මාර්ටින් ලූතර් කිං (Jr) ගේ දියණිය වන Rev. Bernice King ගේ විශ්වාසය වී තිබෙන්නේ යම් හෙයකින් නූතන ඇමරිකාව තුළ පවතින වර්ගවාදය පිළිබඳ ඔහුට නැවතත් විමසා බැලීමට අවස්ථාව උදාවූයේ නම් ඔහු කිසිලෙසකින්වත් සිය කම්පාව හෝ විමතිය නොපෙන්වනු ඇති බවයි. මාර්ටින් ලූතර් කිං දිනය පසුගිය සඳුදා දින (ජනවාරි 16) සැමරුණු අතර ඊට එක්වෙමින් ඇය මේ අදහස් පැවසුවාය.
‘වර්ගවාදයේ ශේෂයන් මුලිනුපුටා දමා ඇමරිකානු ජනතාව ජාතියක් ලෙසින් එක්ව ගමනක් යන්නට ඔහු උනන්දු කළ ද ඊට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් පමණක් ඔහු කණගාටුවට පත්වේවි.‘ මාර්ටින් ලූතර් කිං දිනය සැමරීමට එක්වෙමින් The Huffington Post වෙබ් අඩවියට අදහස් දැක්වූ ඇය මේ බව ප්‍රකාශ කළාය.
කොන්දේසි විරහිතව ආදරය හා කරුණාව දක්වමින් වර්ගවාදය තුරන් කළහැකි බව පැවසීම ඔහු විසින් ඉදිරිපත් කළ නුසුදුසු නියමයක් වුවද එය කළහැකි ඔහුගේ බලාපොරොත්තුව වූවේය. මාර්ටින් ලූතර් කිං දිනය පසුගිය සඳුදා දින (ජනවාරි 16) මාර්ටින් ලූතර් කිං දිනය සැමරීමට එක්වීමත් සමග වර්ගවාදයේ ආරම්භය සනිටුහන් කරන දේශපාලන යුගයකට පිවිසී සිටියි. එවැනි පසුබිමක ඇගේ පියා විසින් ප්‍රකාශ කළ සමානාත්මතාවය සමස්ත ඇමරිකානුවන්ටම හිමිකරගැනීමට සිදුවනු ඇති බව ඇගේ අදහසයි.
‘ආදරය අති ප්රමුඛත්වයෙහිලා සලකන මගේ පියා අවිහිංසාවේ දර්ශනය අපට කියාදුන්නා. අපේ සතුරන්ව මිතුරන්ව බවට පත්කරගත හැක්කේ ඒ ආදරයෙන්මයි. ආදරයෙන් මහානුභාවසම්පන්න පරිසරයක් නිර්මාණය කරන්නට පුළුවන්‘
1960 දී කිං සිවිල් අයිතීන් වෙනුවෙන් සිය හඬ අවදි කළේය, එහිදී සමානාත්මතාවය හිමිකරගැනීමට හා අසාධාරණය මුලිනුපුටා දැමීමට නිර්දය ලෙස සටන් කිරීම පිළිබඳ නොසැලෙන සුළු විශ්වාසය තබාගැනීම පිළිබඳ ඔහු පැහැදිලි කළේය. වර්ගවාදය පිළිබඳ පැතිරී යන තරහව නවතාලීමට අසමසම ධෛර්යයක් වුවමනා බව පවසන ඔහු ආදරය හා එක්සත් බව ද අත්‍යවශ්‍ය බවද පැවසුවේය. ඔහුගේ සෑම දේශනයක්ම සැමවිටම සාමාන්‍ය මිනිසුන් අතරට නොගිය අතර සුදු මිනිසුන්ගෙන් කළු ජාතිකයින්ට අසාධාරණයන් සිදුවූ පසුබිමක කිං සහ සිවිල් අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු අනෙක් සියලුදෙනාම සිය ජීවිත පවා දැවැන්ත අවදානමක තබා මේ සමාජ අසාධාරණය නැතිකර දැමීමට ක්‍රියාකළහ.
