කසිප්පු කාලයි සුරුට්ටුවයි-බීඩි සමහර වෙලාවට
හාලුත් හිගයි ... 5000ත් මදියි
හීනවලට පෙන්ෂන් නැහැ සිරාවට
පේව්මන්ට් එක අතුගාලා... මාළිගාව සරසාලා...
දෙයියෝ බුදුන් වල දාලා හොයමු ආදරේ
පිරිත් පැනට සැන්ඩි දාලා
බයිට් එකට බණක් අහලා
තොල් වැහෙන්න මාස්ක් දාලා රකිමු මීටරේ...
ආමිත් හොඳයි නේවිත් හොඳයි සිංහල විතරක් කතාවට
පොලිසීයත් හරිම හොඳයි වෙන් අයි ටෝකින් ඉන්ග්ලිස් ලතාවට
දන ගාලා ...බඩ ගාලා ....අතගාලා..... කටගාලා.... රගපාලා
කීයක් හරි හොයමු බස් එකේ
මේ නවතම කොවිඩ් සමාජ උවදුර පිළිබඳ නිර්මාණය වූ නවතම ගීතයයි. මෙහි ගී රචනය ධනංජය බණ්ඩාර අජිත් කුමාරසිරි සහ නාමිනී පන්චලා ගෙනි සංගීත නිර්මාණය අජිත් කුමරසිරි ගේය.ගායනය අජිත් කුමාරසිරි සහ නාමිනී පන්ලාගෙනි.
කොරෝනා වසංගතකාලයේ බහුතරයක් මිනිස්සුන්ගේ කතන්දරය