චිත්‍ර කලාව කියන්නේ ආර්කිටෙක්චර් වලින් ගලවලා ඉවත් කරන්න බැරි එහිම වූ කොටසක්. පුනරුද යුගයේ මේ චිත්‍රය ඒකට හොඳම උදාහරණය. මේ චිත්‍රය මුළුමනින්ම සම්පිණ්ඩනය කරලා තියෙන්නේ ආර්කිටෙක්චර් තර්කනයත් එක්ක. මේ චිත්‍රය one point perspective සිද්ධාන්තය, එය කරලා තියෙන Apostolic Palace එකේ ඉංජිනේරුමය කතාන්දරය එක්ක චිත්රයේ සංකල්පය, තාක්ෂණය පවා එකට ගොතලා තියෙනවා. රෆායෙල් ගේ ඇතන්ස් ගුරුකුලය කියන මේ චිත්රයේ හරි මැද ඉන්නේ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. භෙව්තික වාදයේ සහ විඥානවාදයේ සුහුඹුල් විවාදසම්පන්න සම්ප්‍රාප්තියේ දෘශ්‍ය රුපිකකරණයක් මේකේ තියෙන්නේ. මේකේ මය්කල් ආන්ජලෝ සහ සහ ආරකිමෙඩිස් පවා ඉන්නවා. ( Archimedes හෝ Euclid Alexandra ) මේ මගින් සියලු විශාරදයන් භෙව්තික වාදයේ සහ විඥානවාදයේ උභාතොකෝටියකට ලක් කරලා තියෙන්නේ. බැලූ බැල්මට ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් චිත්රයේ හරි මැද සම පැවැත්මක පිහිටුවලා වගේ පෙනුනට සිත්තරා ප්ලේටෝව ඇරිස්ටෝටල් අභිබවා චිත්‍රය තුළ ශිල්පීය හරඹයකින් මතු කරනවා. මේ චිත්රයේ ආර්කිටෙක්චර් එක්ක ගෙතිලා තියෙන one point perspective එක රේඛාවක් ප්ලේටෝ ඉහලට ඔසවා තියෙන ඇඟිල්ලට වැඩි බරක් දෙනවා. අනෙක ප්ලේටෝගේ දකුණු ඇසට බරක් දෙනවා. ( හරියට බෘෂ්ලිගේ දුරදර්ශී චන්ඩි පාර්ට් එකක මුද්‍රාවක් සමස්ත පර්යාවලොකනයේ අතුපතර විහිදෙව්වා වගේ.) මේ චිත්රයේ ප්ලේටෝගේ දබරැඟිල්ල තීරනාත්මකය්. එය තීරණාත්මක වෙන්නේ ආර්කිටෙක්චර් ඇතුළු සමස්ත චිත්රයේම තර්කනයක් හරහා ය.
මොකටද රෆායෙල් ට ප්ලේටෝ ට වැඩි බරක් දෙන්න ඕන උනේ ? මුළුමහත් ග්‍රීසියම සංස්කෘතික අරටුවක් උනේ භෙව්තික වාදය නිසා නෙමෙය් විඥානවාදයේ ලිහිසිකාරකයක් විදියට. නන්දා මාලිනී 'ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තය්. '' කියලා කියන්නේ මේ ප්ලේටෝනියානු ප්‍රේමය ලෙස ව්‍යවහාර කරන සන්දර්භය තුළ ය. මට අවශ්‍ය භෙව්තික වාදය සහ විඥානවාදය යන ඒවායේ හොද - නරක කතා කිරීම නෙමෙය්. චිත්‍ර ආර්කිටෙක්චර් එක්ක සම්බන්ධ උන ඉතිහාසය සහ වර්තමානය කතා කරන්න. අපි වර්තමානයට ආවොත් තත්වය කොහොමද ? අදත් චිත්‍ර කලාව සුලබ වශයෙන් ආර්කිටෙක්චර් තර්කනයත් එක්ක සම්බන්ධය . හැබැයි ඒ දෙකේම කතාන්දරය වෙනස්. එදා චිත්‍ර කලාව ආර්කිටෙක්චර්වල වහලෙක් නෙමෙයි. සමරුපික වෘර්තීය කතාන්දරයක්. අද චිත්‍ර කලාව කියන්නේ ආර්කිටෙක්චර්වල වහලෙක්. එදා එය subject එකක්. අද එය object එකක්. එදා එය ආගමට සම්බන්ධ පොදුජන සංවෘත කලාවක්. අද එය සමාජයට හැඟවුම් කරණය නොවන අසංවෘත විලම්බීතයක්. එදා එය සමාජ කතිකාවේ විෂයක්.අද එය කලාගාරයේදී දකින චිත්‍රය ට එහා ආර්කිටෙක්චර් තර්කනයක් එක්ක හොර රහසේ සම්බන්ධ වෙන පාරිභෝගික භාණ්ඩයක්. එදා එය කාටවත් පුද්ගලිකව අය්ති කර ගන්න බැරි සමකාලීන සංස්කෘතික දේපලක්නම් අද එය රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙකුගේ සිට කොළඹ බුර්ෂුවා සුනේත්‍රා බණ්ඩාරනායක දක්වා පරාසයක විවිධ රුචිකත්වයන්ට අලෙවි වන මොඩර්න් craft එකක්.
ඇත්තටම අපිට තියෙන ප්රශ්නය ආර්කිටෙක්චර් වලට චිත්‍ර විකුණන එක නෙමෙයි. මොකද මේ කතාන්දරය ආර්ට්ස්ට්ලා වහන්නේ කියන එක. මේක වහලා චිත්‍ර කලාව ගැන කතා කරන එක විහිළුවක් නෙමෙය් ද ? ලංකාවේ මහා පොරවල් වෙච්ච ආර්ටිස්ට්ලාගෙන් මොකෝ මේ ගැන කව්රුවත් අහන්නේ නැත්තේ ? මගේ අරමුණ මොන තරම් ශානර තිබුණත් අනෙක් කලාවන් වගේ පොදුජන සංවෘත කලාවක් බවට චිත්‍ර කලාව පත් කර ගන්නනම් වර්තමානය තුළ ආර්කිටෙක්චර් හා චිත්‍ර කලාව අතර තියෙන සම්බන්ධය සමාජගත කරන එක.. කොටින්ම දේවාලය කඩා බිඳ දැමිය යුතු ය. මම ඒක පටන් ගත්තා.
-සුජිත් රත්නායක