2020 දී බලන්නම ඕන ෆිල්ම් විස්සක්
2019 වසරේ අවසන් දින කිහිපය මෙසේ ගෙවී යනවිට අපි අද කතා කරන්නට සුදානම් වන්නේ එළඹෙන 2020 වසරේ දී තිරගත කිරීමට නියමිත, බොහෝ දෙනෙක් ඉහල බලපොරොත්තු තබා සිටින සිනමාපට 20ක් ගැන යි. මේ චිත්‍රපට 20 ගැන BBC ලෝක පුවත් සේවයට ලියා තිබුනේ නීල් ස්මිත් විසිනි.
Jojo Rabbit
නවසීලන්ත සිනමාකරු ටයිකා වයිටිටිගේ අධ්‍යක්ෂණයක් සහ තිර රචනයක් වන Jojo Rabbit ප්‍රහසන චිත්‍රපටය කි. දෙවැනි ලෝක යුද්ධ සමය පාදක කරගත් මෙම චිත්‍රපටය ජනවාරි 1 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
1917
ඔස්කාර් සම්මානලාභී අධ්යක්ෂ සෑම් මෙන්ඩස්ගේ අධ්‍යක්ෂණයක් වන 1917, සෑම් මෙන්ඩස්ගේ මුත්තණුවන් විසින් ඔහුට පැවසු කතාවක් ඇසුරින් නිර්මිත සිනමාපටය කි. ජෝර්ජ් මැකේ සහ ඩීන් චාල්ස් චැප්මන් ප්‍රධාන චරිත රඟ දක්වන මෙම සිනමාපටය තිරගත කෙරෙන්නේ ජනවාරි 10 වැනිදා සිට ය.
Bombshell
නිකොල් කිඩ්මන්, චාලිස් තෙරෝන්, මාගට් රොබී සහ ජෝන් ලිත්ගෝ රංගනයෙන් එක්වන මෙම සිනමාපටය ලිංගික අපයෝජන සිදුවිමක් ඇසුරින් නිර්මිත එකකි. ජෙ රෝච්ගේ අධ්‍යක්ෂණයක් වන Bombshell ජනවාරි 17 සිට ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
The Lighthouse
රොබර්ට් පැටින්සන් සහ විලෙම් දෆෝ ප්‍රධාන චරිත රඟදක්වන The Lighthouse රොබර්ට් එගර්ගේ අධ්‍යක්ෂණයකි. මෙම සිනමාපටය ජනවාරි 31 සිට තිරගත කෙරේ.
Birds of Prey
2016 Suicide Squad සමඟින් පැමිණි හාලි ක්වින්ගේ චරිතය නැවත වරක් තිරයට ගෙන එන Birds of Prey පෙබරවාරි 7 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. මාගට් රොබි මෙම සිනමාපටයේ හාලි ක්වින්ගේ චරිතයට පණ පොව යි.
Greed
මයිකල් වින්ටර්බොටම්ගේ අධ්‍යක්ෂණයක් වන Greed පෙබරවාරි 21 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
Mulan
වෝල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් වන Mulan මාර්තු 27 සිට තිරගත කෙරේ. චීන-ඇමරිකානු රංගනශිල්පිනි ලියූ යිෆෙයි මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි.
No Time To Die
25 වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඩැනියල් ක්‍රේග් විසිනි. ජෝජි ෆුකුනගාගේ අධ්‍යක්ෂණයක් වන No Time To Die අප්‍රේල් 3 සිට ප්‍රදර්ශනය අරඹයි.
Black Widow
බ්ලැක් විඩෝ ලෙසින් ස්කාලට් ජොන්සන් චරිත නිරුපණය කරන මෙම සිනමාපටය මැයි 1 සිට තිරගත කෙරේ.
Fast and Furious
මැයි 22 සිට ප්‍රදර්ශනය ඇරඹෙන මෙම සිනමාපටය එහි අධ්යක්ෂ ජස්ටින් ලින්ට අනුව Fast and Furious සිනමාපට මාලාවේ වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපටය යි.
Wonder Woman 1984
ගාල් ගඩොට් ප්‍රධාන චරිතයට පණ පොවන Wonder Woman 1984 ජුනි 5 වැනිදා සිට තිරගත කෙරේ.
Soul
පීට් ඩොක්ටර්ගේ රචනයකට අනුව නිමවූ මෙම ඇනිමේෂන් චිත්‍රපටය ජුනි 19 සිට ප්‍රදර්ශනය අරඹයි.
Ghostbusters 2020
මෙලිසා මැක්කාර්ති සහ ක්‍රිස්ටන් විග් චරිත මවන Ghostbusters 2020 ජූලි 10 සිට තිරගත කිරීම අරඹයි. එය ජේසන් රේට්මන්ගේ අධ්‍යක්ෂණය කි.
Top Gun: Maverick
මිෂන් ඉම්පොසිබල් සිනමාපට මාලාවට විරාමයක් තැබූ ටොම් කෘස් ප්‍රධාන චරිත නිරුපණය කරන Top Gun: Maverick ජූලි 17 එළිදැක්වීමට නියමිත ය. ජෝසෙෆ් කොසින්ස්කි අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ සෙසු චරිත සඳහා මයිල්ස් ටෙලර්, ජෙනිෆර් කැනොලී සහ එඩ් හැරිස් පණ පොවතී.
Bill and Ted Face the Music
අගෝස්තු 21 සිට ප්‍රදර්ශනය ඇරඹෙන මෙම සිනමාපටයේ අධ්‍යක්ෂණය ඩීන් පැරිසට් විසිනි. කීනු රීව්ස්, ඇලෙක්ස් වින්ටර් එහි චරිත නිරුපණය කර යි.
Death on the Nile
කෙනත් බ්රනාගේ අධ්‍යක්ෂණයක් වන Death on the Nile ඔක්තෝබර් 9 සිට තිරගත කිරීම අරඹයි.
Everybody’s Talking About Jamie
සංගීතමය සිනමාපටයක් වන Everybody’s Talking About Jamie ඔක්තෝබර් 21 සිට තිරගත කිරීමට නියමිත ය.
Eternals
මාවල් සිනමාපටයක් වන Eternals හි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ඇන්ජලිනා ජොලි විසිනි. ක්ලෝ සාඕගේ අධ්‍යක්ෂණයක් වන මෙය නොවැම්බර් 6 සිට ප්‍රදර්ශනය කෙරේ.
Dune
නොවැම්බර් 20 එළිදකින Dune විද්‍යා ප්රබන්ධයකි. මෙය ඇමරිකානු රචක ෆ්රෑන්ක් හර්බර්ට්ගේ නවකතාවක් ඇසුරින් නිමවී ඇත.
West Side Story
සම්මානලාභී අධ්යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්ගේ අධ්‍යක්ෂණයක් වන West Side Story දෙසැම්බර් 18 සිට තිරගත කිරීමට නියමිත ය.
මෙම සිනමාපට තිරගත කෙරෙන දිනවල වෙනසක් සිදුවිය හැකි ය.