‘‘ හැම මිනිහෙකුට පුලුවන් නම් කුඩා දරුවෙකුට කියවන්න පොතක් අරන් දෙන්න ලෝකෙට මීට වඩා ලස්සන මිනිස්සු බිහිවේවි.” - කොළොමිබියාවේ ජෝසේ ඇල්බටෝ ගුටාරේස්
කොලොමිබියාවේ අගනුවර බොගොටෝ වල වීදියක දුප්පත් පවුලක කොලුවෙකුට 4 වසරෙදිම එයාගෙ පාසැල් ගමන නවත්තන්න සිද්ධවුනා. මොකද ඒ තරමටම ඒ පවුල අගහිගකම්වලින් පිරිලයි තිබුණෙ. කොල්ලගෙ ඉස්කෝල ගමන නවත්තපු එක ගැන කොල්ලට වඩා ඇඩුවෙ මිනිහගෙ අම්ම. එයා ඇඩුවෙ හැමෝටම රහසින්. එදා කොල්ලගෙ පාසැල් ගමන නවත්තපු රාත්‍රියේ ඈ කොල්ලා ළගින් ඇලවෙලා ඔහුගේ හිස අතගාමින් ඇය දන්නා ලස්සනම කතාන්දරය ඔහුට කියන්නට පටන් ගත්ත. ඇය පටන්ගත්තේ හෝමර්ගේ ඔඩිසි නවකතාවෙන් ගත් යම් වීර චරිතයක් ගැන. සමහර විට ඒ ඇකිලස් හෝ හෙක්ටර් වෙන්නත් පුලුවන් .ඒ ආදරණිය අම්මා ඒක දවසගානෙ කළා . එහෙම තමයි එයා දරුවගෙ මග නැවතුන අධ්‍යාපනේ ගොඩ දැම්මේ. ජෝසේ ඇල්බාර්ටෝ ගුටරේස් හැදුනේ වැඩුනේ මෙන්න මෙවැනි ආදරණිය අම්මෙක් ළගයි.
ජෝසේගේ ප්‍රථම රැකියාව ලැබුනේ බොගෝටා නගරයේ කුනු ලොරියක. ඔහු එහි රියදුරා විය. දිනක් එක් කුණු ගොඩක නවකතා පොතක් දුටු ඔහු ලොරියෙන් බැස ඇවිත් පොත හොදින් පිසදා ඒහි පිටකවරය බැලුවේය. පිටකවරයේ ඇනා කැරනිනා යනුවෙනුත් ඊට පහතින් ලියෝ ටෝල්ස්ටෝයි යනුවෙනුත් සටහන් වී තිබිනි. ඔහුට සිය මව ටෝල්ස්ටෝයිගේ කතාන්දර කීවා මතකය. ඔහු පොත ගෙදර ගෙනාවේය. බොගෝටා නගරයේ කුණු එකතුකරන්නෙක් මහා පුස්තකාලයක් ගොඩ නැගීමේ ප්‍රථම පියවර පටන් ගත්තේ එලෙසය. ඔහු ඉන් පසුව කුණු එකතුකරන්න තෝරාගත්තේ ධනවතුන් වෙසෙන මං මාවත්ය. ඔවුන්ගේ නිවෙස් අසල කුණුගොඩවල්හි නිරතුරුව වීසි කළ පොත් තිබිණි. ඔහු මේ සියලු පොත් ගෙදර ගෙනවිත් කියවා බිරිද අතට දුන්නේය. ඇයද ඒවා කියවා ඉවරවු පසු ගමේ දුප්පත් ඉගෙනගන්නා දරුවන් අතට මේ පොත් පත්කරන පුරුද්දක් ඔවුනට තිබිණි. දිනක් ඔහු බිරිදගෙන් මෙසේ ඇසීය '' මොකෝ කියන්නෙ අපි පුස්තකාලයක් හදමුද ? '' ක්ෂණයකින් ඇය මෙසේ කීවාය '' මම ඔයාට කියන්නයි හිටියෙ.''
ඉන්පුසව ඔවුන් දෙපල තම නිවසේ බිමි මහලය පුස්තකාලයක් සදහා වෙන්කිරීය. එහි දිනපතා කුණු ගොඩවල් වලින් ගෙනෙන පොත් රාක්ක ගසා පිලිවෙලකට ඇතුරුවේය. පුස්තකාලයට නමක් යෙදීය '' වචන යනු බලයයි ''. දැන් එය සාමාන්‍ය එකතුවක් දක්වා ගිය විට ඔහු බොගෝටා නගරයේ පුස්කතාලයක් නොමැති පාසැල් දරුවන්ට තම ගෙදරට විත් පොත් කියවන ලෙසත් අවශ්‍ය නම් ගෙදර ගෙන ගොස් කියවා නැවත බාරදිය හැකි බවත් ඔහු පාසලක් පාසලක් ගානේ ගොස් දරුවන්ට පැවසීය. දැන් පාසැල් කාලයෙන් පසු දුප්පත් ළමා ලපටීන් පැමිණ හවස්වනතුරු ජෝසේගේ '' වචන යනු බලයයි '' පුස්තකාලයේ පොත් කියවමින් කාලය ගත කරන බව බොගෝටාවේ බොහෝ යහපත් මිනිස්සුට ආරංචි විය. ඔවුන් ඉන්පසු ජෝසේගේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමට පටන් ගත්තෝය. මේ වනවිට ඔහුගේ පුස්තකාලයේ පොත් එකතුව පනස්දහසකට ආසන්නය.
කොළොමිබියාව වසර 40 ක් තිස්සේ සිවිල් යුද්ධවලින් පිරී ඉතිරුනු රටකි. එහි ප්‍රධාන පාර්ශවකරුවා කොළොමිබියානු FARC ගරිල්ලා සංවිධානයයි. දැන් ඔවුන් රටේ සාමය පතා අවි බිම තබා ඇත. FARC ගරිල්ලාභටයන් පොත්වලට මහත් සේ ඇලුම් කරති. දැන් නිතර ජෝසේගේ ගෙදර මේ ගරිල්ලාවරුන් පොත් කියවනවා දැකිය හැක.
‘‘සන්නද්ධ ගැටුම්වලින් පිරුණු රාජ්‍යයක පොත් කියන්නෙ සාමයේ මාවතක්” එහෙම කියනව අපේ ජෝසේ ඇල්බර්ටෝ ගුටියේරස්. වඩාත් ආකර්ශනීය සිදුවීම නම් කුණු එකතුකරන්නාගේ පුස්තකාලයට ලෝකයේ නොබෙල් ත්‍යාගලාභී ගත් කතුවරුන් 13 දෙනෙක් ඔවුන්ගේ අත්සනින් යුතුව තම සියලු පොත් එවීමත් තවත් අවශේෂ ලේඛකයන්ගේ පොත් මිටි ගණන් එවීමට පටන් ගැන්මත්ය. ඒ අතරින් කොලොමිබියාවේ ගාර්ෂියා මාර්කේස් සහ පීරුහි මාරියෝ වාර්ගේස් ලෝසා පෙරමුණේය. ඔවුහු අතදිග ඇර මේ පුස්තකාලයට මුදල් පරිත්‍යාග කළෝ ය. ගුටාරේස් මෙහෙම පොත් සහ මුදල් ලැබුන කියල නිකන් හිටියද? නෑ ! එයාට අවශ්‍ය වුනා කොලොමිබියාවේ අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ දත්ත වෙනස් කරන්න. ඒ කියන්නෙ කොලොමිබියාවෙ උසස් අධ්‍යාපනය ලබන දරුවන් 10 දෙනෙකුගෙන් 04 දෙනෙක් තමයි විශ්වවිද්‍යාලවලට යන්නෙ. මේ දහයට හතර අඩුම තරමින් දහයට පහක්වත් කරන්න පුලුවන් නම් ගුටාරේස් එහෙම තමයි හිතුවෙ. රටකට ආදරය කරන මිනිහෙක් එයා. ඉතින් ඊට පස්සෙන් පහු එයා කුණු එකතුකරල හැදුව කුණු ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානයක් . ඒකෙන් ලැබෙන සියලු මුදල් එකතු කරල ඔහු කොලොමිබියාවේ දුප්පත් නගරවල හැදුව පුස්තකාල 450 ක් විශ්වාස කරනවද මිනිහට ඒත් මදි ඒ නිසා එයා කොලොමිබියාවේ දුර බැහැර පලාත්වලවල දරුවන්ට කියවන්න පුස්තකාල ඡංගම සේවයකුත් ආරම්භ කළා. මේ සේරටම ඔවුන්ට ගිහින් තියෙනව ඩොලර් මිලියන 800 කටත් වඩා. ජෝසේ ඇල්බර්ටෝ මාධ්‍ය සාකච්ඡාවකදී මෙහෙම කියනව. '' හැම මිනිහෙකුට පුලුවන් නම් කුඩා දරුවෙකුට කියවන්න පොතක් අරන් දෙන්න ලෝකෙට මීට වඩා ලස්සන මිනිස්සු බිහිවෙයි . එහෙම කියල මේ මනුස්සය මෙහෙමත් කියනව '' ලෝකයට ඕන බලාපොරොත්තුවක සංකේතයක් මම කියන්නෙ බොහෝ සම්පත් හිග ප්‍රදේශවලට මිනිස්සුන්ට දෙන්න ඕන පොත් ඒව එයාලට බලාපොරොත්තු දල්වාවි . ඒව එයාල කියවන්න පටන් ගත්තොත් සහතිකයි ‘‘මේ ග්‍රහලෝකය පාලනය වෙන්නෙ අනාගතයෙදි ආදරයෙන් විතරයි” කියල අපි ජිවත්වෙලා උන්නොතින් බලාගත්තෑකි. දැන් අවුරුදු 55 ක් වුනු ජෝසේ ගුටරේස් අවසන් පුවත් පත් සාකච්ඡාව කරන්නෙ ලෝක ජනමාධ්‍ය දිනය දවසෙ 2018 ජූනි 16 . එයා කියනව ''මගේ අම්ම මං පුංචි කාලෙදි කියල දුන්න හෝමර්ගෙ ඔඩිසි නවකථාවෙ ඔඩිසිස්ගෙ බිරිද පෙනිලෝපා ඉතාකා රාජ්‍යය යුද්ධයකට යන්න නොදී , ඒක ලේ විලක් වෙන්න නොදී බේරගත්ත හැටි ! .මටත් ඔන එහෙම කොළොමිබියාවක් ''
ඉතින් මේ මිනිහ කියන්නේ ඔබට තවමත් කුණු එකතුකරන්නෙක් පමණක්ද? නෑ ඔහු රන් කදක් ! මඩගොඩක පිපුණු සුජතම සුජාත සියපතක් ! ඔහු දැන් ඇමෙරිකානු මහද්වීපයේ ප්‍රසිද්ධ දේශකයෙක් ! මම මේ පුංචි ලිපිය අවසන් කරනව බ්‍රසීල ලේඛක පාවුලෝ කොයියෝගේ සටහනකින්.
'' ඔබ ඉරණම හඹා යන්නේ නම් ලෝකය ඔබ පසු පස පෙළ ගැසෙනු ඇත.''
ඒ වගේම මතක තියාගන්න එයා කුණු ලොරියක ඩ්‍රයිවර් කෙනෙක් !
සටහන: උපාලි ජයසිංහ