මෙහි ප්‍රතිඵලයක් ලෙසින්ම මාර්ටින් ලූතර් කිං (කණිටු) 1968 අප්‍රේල් 4 වැනිදා ඝාතනයට ලක්වූවේය. ඒ වනවිට කිං ගේ වයස අවුරුදු 5 ක් විය. එසේවුවත්, ආදරය පැතිරවීමේ පණිවිඩය නිසාම ඔහුට තවත් බොහෝ කාලයක් දිවිගෙවන්නට හැකිවූවේය
Bernice King කිංගේ බාල දියණිය වන අතර ඇය Atlanta හි ඇමතිවරියකි. මාර්ටින් ලූතර් කිං දිනයට එක්වෙමින් සිය පියාගේ අද්විතීය උරුමය පිළිබඳ යළි සිහිපත් කිරීමට හැකිවීම ඇයගේ සුවිශේෂී භාග්‍යයක් බව දක්වන අතර මෙලෙස සැමරිය යුතු එකම පුද්ගලයා ඔහු නොවන බවද දක්වන්නීය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති වරම හා ඔහුගේ ක්‍රියාකලාපයත් සමග ඇමරිකාව තුළ නැවතත් ජාතිවාදයට හිස එසවීමේ අවකාශ ලැබී ඇත. සිය පියා දුටු සමානාත්මතාවයේ සිහිනය ලුහුබැඳයන ලෙස සමස්ත ඇමරිකානුවන්ට ඇය ආරාධනා කර සිටියාය. ඒ සිහිනය සැබෑකරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරගන්නට ද ඇය ආරාධනා කර සිටියාය.
‘අපි මේ වෑයම් කරන්නේ මිනිස්සුන්ව පරාද කරන්නටවත් විනාශකර දමන්නටවත් නොව අපේ පොදු බව අවබෝධ කරගන්නට හා අපව වෙන්කරන අසාධාරණය අතුගා දැමීමටයි. මාර්ටින් ලූතර් කිං දිනයේ අරමුණ වන්නේ එයයි. ඒක මට විතරක් සමරන්න තියෙන දෙයක් නොවෙයි. එය ජීවිත කාලයක්, ජීවන ශෛලියක් ‘ යන්න ඇය පැවසුවාය.
වෛරය හා ආධිපත්‍යය තුළ සමාජය බෙදා තිබූ යුගයක මාර්ටින් ලූතර් කිං එක්සත් බව හා ආදරය ගැන දේශනා කළේය. එකිනෙකාට උදව් කිරීම හා සියලුම මිනිස්සු අනෙකාට උදව් කිරීම තුළින් මිනිස් සිත් සතන් සුවපත් කිරීමට ඔහු මිනිස්සුන්ව පෙළඹවූවේය.
‘අසීමාන්තික ආදරය හා පිළිවෙල යන කරුණු වලට අමතරව ඔහු කියාදුන් අනෙක් වැදගත්ම පණිවිඩය වන්නේ සාමයෙන්, සමාදානයෙන් සහෝදර බැඳීමෙන් යුතුව හා ගෝලීය ලොව තුළ ජීවත්වීමට මඟක් සොයාගැනීමයි. මේ තුළ දැවැන්ත නිහතමානීත්වය, ධෛර්යය, එකිනෙකා තේරුම්ගැනීම මෙන්ම ආදරය හා සමාවදීම ද අතිශයින් වැදගත් වනවා. මේවා දෛනික මගේ හදවතට සමීපයෙන් පවතින අතර මා ඇතිදැඩි වුණේ ද මෙවැනි පරිසරයක් තුළයි. අපේ අපේක්ෂාවන් ඉක්මවා ගොස් අප සියලුදෙනාම ඇප කැප විය යුතුයි.‘
මේ සියලුම දෑ අන් කවරදාටත් වැඩියෙන් සිහියේ තබාගත යුතු වැදගත් පාඩම් වෙයි. ඇමරිකාව අන් කවරකලකටත් වැඩියෙන් වර්ගවාදයෙන් දැඩි ලෙස බෙදීමට ලක්වී ඇත. ජීවිතයේ සියලු පැතිකඩ තුළ දැවැන්ත විෂමතාවන් පවතින අතර මීළගට පැමිණෙන පාලකයා ද ඒ විෂමතාවන් තවත් දෙගුණ තෙගුණ කිරීමට කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම වර්ණය යන ක්ෂේත්රය මෙහිදී දැඩි සැලකිල්ලට ලක්වනු ඇත. අප දේශපාලන භූ දර්ශනය තුළින් බිහිවන විභේදවාදී හා වෛරී වාගාලංකාරයන් හරහා මේ තත්ත්වය තවත් උග්‍ර කෙරුණු ඇත. ඉදිරියේදී ඇමරිකානුවන්ට මුහුණදීමට සිදුව තිබෙන කරුණු පිළිබඳ තව තවත් පැහැදිලි කිරීමට කාලය නාස්ති කරනු වෙනුවට ඒ පිළිබඳ මනා අවධානයෙන් සිටීම වැදගත් අතර කිසිවිටෙකත් ඊට බිය විය යුතු නැත. ඒ සියල්ල හමුවේ ඇය අවධාරණය කර සිටින්නේ ඇමරිකාව තව තවත් දරුණු මට්ටමකට පැමිණෙනු ඇති බවයි.
