එච්.එම් ජයවර්ධන සංගීත වේදියා සම්බන්ධව ෆේස්බුක් හා වෙබ් පුවත් තුළින් ප්‍රකාශ වෙන කාරනා විවිධයි. එම අදහස් ප්‍රකාශ කරන්නන් මේ නිදහස් අවකාශය බාවිතා කරන්නේ මෙම කලාකරුවා සහ ඔහුගේ පවුලේ පිරිස් අපහසුතාවයන්ට පත් කරමින්.
කෙනෙකු රෝගී විය හැකියි. මනුෂ්‍යයන් ලෙස එලෙස වීම සමාන්‍යයි. එච්.එම් ජයවර්ධන රෝගීවීම මේ අදහස් ප්‍රකාශ කරන්නවුන්ට වැඩියෙන් දැනෙන්න පටන් අරගෙන ඇත්තේ ඔහු මේ රටේ අව්‍යාජ සංගීතඥයෙකු නිසා .
නමුත් මුහුණුපොතෙහි සටහන් තබා ඇති සමහර අය තුළ ඇත්තේ මේ සංගීතවේදියා පිළිබඳ දැණුමකට හෝ ආදරයකට වඩා සිත්හි ඇති යම් ද්වේශ සහගත ප්රකාශනයන්.
කෙසේවුවත් මේ මොහොතේ එච්. එම්. ජයවර්ධන නම්වූ සංගීතවේදියා පිළිබඳව ඔහුගේ රසිකයින් මිත්‍රයන් මෙන්ම පවුලේ අයද මැදිහත්ව කටයුතු කරණ බව සඳහන් කළ යුතුයි. කසුන් කල්හාර සිය පියා වෙනුවෙන් මෙන්ම ඥාතීන් වෙනුවෙන්ද සිය යුතුකම් ඉෂ්ට කරනු ලබන බව ඔහුව සමීපයෙන් දන්නෝ දනිති.
කසුන්ලා දවසගානේ සංගීත ප්‍රසංගවලට යන වේදිකාවල ගී ගයමින් මුදල් උපයන්නන් නොවන අතර මාසික වැටුප් හෝ දිරි දීමනා රහිත තම සංගීත ඥාන රසයෙන් මුදල් උපයාගෙන යළිත් අවස්ථාවක් ලැබෙනතුරු ඒ මුදල් තම දරුවන් පවුලේ අය ඥාතීන් වෙනුවෙන් වියදම් කොට ජීවත්වන අයෙකු මිස ඔහු යුතුකම් පැහැර හරින ධනපතියෙකු නොවේ.
එමෙන්ම එච්. එම්.ජයවර්ධනයන් ගේ රෝගී තත්ත්වය තුළ පෞද්ගලික ප්‍රශ්න පිලිබඳව හෝ ඔහු සංගීත සැපයූ ගායක ගායිකාවන් සළකනවාද නැද්ද යන්න ගැන හෝ ලියනවාට වඩා මේ මොහොතේ ඔහුවෙනුවෙන් කළ හැකි දේ කිරීම වඩා වැදගත් වනු ඇති. මන්ද රසිකයින් ද තම සවන් පිනවාගත්තේ මේ කලාකරුවන් ගේ අප්රමාණික රසඥතාවයේ ආශ්වාදය මතින් වන නිසාය. එහෙයින් අනෙකාට චෝදනා කරන්නට පෙර ඔබට ඔබේ සමාජ වගකීමක් ද තිබෙන බව හැමවිටම සිතන්න.
එච්එම් ජයවර්ධන නම් වූ ජ්යෙෂ්ටයාට, ශ්රේෂ්ටයාට, මනුෂ්‍යයාට මේ මොහොතේ අවශ්‍ය වනුයේ වෛද්‍ය ප්‍රථිකාර සමග ආදරය හා සැනසුමයි.
2017 වසරේදීද එච්එම් ජයවර්ධන සංගීත වේදියා අසනීප වූ අවස්ථාවේ කසුන්ට බොහෝ අය දෝෂාරෝපණය කරද්දී එච් එම් ජයවර්ධන ඔහුගේ පියා මිරර් ආට්ස් කළ විමසුමට අනුව පැවසූයේ
එච්එම් ජයවර්ධනයන් මිරර්ආර්ට්ස් අදහස් දක්වා සිටියේ මේසේය.
."ඔය කතා අමූලික බොරුවක්.මෙක සම්පුර්ණයෙන් කසුන්ට මඩ ගහන්න කරන වැඩක්මොකද කසුන් සහ මම ඇසුරු කරන්නේ මිත්‍රයන් දෙදෙනෙක් වගේ.
තාත්තයි පුතටත් වැඩිය සමීප මිත්‍රයන් දෙදෙනක් වගේ. අපිට මුණ ගැහෙන්න ක්‍රමයක් නැහැ. මොකද මටත් වැඩ රාජකාරී අධිකයි.ඔහුටත් එහෙමයි.
නමුත් නිතරම කසුන් මා ගැන හොයලා බලනවා.මගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නග ඒකට මට විශාල මුදලක් වැය වෙනවා. කසුන් ඒ වියදම් ඔක්කොම දරනවා. මේ ප්‍රචාරය ගැන මට බොහොම කනගාටුවක් ඇති වෙනවා.
මොකද එහෙම දෙයක් අපි අතර නැහැ. කසුන් මගේ දුක සැප හොයලා බලනවා. මන් යම් කිසි උදව්වක් ඉල්ලුවොත් එසැනින් කරනවා. ඔහු තමයි මට හැම ලෙසින්ම උදව්වට ඉන්නේ. කසුන් මගේ පුතා විදියට ඔහුගෙන් ලැබිය යුතු යුතුකම් මට නොපිරිහෙලා ඉෂ්ට කරනවා.
මේ ප්‍රචාරය පිළිබදව මම දැඩි සිත් තැවුලට පත් වෙනවා. ඒ වගේම මම මාධ්‍යන්ගෙන් ඉල්ලා සිටිනවා අසත්‍ය කටකතා පතුරවන්න එපා කියලා.යනුවෙන් ඔහු පවසා සිටියේය".