ජෝකිනු ප්‍රනාන්දු ගේ සහ සීදුවේ මේරි මාග්‍රට් පීරිස් මවගේ වැඩිමහල් පුතනුවන් ලෙස 1931 අගෝස්තු 31 උපන් දරුවා අර්නස්ට් ඇලෙක්සැන්ඩර් පෝරුතොට ලොවම හදුනන්නේ අර්නස්ට් පෝරුතොට පියතුමා නමිනි.පවුලේ වැඩිමලා වූ අර්නස්ට් පෝරුතොට දරුවාට සහෝදරියෝ තිදෙනෙක් සහ සහෝදරයෙක් විය. මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසල අධ්‍යාපනය හැදැරූ දරුවා 1957 පෙබරවාරි 02 පූජාත්වරය ලැබීය.
දෙහියගාත කැලණිය කළුතර කලමුල්ල කෝට්ටේ වත්තල දෙහිවල කිරිමැටියාගාර යන මීසම්වල ඔහුගේ දේව රාජකාරිය සිදුකළ ස්ථාන වේ.
ඕසීඅයිසී ඉතිහාස වාර්තාවේ නිසි පරිදි සඳහන් නොවූව ද එහි මුල් ම ජාතික අධ්යක්ෂවරයා ලෙස පත් වූයේ අර්නස්ට් පෝරුතොට පියතුමන් ය.
එතුමාගේ කාලය තුළ දක්ෂ තරුණ චිත්රපටකරුවන් රැසකගේ නිර්මාණ තෝරා ගෙන ඒවා විදෙස් චිත්‍රපට උළෙල වලට යැවීමෙන් ඔවුන්ට මහත් ධෛර්යක් ලබා දුන්නා පමණක් නොව,විවිධ ඇගයීම් වලට ද ලක්වීමට ද ඉඩ ප්‍රස්තා ලබා දුන්නේය.
ටයිටස්ගේ "හඳයා” චිත්‍රපටයට ඉතාලියේ දී ඉහළම සම්මානයක් හිමි වූයේ ද පෝරුතොට පියතුමන්ගේ එම වැඩ පිළිවෙල හේතු කොට ගෙන ය.
ධර්මසිරි බණ්ඩාරනායකගේ ප්‍රථම නිර්මාණය වූ "හංස විලක්” චිත්‍රපටය අධ්‍යක්ෂවරුන්ගේ කුළුඳුල් කෘතිවලට සම්මාන පුද කිරීම සඳහා බටහිර ජර්මනියේ පැවැති "ණමෑන් හයින්’‘ උළෙලට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාකර දුන්නේ ද පෝරුතොට හිමියන් විසිනි.
ර්"හංස විලක්’‘ චිත්‍රපටය සඳහා එහි දී සම්භාව්‍ය චිත්‍රපට සඳහා පිරි නැමෙන ඩිප්ලෝමා සහතිකය පිරිනැමුණු අතර, පසු කලෙක ධර්මසිරි පවසා තිබුණේ පෝරුතොට පියතුමන් නොසිටින්නට ජීවිතයේ කිසි දිනකවත් එවන් අවස්ථාවක් උදා නොවන බවය.
මේ හැරෙන්නට එතුමාගේ කාලය තුළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස්ගේ "රන්සළු” මහගමසේකරගේ "ණතුංමන් හන්දිය” ටයිටස් තොටවත්තගේ "ණහාර ලක්ෂය’‘,මණික් සන්ද්‍රසාගරගේ "කළු දිය දහරා”, ටයිටස් තොටවත්තගේ ර්"සිහසුන”, කේ.ඒ. ඩබ්ලිව් පෙරේරාගේ "ලසඳා”,වසන්ත ඔබේසේකරගේ "වල් මත්වූවෝ”,ධර්මසේන පතිරාජගේ "එයා දැන් ලොකු ළමයෙක්”, ඩබ්ලිව් ඒ බී දසිල්වාගේ "හුළවාලී”, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "ගෝඩ් කිං” සහ කෙටි චිත්‍රපටයක් වූ එස්.බී. කුලසේකරගේ "තනිව ආ ගමනක්” ආදී නිර්මාණ වලට අන්තර්ජාතික නියෝජනය සඳහා ඉඩ ලැබුණේ එතුමාගේ මූලිකත්වයෙනි.
එමෙන් ම ටෙහෙරාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සඳහා ධර්මසිරි පතිජගේ "අහස් ගව්ව”ද මෑන් හයින් උළෙල සඳහා රෝයි ද සිල්වාගේ "තණ ගිරවී” සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ"අධිෂ්ඨානය” සහ ෂෙල්ටන් පයාගල හා චන්ද්‍රරත්න මාපිටිගමගේ "මලට නොඑන බඹරු” යන චිත්‍රපට වලට ද ඒ අවස්ථාව උදා කර දුන්නේ එතුමා ය.
