HEසගරාව ට වසරක් පිරීම නිමිත්තේන් කොලඹ හිල්ටන් හෝටලයේ පැවති සංවාදාත්මක වර්ෂපූර්ණය සමාජයේ මේ වනවිට සාකච්ජාවට ලක්ව පවතින දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධව සහ දෙවසරක යහපාලනය සහ එහි හෙට දවස යනුවෙන් සාකච්ජාවක් පැවැත්වීය.මේ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සිරිමල් අබේරත්න,අචාර්ය දයාන් ජයතිලක සහ වික්ටර් අයිවන් සහ ඉමිටියාස් බාකීර් මාකර් වෙනුවට හදිසි කැඳවීමකින් පැමිණ සිටියේ සුරේන් රාගවන්ය.
මෙම සාකච්ජාව ට පේ්රක්ෂකාගාරයේ හුන් දීප්ති කුමාර ගුණරත්න, මරික්කාර් ,සනත් ගුණතිලක, චන්ද්‍රගුප්ත තේනුවර, කැළුම් පාලිත මහීරත්න, මුසම්මිල්, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් ද සම්බන්ධ විය. මෙහිදී යහපාලනය, ප්රජාතන්ත්රවාදය, ව්‍යවස්ථා සංශෝ්ධණය, ගෝලීය ආර්ථිකය, ජාත්‍යන්තරයේ ශ්‍රීලංකා අනන්‍යතාව ,දේශීය ආර්ථිකය සවිබල ගැන්වීම, කලාව, සංස්කෘතිය, තරුණයන්ගේ ගැටළු ආදී වශයෙන් විවිධ විෂය මාතෘකා පිළිබඳ විද්වත් සාකච්ජාවක් පැවැත්විනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පේ්රක්ෂකාගාරයේ අසුන් ගෙන සිටියේ ආරාධිතයෙකු ලෙසිනි. ඔහු සාකච්ජාවට සවන් දුන්නා පමණි.
නව දේශපාලන සහ මාධ්‍ය සංස්කෘතියක ලක්ෂණ එහි විය.රටක, සමාජය තුළ මාධ්‍ය හැසිරවීම අද වනවිට බඩගෝස්තරවාදී වී ඇති මොහොතක මේ වර්ෂපූර්ණයක් සමරණ සගරාවක් විසින් කරණු ලැබූ මෙම විද්වත් හමුව මාධ්‍ය ආයතන විසින් කළ යුතු වැදගත් දෙයක් බව සඳහන් කළයුතුය.
මෙවන් අර්ථවත් අලුත් හැඩයක් එක් ඉසව්වක ආරම්භ වූ මොහොතක එහි සිටි කලාවට සම්බන්ධ විද්වතුන් සමාජයේ පොදු ජනතාව සහ සමාජීය සංස්කෘතික කාරණා පිළිබඳ සිය අදහස් දැක්වූයේ පුද්ගලවාදී දේශපාලන උවමනාවන් මත පදනම්ව නොවේ.
එහෙත් මේ රටේ සිටන කලාකරුවන් යැයි පවසන තවත් පිරිසක් වැලිකඩ සිර ගෙදර සිරගතකොට ඇති විමල් වීරවංශ ගේ සුවදුක් බැලීමට ගොස් එයට අවසරයක් නොලැබ සිය ආවේගශීලි අදහස් මාධ්‍ය වෙත දක්වනු ලැබුයේ මේ ආකාරයෙනි.
සුදත් රෝහණ -"අපි මේ හඩ නගන්නේ වැරදි කරුවො හිරේ දාන්න එපා කියලා නෙමේ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා නෙමේ.නමුත් මේ මොහොතේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද?නීතියේ ස්වාධීනත්වයක් අපි දකිනවද?මේක තුළ තියෙන්නේ දේශපාලන දඩයමක්.සැළසුම් සහගතව හිරගත කිරීමේ සැළසුමක් තියෙනවා කියලා පේනවා.එජාපයේ ඇමතිවරුන්ම මන්ත්රීවරුන්ම කියනවා වාහන අවබාවිතාව පිළිබඳ හිරේදානවනම් රජයෙන් බාගෙට වඩා වැඩි පිරිසක් හිරේ දාන්න ඔිනෙ කියලා.ඔවුන්ම පිලිගන්නවා මේක වැරදි ක්‍රියාවක් කියලා.රට ජාතිය වෙනුවෙන් හැගීමෙන් ඉදිරිපත්වෙන මෙවැනි කොන්දක් කෙලින් තියාගෙන මහපොළව මත ඉන්න විමල් වීරවංශ සහෝදරයා වගේ අයව හිරගත කරන්නේ කටවහන්නගඒ නිසා මම හිතනවා මේ යමපාලන ආණ්ඩුව එහෙම නැතිනම් යහපාලන ආණ්ඩුව කරන මේ ක්‍රියාදාමයට මම හිතනවා වැඩිකල් ආයුෂ නැහැ. කලාකරුවන් විශාල ප්‍රමාණයක් ආවාගකලාකරුවො කියන්නේ ජාතියේ පෙර ගමන් කරුවො.ඔවුන්ට අද බලන්න යන්න දුන්නෙ නැහැ විමල් සහෝදරයව.අද ඉතාම අමානුෂීය විදිහට ගෙන යන මේ පාලනයට කලාකරුවො විදිහට අපට කියන්න තියෙන්නෙ ආයුෂ කෙටියි.මේ නිසා අපිට කියන්න තියෙන්නේ මේ වගේ විජාතික බලවේග ක්‍රියාත්මක කරන මෙවන් කාලයක රට ජාතිය ගැන හිතන නායකයින් හිරබත් කරලා මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ලැබන්නෙ නැහැ. මොකද මේ මොහොතේ ව්‍යවස්ථාවක් ගේන්න හදනවා ඒකට විමල් වීරවංශ සහෝදරයා කොන්ද පණ තියාගෙන කෙළින් කතා කරනවා.ඒ වගේ කතාකරන අයව නිහඩ කරන්න මේ ආණ්ඩුව කරගෙන යන මේ නිහීන ක්‍රියාවට අපි කලාකරුවො ලෙසින් අපි හෙලා දකිනවා."
