ඩාර්ලින් චිත්‍රපටය අගෝස්තු 5දා නෙට්ෆ්ලික්ස් පේ්රක්ෂකයන් වෙනුවෙන් රිළීස් කළා. මේ චිත්‍රපටය තුළින් ලාංකේය රසිකයින්ට අධ්‍යක්ෂකවරියක් මුණගැහෙනවා. ඒ ජස්මීට්.කේ.රීන්ය. ඩාර්ලින් නිෂ්පාදනය කරන්නේ ගෞරී ඛාන් ආලියා බාත් සහ ගෞරව් වර්මා විසිනුයි.
මෙම චිත්‍රපටය ගෘහස්ත හිංසනය යන පොදු මාතෘකාව පිළිබඳව නිර්මාණය වූ චිත්‍රපටයක්. ජනාකීර්ණ නාගරික නිවාස පද්ධතියක පදිංචිව සිටින අලුත විවාහ වූ යුවලක් එම යුවලගේ බිරිඳගේ මව සහ අසල් වැසියන් කිහිප දෙනෙක් වඩා දිවෙන මෙම චිත්‍රපටයේ ආලියා බාත්, සේෆාලි ෂාහ්, විජේ වර්මා, කිරන් කර්මාකර්, සහ රොෂාන් මැතිව් රංගනයෙන් දායක වෙනවා.
මෙහි රංගනයේ යෙදෙන ප්‍රධාන නළු නිළියන් කිහිපදෙනාම චරිතාංග රංගනයේ යෙදෙන්නන්. අලියා බාත් වාණිජ සිනමාවෙන් හමුවුනත් ඇයත් මේ වනවිට යම් යම් කඩඉම් රංගනයෙන් පසු කර යමින් සිටිනවා.
ඩාර්ලින් හි විජය වර්මා සහ අලියා බාත් අඹු සැමියන් වශයෙන් අපිට මුණගැහෙනවා. ආදරයත්, අවිශ්වාසයත්, පුරුෂාධිිපත්ය තුළ ඇතිවන ඉන්දියානු සම්ප්‍රදායික පවුල් පීඩනයත් මෙහි මූලික ව පාදක කොටගෙන ඇති කාරනා කිහිපයක්.
හම්සා තම බිරිඳ බද්රූට දිනපතාම කුමන හෝ කාරණයක් ,වැරැද්දක් ,අඩුපාඩුවක් නිසා කෝපයට පත්ව පහරදීම් කරනවා. ඇගේ මව මෙන්ම අසල් වැසියන්ද මේ පිළිබඳව සිටින්නේ වේදනාවෙන් සහ තරහකින්.
මව නිරන්තරයෙන් පවසන්නේ සිය සැමියාගෙන් වෙනව තමා හා ජීවත්වීමට එන ලෙසයි. නමුත් ආදරය කොට විවාහ වන යුවලකගේ රණ්ඩු සරුවල් සුලු මොහොතකට බව පවසන බද්රූ ,හම්සා ඇයට ආදරය කරන බව විශ්වාස කරයි. හම්සාගේ බීමත්කම නවතාලීමට බද්රූ විවිධ උත්සාහ ගනී. ඒ සෑම විටකම හම්සාගෙන් ඇය සාරිරික හිංසාවට පත්වෙයි.මේබව දැනගන්නා මවගේ මිතුරෙකු වූ සුල්ෆි පොලීසියට හම්සා බිරිඳට පහර දෙන පවසයි. ඒ අනුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනී. නමුත් බද්රූ විසින් ඔහුව යළි නිවසට රැගෙන එන්නේ ඔහු විසින් දෙන පොරොන්දු විශ්වාස කොට ගෙනය.
හම්සා අසනීප වෙයි. ඔහුට බීමත්කම නිසා සිරෝසිස් රෝගය වැළදී ඇති බව පවසන හෙයින් ඔහු මත්පැන් බීමෙන් වැලකී සිටී. හම්සා ව සිරගත කිරීමට පැමිණිලි කරේ කව්රුන්ද යන්න හම්සා බද්රූට රහසින් සොයයි. අවසානයේ සුල්ෆි විසින් එය කර ඇත්තක් බව දැනගන්නා අතර තරුණ සුල්ෆි සහ බද්රූ අතර සම්බන්ධයක් ඇතැයි ඔහු සැක කරයි. ඒ අතර ඇය ගැබ්ගනී. මේ ගැබ් ගැනීම ද සුල්ෆි නිසා සිදුව ඇති එකක් යැයි සැක කරන හම්සා බද්රූට පහර දී ඇයව නිවසින් පළවා හරී. මේ හේතුවෙන් දරුණු ලෙස කම්පනයට හා හිංසාවට පත්වන ඇයගේ ගැබ ගබ්සා වෙයි. ඉන් පසු සිය ආදරණීය මව අසල්වැසියන් මෙන්ම සුල්ෆීවද සම්බන්දකොටගනෙ බද්රු විසින් සිය සැමියාට තමාට දුන් සියලු හිංසනයන් ලබාදෙයි. අවසානයේ සිදුවන්නේ කුමක් විය හැකිද?
21වන සියවසේ කාන්තාවන් තම කුටුම්බිය තුළ හිංසනය පීඩනය නොඉවසති. පවුලේ ආර්ථිකයට සෘජුව පිරිමියා හා සම සමව දායක වන ඇය දරුවන් ද රැකබලා ගනිමින් තම ජීවිතය සම්පූර්ණයෙන් පවුල වෙනුවෙන් කැපකරයි. එහෙත් බොහෝ විට පුරුෂයන් තම මානසික පීඩනයන් හෝ වෙනත් මානසික ව්‍යාකූලතා නිදහස් කරගන්නේ බීමත්ව හෝ නැතුව තම බිරිඳට පහර දීමෙනි. මේ නිසා ස්ත්‍රීන් බොහෝ විට සිටින්නේ තම සැමියාගෙන් වෙන්වය. ඒ තම නිවෙස් තුළමය. පිරිමින් හා ගැටෙන්නට නොයයි.
ඩාර්ලින් අලුත් කතාතේමාවක් නොවුනද සම්ප්‍රදායික ජනප්‍රිය නළු නිළියන් වෙනුවට ආලියා බාත් සහ වර්මා සහ ඩිල්ලි ක්‍රයිම් තුළින් ජනප්‍රියත්වයට පත් සේෆාලී වැනි රංගන ශිල්පිනියන් මෙන්ම මලයාලම් සිනමාවේ ජනප්රි රොෂාන් මැතිව්ද යොදාගෙන මෙම අධ්‍යක්ෂවරිය තමන්ට ප්‍රකාශ කළයුතු දේ ඉදිරිපත් කරයි.
මෙය කලාත්මක සිනමා නිර්මාණයක් නොවේ. මෙය Black Commedy Drama Film එකකි. මිනිස් ජීවිතවල සංකීර්ණතා, ගැටීම්, ප්රකාශනයන් වේදනාවන්, මානසික ව්‍යාකූලතා ඉදිරිපත් කිරීම් විවිධාකාර ස්වරූප ගනී.
ආලියා ඩාර්ලින්ය. ඩාර්ලින් අවසානයේ තම නිදහස විඳින්නට සිතයි.
අලුත් අධ්යක්ෂවරියක වන ජස්මීට් අසාර්ථකම නැත. එය බලා සිටිය හැකිය.අවසානයේ එහි ඇත්තේ අපරාධයකි.
ඩාර්ලින් ඔබට නෙට්ෆ්ලික්ස් තුළින් නැරඹිය හැකිය.