ආනන්ද සමරකෝනුන් ලියූ මුල් ගීයේ තිබුණේ ‘නමෝ නමෝ මාතා’ යන ඇරඹුම් පද. ඒක ‘ශ්‍රී ලංකා මාතා වුණේ මෙහෙම.
රුධිරයේ සීනි වැඩිවීම නිසා ජීවත්වෙන්න තියෙන්නේ මාස කීපයක් තිබූ අගමැති ඩී. ඇස්. සේනානායක 1952 දී ගාලු මුවදොර අශ්වයගෙන් පිටින් වැටී මළා. 1953 මහා හර්තාලය ආවා. රට බොකොලොත් විමේ ලකුණු තිබුණ. 1959 දී කැලණි රජමහා විහාරයේ මුලස්ථානය කර ගත් ජාතික භික්ෂු පෙරමුණේ නායකත්වයගේ සැලසුමක් අනුව අගමැති බණ්ඩාරනායක වෙඩි තියල මැරුව බෞද්ධ භික්ෂුවක් විසින්.
1960 ජුනි මහා මැතිවරණයෙන් බලයට පත් වී සෙනෙට් මන්ත්‍රි පදවිය හරහා අගමැති ධූරයට පත් වූ සිරිමා බණ්ඩාරනායකට සිංහල උගන්වන ගුරුවරු බවට පත් වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පංච මහා බලවේගයේ සිටි කවි කොල කාරයො. මේ කවි කොල කාරයෝ කීව “නිදහස” [ඩොමිනියන් නිදහසට මොවුන් කීවේ ජාතික නිදහස කියල] ලැබී වසර 12 ඇතුලත රටේ අගමැතිවරුන් දෙන්නේක් මැරුණ, මහා හර්තාලයක් ආවා. මේ සියල්ලටම මුල ජාතික ගීයේ ආරම්භයේ තියෙන යවහං දෝෂ නිසා බව.
සිරිමා අගමැතිවරියට මේ කවිකොලකාරයෝ උපදෙස් දුන්න, තමන්ගේ පක්ෂයේම නම එනම් ශ්‍රී ලංකා’ නමින්ම මේක වෙනස් කරන්න. ගීත රචකයාගේ අනුමැතියකින් තොරව ඒ රදල අම්මණ්ඩි කවිකොලකාරයන්ට අනුව ජාතික ගීය ආරම්භය ‘නමෝ නමෝ මාතා’ වෙනුවට ‘ශ්‍රී ලංකා මාතා’ කියල වෙනස් කළා. ආනන්ද සමරකෝනුන් මේ වන විට හිටියේ එයාගේ එකම පුතා ළමා වියේම මිය ගිය ශෝකයෙන්. ඔහුගේ මානසික පීඩනය දෙගුණයක් කළා තමන්ගේ ගීයට දේශපාලකයන් කළ වෙනස් කම. කොහොමත් ඊට කලින් ජාතික ගීය වෙනුවෙන් ආණ්ඩුව ගෙවූ රුපියල් 25000 ගියේ සමරකෝනුන්ට නොවෙයි. ඔහුගේ ගීත පොත් ප්‍රකාශයට පත් කළ සිරිවර්ධන අප්පුහාමිට. මන්ද ඔහු ගීතයේ අයිතිය ප්‍රකාශකයට විකුනලයි තිබුණේ.
මේ සියළු වේදනාවන් දරා ගන්න බැරුව සමරකෝනුන් නිදි පෙති 50 විතර බීල සිය දිවි හානි කර ගත්ත. මුල් ඉංදියන් ජාතික ගීය, බන්කීම් චන්ද්‍ර චට්ටෝපාද්‍ය ලියූ ‘වන්දේ මාතරම්’ ගීයේ හෙවනැල්ල සමරකොනුන්ගේ ‘නමෝ නමෝ මාතා’ ගීයේ තියෙනව. එහෙත් චටෝපාද්යගේ ගියේ ඇති හින්දු ආගම්වාදය තම ගීයට වැද්ද නොගැනිමෙන් සමරකෝනුන් උසස් කවියෙක් බව තහවුරු කරනව. මහගම සේකරගේ ඊනියා දේශප්‍රේමී ගීවල තිබෙන සිංහල බෞද්ධ ජාතිකවාදය උඩ දැමීම සමරකෝනුන්ගේ ගීතයේ නෑ. ඒ නිසා සමරකොනුන්ට ලාංකික ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි.
නන්දන වීරරත්න