සුදත් රෝහන කලාකරුවන් නියෝජනය කරමින් මාධ්‍ය හමුවේ ඒ කරන ලද ප්‍රකාශ විමල් වීරවංශ නම් වූ දේශපාන චරිතයක් වෙනුවෙන් පමණක් නගන හඩකි. මන්ද විමල් වීරවංශට ඇති බොහෝ චෝදනා අත ඔහුව අත් අඩංගුවට පත්ව සිටින්නේ නීත්‍යානු කූලවය. සුදත් ලා එය කලා කරුවන් ලෙස පෙනී සිටිමින් මේ රටේ දූෂනය සහවිවධ අක්‍රමිකතා වෙනත් විදිහකට සාධාරණී කරණය කරයි. කලාකරුවෙකුගේ වර්තමාන කාර්්‍ය භාරය විය යුත්තේ කුමක්ද?ඔහුම පවසන විට කලාකරුවන් පෙරගමන් කරුවන්නම් මේ අවස්ථාවේ සුදත් රෝහණ කතාකළයුත්තේ විමල් වීරවංශ සිරගත කළ තනි පුද්ගල අසාධාරණයක් පිළිබඳව පමණද?
මේ රටේ කලාකරුවන් ට රටේ ජනතාව පිළිබඳ ඇති අවබෝධය හා හැගීම කුමක්ද?මේ රටේ වර්තමාන දේශපාලන ක්‍රමය සහ ආර්ථික රටාව පිළිබඳ ඇති උවමනාව සහ අවබෝධය කුමක්ද?පක්ෂ විපක්ෂ දේශපාලන බල ලෝභී තරගයක අක්මුල් නැති ශරීර සේ එහාටත් මෙහාටත් විසිවෙමින් පුද්ගලවාදී දේශපාලකයන්ගේ පරාජිත ජරාජීර්ණ දේශපාලන මතවාද සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටිමින් ඒවා සාධාරණීය කරණය කිරීම කලාකරුවෙකුගේ සමාජ වගකීමක් වේද? කලාකරුවෙකුගේ යුගයේ කාර්්‍යභාරය විය යුත්තේ මෙවැනි දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටීමම නම් මෙවැනි කලාකරුවන් වසරකට එක් දිනක් හෝ බන්ධනාගාර ගතව සිටින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එක විනාඩියක කාලයක් ඔවුන් වෙනුවෙන් වැය කරන්නට සූදානම් නැත්තේ ඇයි?