‘මගේ විශ්වාසයන් නිසාවෙන්ම මට බියවන්නට බැහැ. මිනිස්සු විදියට අපි බොහෝ බියජනක අත්දැකීම් වලට මුහුණදීලා තියෙනවා. මගේ පියා ඇතුළු පිරිස නොබියව කතාබහ කරන කාලයේදී ඔවුන්ට ඡන්ද අයිතිය වත් තිබ්බේ නෑ. කළු මිනිස්සු විදියට ඔවුන් කරළියට එද්දී නඩු නැතිව දඬුවම් විඳින්නට පවා ඒ හැමෝටම සිද්ධ වුණා.‘
වර්ගවාදී ගැටළු කතාබහට ලක්කරන Black Lives Matter වැනි සමාජ සංවිධානයන්ට ඇය සිය ස්තුතිය පුදකළාය.
‘Black Lives Matter සංවිධානයෙන් කරන සද්කාර්යයන් වෙනුවෙන් දිරිය ශක්තිය ලැබෙන්නැයි කියලා මා දෙවියන්ට ස්තුති කරනවා. වර්ගවාදී අදහස් නැවතත් මතුවෙන බව අපි දකිනවා. හැබැයි, මගේ තාත්තාගේ යුගයේදී සුදු මිනිස්සුන්ට තිබුණු අයිතීන් එලෙසින්ම ලබාගන්නට අවශ්‍ය තරම් දරුණු පරිසරයක් මේ යුගයේදී නැහැ. සුදු මිනිස්සුන්ගේ ඉතිහාසය තුළ ඔවුන්ගේ අයිතීන් කවදාවත් අහිමි වුණු බව දැකගන්නට බැහැ‘
ජාතිකත්ව සමානාත්මතාවය ඇතිකිරීමට සුදු හා කළු ඇමරිකානුවන් යන දෙපාර්ශ්වයේම සහයෝගය අත්‍යවශ්‍ය වේ. නමුත්, සුදු ජාතිකයින් තුළ පවතින මුරණ්ඩු ආකල්ප මේ හොඳහිත බිඳදැමීමට හේතුවේ. මේ පිළිබඳ කිං පළකළේ මෙවැනි අදහසකි. ‘සුදු හා කළු ඇමරිකානුවන් අතර හොඳහිත ඇතිකිරීමේ වගකීම ඔබ වෙත පැවරිලා තියෙනවා. මෙහිදී ඔබේ සුදු සහෝදර සහෝදරියන් තුළ ද මේ සහෝදරත්වයේ හැඟීම් ජනිත කිරීමට ඉඩ ලබාදිය යුත්තේ ඔබමයි.‘
මෙහිදී කළු ජාතිකයින් නියෝජනය කරන සමාජ ක්‍රියාකාරීන්ට උපදෙස් ලබාදීමට ද ඇය අමතක නොකළාය. ‘ඔබ විශ්ව ව්යාප්තවාදීව හා සාකල්‍යව කටයුතු කළයුතුයි. මීළග අවුරුදු හතරේදී . මා කියන්නේ ඔබ නිහඬව සිටිය යුතු බව නොවෙයි. මම මාර්ටින් ලූතර් කිංගේ දුව. ඒත්, මේ හැමදෙයක් පසුපසම තිබෙන නොපෙනෙන රූපය ගැන හිතන්න. අපි බාධා කළයුත්තේ කුමකටදැයි යන්න ගැන සිහිනුවණින් යුතුව කටයුතු කළයුතුයි. අපි විරුද්ධකම්පාන්න ඕන කොහොමද ? හා කොයිවෙලාවෙද ? යන්න ගැන මනාව දැනුවත් වී සිටිය යුතුයි‘
‘ඇත්තටම අපිට සාර්ථක වෙන්න ඕනද ? නැත්නම් අපිට ඕන නිකං හඬ නගන්න විතරද ? නැත්නම් මොකක්හරි වාර්තාවක් තියන්න විතරද ?. අවංකවම කිව්වොත් මට දැන් වාර්තා තියලා ඇතිවෙලා. සැබෑ පරිවර්තනයක්, වෙනසක් දකින්න මාත් සූදානම්‘
පරිවර්ථනය වින්ද්‍යා ගම්ලත්