Isla de las munecas - නොහොත් බෝනික්කන්ගේ_දූපත
මෙක්සිකෝ සිටි අගනගරයට දකුණට වන්නට පිහිටා ඇති මේ දූපත සැබැවින්ම මනුශ්‍යය වාසයක් නැති සහ මනුශ්‍යයන්ට ජීවත් වන්නට හිතකර නොමැති දූපතක් ලු..මනුශ්‍යයන් නැති වුවද මේ දූපත පුරා අද්භූත මූණු සහිත නිතර දෑස් දල්වා එක එල්ලේ බලා සිටින බෝනික්කන්ගෙන් නම් අඩුවක් නැති බවයි සදහන්..කොහොමද මේ හුදකලා කුඩා දූපතට බෝනික්කන් ආවේ....??
ඕං ප්රශ්නය
කතාව මෙහෙමයි තිබුනේ..
දොන් ජුලාන් සන්ටානා බෙර් රා නම් පුද්ගලයා දිනක සිහිනයකින් දැක ඇත්තේ කුඩා දැරියක් මෙම දූපතේ තනිව හඩමින් සිටින අයුරක්ලු..
මෙම සිහිනයෙන් පසු මොහු මෙම දූපත සොයා ඇතුලුව ඔබ මොබ සැරිසරද්දි ඔහුට හමුව ඇත්තේ දිය පහරක වැටී මියගොස් සිටි දැරියකගේ සිරුරක්ලු ඇය මෘතදේහය අසලම ඇයට අයත් බෝනික්කකු සිටි බව සටහන්..
ඒ දැකීමෙන් පසු දින කීපයක් හඩමින් සිටි මේ පුද්ගලයා මේ දැරියගේ බොනික්කා ඇතුලුව බොහෝ බොනික්කන් මෙම දූපත පුරාවට එල්ලා තිබෙනවාලු,පසු කාලීනව මෙම පුද්ගලයාගේ සිරුරද අසාමාන්‍ය ලෙස පෙර දැරියගේ මළසිරුර හමුවූ තැනම මැරී වැටී සිටියදී හමු වූ බව අවට වැසියන් පවසනවාලු..එතැන් පටන් මෙම දූපත ඉතා බිහිසුණු තැනක් බවට පත්වී තිබෙනවාක කියලයි ලියල තිබුනේ,කවදාවත් දිරා නොයන පාටවත් වෙනස්ව නොයන මේ බෝනික්කන් අතරින් දැරියක් කතා කරන හඩ ඇතැමුන්ට ඇසී ඇති බව සදහන් "එන්න මා එක්ක සෙල්ලම් කරන්න " යනුවෙන් ඇය බොහෝ විට අයදින හඩ බොහෝ විට ඇතැමුන්ට ඇසී ඇති වාර ගණන අපමණයි කියලයි ලියවෙන්නේ,
ඇගේ හඩ සොය සොයා ඇය හා සෙල්ලම් කරන්නට යන අය නැවත දැක ගන්නට නොලැබුන බව අවට වැසියන් පවසන කතා වල සදහන්ලු..
ඇතැමුන් පවසන්නේ රාත්‍රී කාලයට මෙම බෝනික්කන් සෙමින් එකිනෙකාට කොදුරන බවක්ලු ..
ඇතැම් ගැමියන් පවසන අන්දමට ඔවුන් ඇසිපිය ගසමින් සිනා සලනු දැක තියන අයත් ඉන්නවලු..
කෙසේ වෙතත් මේ දුපතේ සිදුවීම් අද වනවිට ලෝ පුරා ප්‍රචලිතව ඇති අතර ලොව අද්භූත ස්ථාන ලැයිස්තු අතරට මේ දූපතද අද ඇතුලත් බව සදහන්.
(විකුම්සිරි මුණසිංහ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත්තකි)