මානව ලිංගික සංසර්ගමය ක්‍රියාවලිය නරඹන අයගේ ආශ්වාදය පිණිස විදහා පෙන්වීම පෝනොග්‍රැෆි වලදී සිදු වේ. ලිංගික සංසර්ගය කෙලින්ම විදහා පෙන්වීම වර්ථමානයේදී වැඩිමනක් සිදුවන්නේ වීඩියෝ මාධ්‍යයෙනි.
කජුරහෝ දෙවොලේ කැටයම්
අතීතයේදී මූර්ති කැටයම්, ලේඛන, සහ ප්‍රසිද්ධ අනග රැගුම් හරහා ලිංගික කර්තව්‍යය ප්‍රසිද්ධියට පත් කොට තිබේ. ක්‍රිස්තු වර්ශ 1000දී ඉදිවුනු ඉන්දීය කජුරහෝ දෙවොලේ කැටයම්වල වර්ථමානයේ පෝනොග්‍රැෆි වීඩියෝ වල පවා දැකගන්නට නොලැබෙන තරමේ අසාමාන්‍ය වූ ලිංගික ඉරියව් විරාජමාන කොට තිබේ.
2015-16 වර්ෂ දෙකේදී ලොව වඩාත්ම ජනප්‍රිය වූ පෝනොග්‍රැෆි නිළියකි මියා කලිෆා. ඇය ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවි අතරින් 71 වැනි ස්ථානයේ පසුවන පෝන්හබ් අඩවියේ ජනප්‍රියතම නිරූපිකාව විය. ඇය අසභ්‍ය දර්ශන සදහා පෙනී සිටියේ 2014 සිට 2015 මාස කිහිපයක් දක්වා වූ කෙටි කාලසීමාවක පමණක් වුවත් ඇගේ ජනප්‍රියත්වය මේ දක්වාම ඉහලම මට්ටමකින් අසභ්‍ය අඩවි අතර පවතී.
තවමත් 23 වියැති තුරුනු වියේ සිටින මියා කලිෆා යනු ඇගේ අන්වර්ථ නාමය වන අතර ඇය ඇමරිකාවට සිය මව පියා සමගින් සංක්‍රමනය වන්නේ වර්ශ 2000දීය. මියා කලිෆා 2011 වර්ශයේදී ටෙක්සාස් හි අල් පසෝ විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබද උපාධිය ලබා ගන්නීය. ඇගේ එක් විනෝදාංශයක් වන්නේ පොත් පත් කියවීමයි. අධ්‍යයන කටයුතු වලින් පසුව ඇය අවුරුදු 18 තරම් ලාබාල වියේදීම අයෙක් සමග විවාහ වී තිබේ.
ඇගේ ලිංගික දර්ශනවලට පෙනීසිටීමේ වෘත්තිය පසුබිම සංස්කෘතිය මගින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇයගේ පවුලේ දෙමාපියන් සහ නෑයින් විසින් ඇයව දැඩි ලෙස ප්‍රතික්ෂේප කොට තිබේ. වර්තමානයේ මියා කලිෆා සිය දරු තනතුරේ ලා සලකන්නේ බූල් සහිත කුඩා බල්ලන් දෙදෙනෙකි. උන් දෙදෙනා රැගෙන බඩු ගන්නට යන මාර්කට්ටුවේ සිට පවා ගත් සේයාරූ ඇගේ සමාජ ජාලා ගිණුම් වල මහත් ජනප්‍රියත්වයට පත් විය. කෙසේ වුවද උපයාගත් සුවිසල් ධනස්කන්ධයක් සහිතව වුවද නෑදෑ හිතමිතුරන් කෙරෙන් වෙන්ව හුදකලාව සුනඛයින් දෙදෙනකු සමග ජීවිතයේ බොහෝ දේට තනිවම මුහුනදෙන්නට සිදුවීම ඇතැම්විට මියා කලිෆාගේ සිතට වදදෙන කාරණාවක් වන්නට ඇත.