අන්තර්ජාතිකව නිර්මාණය වූ බොහෝ චිත්‍රපට ඇසුරු කොට ඒ සම්බන්ධව ගැඹුරු දැනුමක් සහිතව සිටි මෙතුමා ශ්‍රී ලංකාවේ සිනමාව සම්බන්ධව ආගමික වශයෙන් අර්බූදකාරී අවස්ථා පැනනැඟුන විට කෘතිය වෙනුවෙන් පෙනී සිටිමින් එම ගැටලු නිරාකරණය පිණිස කටයුතු කළේ ය.
මහාචාර් සුනිල් ආරියරත්නගේ "ක්‍රිස්තු චරිතය” සඳහා විජය කුමාර තුංග යොදා ගැනීම මෙන් ම "දෙවියනි ඔබ කොහිද” චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා රඟපෑ පූජකතුමාගේ චරිතය අරබයා ද ඇතිවූ ගැටලු වෙනුවෙන් වෙනුවෙන් එතුමා පෙනී සිටියේ ය.
මේ ආකාරයට ම ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ ද ක්‍රිතු දහම ගැටලු පැනනැඟුණු සෑම විටකම කෘතියේ කලාත්මක ගුණයට හානියක් සිදු නොවන අයුරින් ඒවා විසඳීමට පෝරුතොට පියතුමන් සමත් වූ බව ගාමිණි වේරගම පවසයි.
සිනමාවට සමගාමීව එතුමෝ සිනමා විචාර කලාවක් ගොඩනැඟීම උදෙසා ද පුරෝගාමී වූහ. මහාචාර් චන්ද්‍රසිරි පල්ලියගුරු, එඞ්වින් ආරියදාස, සිරිල් බී පෙරේරා,රැලෙක්ස් රණසිංහ, ඈෂ්ලි රත්නවිභූෂණ ආදීන් ඒ සඳහා එක් රැස් කරමින් ඕසීඅයි සම්මාන උළෙලේ හොඳම ආධුනික සිනමා විචාරකයා සඳහා "ජයවිලාල් විලේගොඩ” සම්මානය පුදකරන ක්‍රමවේදයක් සම්පාදනය කරනු ලැබූවේ මේ අනුවය.
මේ අවස්ථාවේ දී එතුමන් අතින් සිදු වූ තවත් විශිෂ්ට කාර්යයක් ලෙස සැලකිය හැක්කේ අදටත් සිනමාව හදාරන්නන්ගේ ගෞරවයට පාත්‍ර වී තිබෙන "සිනෙසිත්” සඟරාව කතෝලික සිනමා පර්ෂදය විසින් ප්‍රකාශය පත් කිරීමය.
ඉන් අනතුරුව තරුණ කම්කරු ව්‍යාපාරය ආරම්භ කර "රසංජලී” සංවිධානය පිහිටවු එතුමා ලෙස්ලි බොතේජු, සිරිල් බී පෙරේරා, අයිවෝ ඩෙනිස් ආදීන්ට විවිධ කලා නිර්මාණ සඳහා ඉඩ සලසා දුන්නේය.
ඔහු විසින් සිනමාව වෙනුවෙන් කරන ලද සේවය අති මහත්ය.මර්සලීන් ජයකොඩි පියනමගෙන් පසු ලාංකේය සිනමා ව තුළ සුවිශේෂී මෙහෙයක් කළ අයෙක් වේනම් ඒ පෝරුතොට පිය නමයි.
ලේඛකයෙකු වශයෙන් මෙන්ම සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා ජාතික කතෝලික ජනසන්නිවේදන කමිටුවේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.මාධ්‍ය කේන්ද්‍රයේ සම්බන්ධීකාරක ලෙසද පසුව ප්‍රධානියා ලෙසද වසර ගණනාවක් කටයුතු කළ පියතුමා ජාතික සංස්කෘතික කමිටු ලේකම් හා දූතයා සංස්කෘතික ස`ගරාවේ කර්තෘ වරයා ලෙස වසර ගණනාවක් කටයුතු කළේය.
ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකු විය.ඔහු තුල තිබුනේ කරුණාවත් ආදරයත් මෛත්රියත්ය. ගරු අර්නස්ට් පෝරුතොට පියතුමණි ඔබ වහන්සේ ට ස්වර්ගයේ සුවය ලැබේවා !!!!!මිරර් ආර්ට්ස් හි සෝකය මේසේ ප්‍රකාශ කරන්නෙමු!!!
තිස්ස ප්‍රෙමසිරි දිනමිණට ලිවූ ලිපියක කොටස් ද මේ ලිපිය සඳහා උපයෝගිකරගෙන ඇත