කලාකරුවන් අද බඩගෝස්තරවාදී දේශපාලන අතකොළු බවට පත්ව ඇති අරුමය මේ ප්‍රකාශ තුළින් විමසා බැලිය හැකිය. සුදත්ට අනුව විමල් වීරවංශ පොළවේ පය ගසා කොන්ද කෙළින් තබා සිටින ජාති ය වෙනුවෙන් රට වෙනුවෙන් හඩ නගන යුග පුරුෂයෙක් බඳුය. විමල් වීරවංශගේ දේශපාලනය පිලිබඳ මේ රටේ බොහෝ දෙනා ඉතා මැනවින් දනී. දේශපාලකයෙකුට ජාතිවාදියෙකු ආගම් වාදියෙකු විය හැකිය.ඒ තමපැවැත්ම තීරණය කරන ජනතාවගේ ජන්දය ඉලක්ක කර ගනිමිනි. එහෙත් සැබැ කලාකරුවෙකු යනු මානවහිතවාදී පුද්ගලයෙකු මිසක ජාතිවාදියෙකු, ආගම්වාදියෙකු, වර්ණබේධවාදියෙකු විය නොහැකිය. කලාකරුවකු විශ්වීය මිනිසෙකි.කලාකරුවෝ පෙර ගමන් කරුවෝනම් මේ ප්‍රකාශ මගින් සුදත් ලා පෙනී සිටිමින් අනියමාර්ථයෙන් පවසන්නේ, අප කලාකරුවන්ය.ඒ නිසා අප පෙර ගමන් කරුවන්ය. මේ දේශපාලන සිරකරුවා යනු අසාධාරණ ලෙස සිරගත කළ අයෙකි. මොහු කිසිඳු වංචාවක් අවබාවිතාවක් සිදු කර නොමැත. ඥාති සංග්‍රහ කිරීම ඇතුළු එල්ල කර ඇති චෝදනා වලට මොහු වැරදි කරු නොවේ. මේ දේශපාලන පළිගැනීම් සහ මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින කතාකරන මේ උදාර පුද්ගලයාගේ කට වසා නිහඩ කරවීමේ අරමුනින් කරන ලද්දකි.මේ ක්‍රියාත්මක වන්නේ නීතියද? යන්නද?
සුදත් ට අනුව මේ ආණ්ඩුවට ආයුෂ කෙටිය.
සුදත් ලා නියෝජනය කරණ පාර්ශවය මෙහෙයවන්නේ වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් විය හැකිය.මාධ්‍යවේදීන්, ශිෂ්‍ය නායකයින්, සමාජ ක්‍රියාධරයින්, කලාකරුවන්, සිවිල් වැසියන් අතුරුදහන් වනවිට, සුදුවෑන් වලින් උස්සාගෙන යනවිට, මාධ්‍ය ආයතනවලට ගිනි තබන විට, වතුර ඉල්ලා සිටි ගම්වාසීන්ට වෙඩි තබා මරණ විට, රට පතුළ ප්රජාතන්ත්රවාදය ඒකාධීපතීත්වය කරා යන ගමනක, ස්තී‍්‍ර දූෂන වනවිට, ළමා අපචාර සිදුවන විට, විදේශීය තරුණියන් කෙළසා මරා දමන විට මෙන්ම මේ රටේ දූෂණය, භීෂණය ,හොරකම, අල්ලස ආදි සකල ව්‍යාදි සිදුවන විට මේ දේශපාලකයන් වෙනුවෙන් හඩ නගන කලාකරුවෝ පෙර ගමන් කරුවන් වී මේ පිළිබඳව කතා කළාද?මේ වෙනුවෙන් හඩ නැගුවාද?කලාකරුවන් පෙර ගමන් කරුවන් වූවානම් මේ රටේ ජනතාව මේ නරුම දේශපාලනයෙන්, ආර්ථික පීඩාවලින්, අසාධාරණකම් වලින් මේ තරම් බැට කන්නේ නැත. සුදත් ලා නියෝජනය කරණ දේශපාලන ය තුළ ඔවුන් දිනාගත්තේ මොනවාද?තම තම පුද්ගලික උවමනාකම් වෙනුවෙන් බොහෝ දේ ලබාගත්තද පොදුවේ ලබාගත් ජයග්රහන මොනවාද?
HEසගරාව වර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධානය කර තිබූ විද්වත් සාකච්ජා හමුවක් මෙන් කලාකරුවන් වෙනුවෙන් මෙවැනි හමු දහසක් වත් සංවිධානය කොට කලාකරුවා ගේ සාමජ කාර්යබාරය පිලිබඳ නිවැරදි දැක්මක් ඇති කළයුතුව ඇතැයි සිතේ. මන්ද මේ පටු අරමුණු වළින් බැහැරව පොදු මිනිස් ජනතාව වෙනුවෙන් අනාගතයට සකස්විය යුතු නව සංස්කෘතික කියැවීමක්, සැකැස්මක් සාධාරණත්වයක් මේ සමාජය තුළ ගොඩ නැගිය යුතු නිසාවෙනි. මේ කොටස, මේ කැල්ල, මේ අවස්ථාව, මේ යුගය, මේ නායකයා ,මේ දේශපලකයා, මේ පාට, මේ ආගම, මේ ජාතිය, මේ ආණ්ඩුව ආදී වශයෙන් කොටස් කර විකුණන සියල්ල වෙනුවට කලා කරුවාට වෙනස් වූ මානව හිතවාදී දර්ශණයක් තිබිය යුතුය. එවිට කලාකරුවාට නිසි පෙරගමන් කරුවකු විය හැකිය. මේ මොහොත වනවිට මේ රටේ කලාකරුවා යනු එක් එක් කොටස් වල බෙදී සිටිමින් තමන් තමන් වෙන් කරගත් කොටස් වල සුදු හුණු ගානා පිට කසනා පිරිසක් පමණි.
සාරා සමරසේකර