මියා කලිෆාට ශෝබමාන වූ දුටුවන් හැරී බලන හුරුබුහුටි අඟ පසඟ සහිත නාරි දේහයක් තිබේ. නමුත් ඇයගේ ජනප්‍රියත්වයට තවත් එක් හේතුවක් වූයේ ඇගේ ජන්මයයි. කලීෆා ලෙබනන සම්භවයක් සහිත කාන්තාවකි. හිජාබය සහිතව මුස්ලිම් කාන්තාවක් ලෙස කාමෝද්දීපන දසුන්හී පෙනීසිටියද මියා කලිෆාගේ මාපියෝ ක්‍රිස්තියානි ලබ්ධිකයෝය. පෝන් හබ් සහ ඇය පෙනීසිටි කාමෝද්දීපන විඩියෝ අඩවි වලට මැදපෙරදිගින් සහ පෙරදිග රටවලින් විශාල වශයෙන් සෙනග ගලා එන්නටද ඇගේ මිශ්‍ර ජාතිකත්වය හේතු විය.
මෑත කාලීනව වඩාත්ම මරණ තර්ජන වලට මුහුන පෑ නිරුවත් නිරූපිකාවක් වේ නම් ඒ මියා කලිෆාම විය යුතුය. අයිසිස් නම් වූ ඉස්ලාමීය සටන්කාමීන් සිරියාව ඉරාකය ආදී සුවිශාල ප්‍රදේශයක ප්රබලවම බලය නතුකරගෙන සිටින සමයක කලිෆා ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැග සිටියාය. ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් මෙන්ම ලොවවටා ඉස්ලාමීය කොටස් වලින් කලිෆාට දරුණු අන්දමේ තර්ජන ගර්ජන රැසක් එල්ලවන්නට විය. නමුත් ඒ කිසිවකින් සැලුනේ මියා කලිෆා නොවේ.
හිජාබයෙන් හැඩ වුනු කලීෆා
කාමෝද්දීපන විඩියෝවලට මුහුනදෙන බොහෝ කාන්තාවෝ ඒ ඔස්සේ ගොස් මත්ද්‍රව්‍ය සහ අයහපත් චර්යාවන්ට යොමු වී ජීවිතය කෙටිකලකින්ම අවසාන කරගත් අවස්ථා ඉතිහාසයේ බොහෝ වෙති. නමුත් මියා කලිෆා සිය දායකත්වය කාමෝද්දීපන විඩියෝ කරා යොමුකලේ අවුරුද්දකටත් අඩු කාලයක් පමණි. ඉන් පසු ඇය එම ජනප්‍රියත්වයෙන් අනුග්‍රාහක දැන්වීම් වෙළද නාම ආදී විවිධ ක්ෂේත්රවලින් සහ වෙබ්කැම් නිරුපිකාවක ආදී ලෙස සිය ජීවිතය සකස්කරගත්තාය. වර්ථමානයේ ඇය විවිධ ක්‍රීඩා කන්ඩායම් සදහා නිරූපිකාවක,සහායිකාවක ලෙස පෙනී සිටින්නීය.
ඇයට ට්විටර් රසිකයින් මිලියන 1.4කි. ඇගේ පිටුවට ඇති ෆේස්බුක් මනාප සංඛ්‍යාව මිලියන 2.5කි. විවිධාකාර කාමෝද්දීපන අඩවි හරහා ඇගේ ජවනිකා වරක්වත් නරඹා ඇති පිරිස මිලියන 500කට වැඩිවිය හැකි බව ඇතැම් වාර්තා අඩවි පෙන්වා දෙයි. මුස්ලිම් ඇඳුම් ඇදීමත් ඇය මැදපෙරදිග මූලයක් සහිත ආන්දෝලනාත්මක චරිතයක් වීමත් නිසා ඇයට ආසියාතික සහ බටහිර යන දෙපාර්ශවයේම ආකර්ශනය ලබාගන්නට හැකියාව ලැබුනි.
