“අඳුරු පැහැති සම පරයා සුදු පැහැති සමට සැලකුම් ලැබෙන ලෝකයේ” “වර්ණවාදය යනු ජාතිවාදයේ දියණිය”
තමන් කුඩා කළ “වර්ණවාදයේ ගොදුරක්” බවට පත්ව සිටි බව හොලිවුඩ් රංගන ශිල්පිනි ලුපිටා නියෝන්ගෝ හෙළි කර තිබේ.
“අඳුරු පැහැති සම පරයා සුදු පැහැති සමට සැලකුම් ලැබෙන ලෝකයේ” “වර්ණවාදය යනු ජාතිවාදයේ දියණිය” බවයි BBC පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔස්කාර් සම්මානලාභීනිය සඳහන් කර ඇත්තේ.
ලුපිටා මෙම අදහස් දැක්වීම සිදුකළේ ඇය රචනා කරනු ලැබූ ළමා කෘතියක් වන ‘Sulwe’ එළිදැක්වීමට පෙර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ‘Sulwe’, සිය පවුලේ අයට වඩා අඳුරු පැහැ සමක් ඇතිව උපන් දැරිවියක් ගැන කියවෙන කෘතියකි.
ලුපිටා නියෝන්ගෝ ඇමරිකා එක්සත් ජනපදයට සංක්රමණය වීමට පෙර ජිවත් වුයේ කෙන්යාවේ ය.
“මම හැදීවැඩුණේ මගේ හමේ පාට ගැන හිතේ සංතෝසයෙන් නොවෙයි කියලා සහතිකයි. මොකද මම ජීවත්වුණු සමාජය සුදු පාට හමට තැන දුන්නා කියලා මට දැනුණු නිසා,” යැයි බ්ලැක් පැන්තර් සිනමා තරුව පවසන්නී ය.
තමන්ට වඩා සුදු පැහැති සමක් හිමි සිය බාල සොහොයුරිය “රුවැති” සහ “සුන්දර” දැරියක් ලෙස හැඳින්වූ බව ලුපිටා ප්රකාශ කරයි.
“ඒක මගේ ඔලුවට ගියේ මම නොවටිනා කෙනෙක් විදියට”
12 Years a Slave සිනමාපටය වෙනුවෙන් හොඳම සහාය රංගන ශිල්පිනිය ලෙස ඔස්කාර් සම්මානයට පාත්ර වූ ලුපිටා මුහුණ දුන් එක් සම්මුඛ පරීක්ෂණයක දී ඇයට පවසා තිබුණේ ඇගේ සමේ පැහැය රූපවාහිනී තිරයට අඳුරු වැඩි බවයි.
ලුපිටා රංගනයෙන් එක්වූ ‘බ්ලැක් පැන්තර්’ සිනමාපටය ලැබූ සාර්ථකත්වය නිසා කළු ජාතික රංගන ශිල්පින්ට දර්ශනතලවල දී මුහුණ දීමට සිදුවන අමිහිරි අත්දැකීම්වල වෙනසක් වී ඇතිදැයි විමසු විට “එතරම් වැදගත් වෙනසක් සිදුවී ඇතිදැයි කියා කාලය පවසාවි. එය සැබවින්ම ඒ විදියට දැනේවි,” යැයි ඇය පැවසී ය.
අවාරා