නූතන ඉන්දීය සාහිත්‍යයේ කාන්තා සළකුණ කමලා දාස්
1934 මාර්තු 31වන දින කමලා නායර් ලෙස උපත ලැබ විවාහයෙන් පසු කමලා දාස් නම් වී මාධවී කුට්ටි යන අන්වර්ථ නාමයෙන් ඉන්දීය සාහිත්‍ය කෙතට මහඟු සේවයක් කල මලයාලි ජාතික කමලා දාස් කමලා සුරයියා ලෙස අවසන් ගමන් ගිය ඇය තරුණ රැඩිකල්වාදී භාරතීය සෞර්දයන් අතර වඩාත් ජනප්‍රිය වූ කිවිඳියක් , නව කතා ,පුවත්පත් තීරු ලිපි සහ ග්රන්ථ රචිකාවක් ,චිත්‍ර ශිල්පිනියක් මෙන්ම දේශපාලන නායිකාවක් ද විය. ඇය නියෝජනය කල මෙවැනි විවිධ භූමිකා තුලින් ස්ත්රියත්වයත් ආදරයත් පිලිබඳ ගවේෂණාත්මක අදහස් අතිශය අව්‍යාජ තත්වයකින් ඉදිරිපත් කල අතර මෙම කරුණු මුළුමහත් ඉන්දියාවේ කාන්තා පරපුරට පමණක් නොව , ආසියාතික බොහෝ රටවල කාන්තාවන්ට පොදු ලක්ෂණයක් බව හැඟේ.
සම්මානලාභී ඇයගේ දෙමවුපියන්ද ,මාමාද ලේඛකයන් වුහ.1964 වසරේදී කාව්‍ය නිර්මාණය සඳහා ආසියාතික Pen සම්මානයෙන් පිදුම් ලද ඇය 1969 වර්ෂයේදී මලයාලි බසින් ලියන ලද කෙටි කතා සංග්‍රහයක් ලෙසත් , කේරල ඇකඩමියෙන් ද සම්මාන ලැබුවාය.එමෙන්ම 1984දී සාහිත්‍ය පිලිබඳ නොබෙල් සම්මානය සඳහා නිර්දේශිත විය.
කමලා දාස් ගේ ලේඛන ජීවිතයේදී අව්‍යාජත්වය හෙළිකරන කෘතියක් ලෙස ඉංග්‍රීසි බසින් රචිත Alphabet of Lust නව කතාව හැඳින්විය හැකිය.අතිශයින් නිර්ධය ලෙස භාරතීය දේශපාලනයේ අඳුරු පැතිකඩ විවේචනය කරන මෙම නව කතාව භාරතයේ පමණක් නොව ලොව පුරා ආන්දෝලනයට පාත්‍ර වූ කෘතියකි.පද්මාවතී , The Harlot and Other Stories ඇයගේ නිර්මාණ අතර වැදගත් වන තවත් කෘතීන්ය.කමලා දාස්ගේ කාව්‍ය කෘතීන් අතර Summer in Calcutta(1965) The Descendants ,the Old Play House and Other Stories (1985) , Only the Soul knows How to sin (1996)යන පදය සංග්‍රහයන් ඈ අතින් බිහිවුන උසස් ගණයේ සාහිත්‍ය කෘතීන් ය.
කාන්තාවාදී ලේඛිකාවක වූ ඇය රචිත Summer in Calcutta කවි සංග්‍රහය ඇයගේ මුල්ම නිර්මාණ සංග්‍රහය වූ අතර එය ඉන්දීය සාහිත්‍ය ලොව හැරවුම් ලක්ෂයක් වූ බව කියවේ. සංවේදී කාන්තාවක් වූ ඇය තම සිතේ සඟවාගෙන සිටි හැඟුම් සහ සිතුවිලි තම නිර්මාණ ඔස්සේ ලොවට හෙළිදරව් කළාය.මෙම කරුණු නිසාම ඇය නුතන ඉන්දීය සාහිත්‍යයේ මව යන නාමයටද හිමිකම් කීම විශේෂත්වයකි.
ඇයගේ පසුකාලින මලයාල සාහිත්‍ය කෘතීන් වන පලයන් (1990)නෙව්පයාසම් (1991) දාවරික්කුරිප්පුකල් (1992) යන නව කතාද ආන්දෝලනයට තුඩු දුන් ඒවාය.1999 වසරේදී ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඇය ලෝක් සේවා නමින් තමාගේම දේශපාලන පක්ෂයක් ස්ථාපිත කළා ය.
වයස අවුරුදු 15දී ඇයට වඩා සැහෙන තරම් වැඩිමල් පුද්ගලයකුට විවහා කර දුන් කමලා වයස දහසයේදී දරුවකු ලැබූ අතර දරුවන් තිදෙනෙකුගේ මවක් වුවා ය. මෙම විවාහ ජිවිතයෙන් ඇය ලැබූ අත්දැකීම් අතෘප්තිමත් භාවය ,අඟහිඟකම් , විවාහ ජීවිතය නිසා සාහිත්‍යකරණයට වෙලාවක් නොලැබීම , ඉන්දියානු කාන්තාවගේ නිදහසක් නොමැති අවිවේකි ගෘහ ජීවිතය යන විවිධ පැතිකඩ ඇයගේ පොත් මගින් විවේචනයට ලක් කරයි.ඒ අතරම සැමියාගෙන් ඇගේ ලේඛන කලාවට ලැබුණු සහයෝගය ද අගය කිරීමට ඇය පසුබට නොවුවා ය.
"ඔයා දැන් මට ඉරිසියා කරන්න අරන් .ඔයාට ඕනා මුළු ජිවිත කාලය තුලම ගෙදර නවත්තගෙන මාළු ව්‍යංජන හදව ගන්න විතරයි. මම තව දුරටත් ඔයාගේ වහලියක් හැටියට ඉන්නේ නැතිවෙයි කියලා ඔයා බයයි. මම ඔයාගේ පාපිස්සනේ "
ඇය කාන්තාවන්ට දෙන මෙම ආන්දෝලනාත්මක පණිවිඩය ගැන දෙවරක් සිතිය යුතු ය.
ඇයගේ "My Grand Mothers House - මගේ අත්තම්මාගේ නිවාස"නමැති ඉංග්‍රීසි පද්‍ය ඇය කුඩාකල ගතකළ ආච්චි අම්මාගේ නිවසේ පරිසරය ,හිතේ නිසකලංක බව හා සතුට පිළිඹිබු කරන අතර විවහා ජිවිතයෙන් පසු අහිමිවූ එම සතුට ගැන දුක්වන්නි ය.
නිලක්ෂි බණ්ඩාර
08/01/2020