ලෙබනන ජාතික ගීයේ මුල් පද පේලි දෙක සහ ලෙබනන හමුදාවේ සංකේතයක් මියා කලිෆා පච්ච ලෙස සිය සමේ කොටාගෙන ඇත. ඇය සිය පියාගේ මතයට ගරු කිරීමක් ලෙස ලෙබනන හමුදා සංකේතයන් පච්ච ලෙස සිය සමේ රූපනය කරගත් බවට කලිෆා අදහස් හිජාබයෙන් හැඩ වුනු කලීෆා
ප්‍රකාශ කොට ඇත. මියාට මැදපෙරදිගින් තර්ජන වැඩිම කලෙක ට්විටර් හරහා සිය රසිකයන් වෙත අදහස් දැක්වූ කලිෆා කියා සිටියේ තමුන් වැනි නිරූපිකාවක ගේ සදාචාරය ගැන බලනවාට වඩා සිය කලාපයේම සිටින අයහපත් පාලකයින් සහ මැදපෙරදිග වෙලාගන්නා සටන්කාමීන් ගැන බැලීම මැදපෙරදිග අයට වඩාත් හොද විය හැකි බවය.
සෞදි අරාබිය යනු දැඩි ලෙස අන්තවාදී ආගමික නීති රීති තවමත් ක්‍රියාත්මක වන ලෝකයේ ඇති ප්රබලතම මුස්ලිම් රාජ්‍යයකි. දේශපාලනිකව ඇමරිකානු හිතවාදී වුවත් සෞදියේ සංස්කෘතික හැඩය ඇමරිකන් මාදිලියට නිර්මාණය වී නොමැත. දඩබ්බර දේශපාලකයෙක් ලෙස වර්ථමානයේ පතල ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ කාල සීමාවේදී මියා කලිෆා සෞදි අරාබියේ තානාපතිනිය කල යුතු බවට පිරිසක් ඔන්ලයින් පෙත්සමක් අත්සන් කලෝය. කිසියම් විනෝද සහගත ක්‍රියාවක් ලෙස පෙනුනද එහි ගැඹුරු දේශපාලන සෝපහාසයක්ද ගැබ්ව තිබේ.
ඇගේ කතාවම ඇතුලත් මියා කලිෆා නැමැති රැප් ගීතයක්ද 2015දී එලිදැක්වින. එම ගීතයද මියා කලිෆා ජනප්‍රිය වූ ලෙසම නොසිතූ ලෙස ගීත දර්ශක වලට එකතු වෙමින් ජනප්‍රියත්වයට පත් විය.
කාමෝද්දීපන විඩියෝ හෙවත් පෝනොග්‍රැෆි යනු ලොවපුරා පැතිරුනු කර්මාන්තයකි. මියා කලිෆා එයට වැටී මුලු ලොවපුරා ප්‍රේක්ෂකයින් රැසක් මුසපත් කොට නික්ම යන තෙක්ම ඇමරිකාවේද එම ක්ෂේත්රයේ ඇතැම් ප්‍රබලයන් මියා කලිෆා ගැන දැන නොසිටියේය. එසේම ලිංගික රඟපෑම් වලින් නිසි කලදී නික්මුනා සේම ඇය සිය ජීවිතයම කාමෝද්දීපන රගපෑම් වෙනුවෙන් කැප කලේ නැත. සාමාන්‍ය ජීවිතයේදි සාමාන්‍ය යුවතියක් ලෙස බොහෝවිට හැසිරෙන මියා පැහැදිලි ලෙසම සාමාන්‍ය ජීවිතය සහ රගපෑම අතර වෙනසක් දිගටම පවත්වාගෙන යන්නට සමර්ථ වූවාය.
ලලනාවන්ගේ ස්ත්‍රී ගුනය වඩාත් ඉස්මතු කරමින් ලිංගික හැගීම් කුලුගැන්වෙන අයුරින් ආලිංගන අභිනයන් සහිතව රඟපