බොලිවුඩ් නළු සෝනු සූඩ්(Sonu Sood ) රිදී තිරයේ නපුරු දුෂ්ටයෙකු ලෙස රඟපෑවද උනුවෙන හදවතක් ඇති ඉන්දියාවේ සැබෑ වීරයෙකු ලෙස ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයෙකි.
ඉන්දියාව මාර්තු 24 වන දින කොරෝනා වෛරසයේ පැතිරීම අඩාල කිරීමට හදිසි අගුලු දැමීමක් නිවේදනය කිරීම නිසා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට රැකියා පිනිස ගිය කමිකරු සංක්‍රමණිකයන් දැඩි අපහසුතාවයකට පත්විය.
මිලියන ගණනක් රැකියා හෝ ආදායම් මාර්ගයක් නොමැතිව මහපාරවල් වලට වී සිටියහ. රජයේ දේශසීමා මුද්‍රා තබා දුම්රිය හා බස් රථ අත්හිටුවීමත් සමඟ පිරිමින්ට කාන්තාවන්ට හා ළමයින් දහස් ගණනක්ට දෙපයින් ඇවිදීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. සමහර විට කිලෝමීටර් දහස් ගණනක ට වඩා වැඩි ප්‍රමාණයක් තම නිවෙස් කරා ළඟා විමට මේ අසරණයන්ට ඇවිද යාමට සිදුවිය.
සමහරුන් අත මුදල් තිබුණද අතරමගදී ආහාරයට ගත හැකි කිසිවක් නොවීය.කඩ සාප්පු සහ අපනශාලා වසා තිබිණි වාර්.ාවන අන්දමට ඔවුන්ගෙන් 100 කට වැඩි පිරිසක් ද මියගොස් ඇත. ඒ හදිසි අනතුරු තුළින් හෝ දැඩි වෙහෙස කුස ගින්න නිසාය
පසුගිය මාස දෙකක කාලය තුළ සෝනු සූඩ් සිය ළමා මිතුරා වන නිටි ගොයෙල් සමඟ ලොක්ඩවුන් කිරීමෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වීමට පටන් ගත්තේය. ඔහුට අනුව මහපාරවල්වල ඔහුගේ ඡනතාව දුක්විදින අයුරු ඔහුට බලා සිටිය නොහැකි විය.ඔහු උපයාගත් ධනයෙන් මහ මාර්ගවල දුක්විදින මිනිසුන් වෙනුවෙන් වියදම් කිරීමට සෝනුට අවශ්‍ය විය. එය කලාතුරකින් නළුවෙකුට හෝ නිළියකගේ මොලයට නැගෙන මානවවාදී සිතිවිල්ලකි. සෝනු සූඩි එවැනි මිනිහෙකි.
ඔහු කිලෝ මීටර් සිය ගණන් දුර ගෙවා සිය නිවෙස් වෙත යන ඡනතාවට පිසින ලද ආහාර පාර්සල් 500 ක් ප්‍රථම වටයේ ලබාදුන්නාය . එහෙත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවූහෙයින් ආහාර පාර්සල් 45,000 ක් දක්වා ප්‍රමාණයක් ලබාදෙන්නට ඔහු කටයුතු කළේය. ඇත්තටම එය වැඩකි. මෙම මානුෂීය කාරණය තුළින් අපට පෙන්වා දෙන්නේ රිදී තිරයේ දුෂ්ටයාගේ සැබෑ හදවතයි.
මැයි 11 දා සිට ඔහු කොවිඩ් 19 නිසා අසරණ වූ මිනිසුන් වෙනුවෙන් තවත් කර්තව්‍යකට අත ගැසුවෙිය. ඒ ඔවුනට නිවෙස් බලා යාමට ප්‍රවාහන පහසුකම් සැපයීමයි.මැයි 09 දින ඔහු ආහාර ලබාදුන්නේ කර්නාටක ප්‍රාන්තයේ සිට සිය නිවෙස් බලා යන ඡනතාවටය.
"අපි ඔවුන්ගෙන් ඇහුවා ඔයාල කොහොමද යන්නේ කියලා? ඔවුන් කිව්වා ඔවුන් ඇවිදිනවා කියලා. නමුත් ඔවුන්ගේ ගමනාන්තය කිලෝමීටර් 550 ක්. මට දින දෙකක් ලබා දෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා" ඔහු බීබීසී ප්රවෘත්ති සේවයට පවසා තිබිනි
ඒ අනුව මහාරාෂ්ට්‍ර සහ කර්ණාටක ප්‍රාන්තවලින් මාර්ග ප්‍රවාහනය සදහා අවසර පත් ලබාගත් සෝනු බස් රථ 6 ක් සුදානම් කර ඔවුන්ව නිවෙස්වලට ඇරලුවේය
"ඔවුන් පිටත්ව යන විට ඔවුන්ගේ මුහුණේ සිනහවෙන් හා ඇස්වල කඳුළු තිබුණා" සෝනු බීබීසියට පවසා තිබිණි
අපි දිනකට පැය 18 ක් වැඩ කරනවා, යැයි සොනුගේ මිතුරා ගොයෙල් පවසයි.බීබීසි ප්රවෘත්ති සේවය මෙි යහපත් මිනිසාගෙන් මෙසේ අසයි
‘"ඔබ කොපමණ කාලයක් වෙනකන් මේ සංක්‍රමණිකයන්ව ඔවුන්ගේ ගම්වලට යවනවාද?"
"අවසාන සංක්රමණිකයාත් එයාගෙ නිවසට යනකන් "
උපාලි ජයසිංහ ගේ ෆේස්බුක් පිටුවෙනි