කරලා, මගේ අම්මා -තාත්තව මම බලාගෙන, ගෙදර වැඩ තනියෙම බලාගෙන ඒක හරි අමාරුයි . ඒ වුනාට මගේ හිතේ ශක්තිය තියාගෙන, අමාරු නැහැ කියලා මමම හිතාගෙන තමයි ඉදිරියට ආවේ, මම හිතනවා මට ජීවිත කාලෙම ඉදිරියට යන්න පුළුවන් කියලා මේ හැම කෙනාම බලාගෙන."
"අපේ ස්ත්‍රී සංහතියටම ඔබ ආදර්ශයක් දුන්නා. පාඩමක් දුන්නා." ජයන්ත අයියා කදුළු පිරි දෙනෙතින් හුන් සමිතට ශක්තියක් වෙමින් පැවසුවා.
වේදිකාව මත හෝ රූපවාහිනී කැමරාවක් ඉදිරියට පැමිණ පේ්රක්ෂකයන්, රසිකයින් පිනවන මේ මනුස්ස ජීවිත ඇතුළෙ ඇති වේදනාවන්, දරාගැනීම්, මානසික පීඩාවන් පිළිබඳ ඒ කිසිකෙනෙක් දන්නෙ නැහැ. එහෙම දේවල් ඇතියි කියලා හිතන්නේ නැහැ.
නමුත් රසිකයින්ට වින්දනයක් ලබාදෙන කලාකරුවන් යනුත් මනුෂ්‍යයන්ම බව දුක, පීඩාව, සංතාපය, විරහව, ප්‍රශ්න ඇති කියලා හිතන්න පුළුවන්නම් .... ඒක මනුස්සකමක්.
මනෝහාරී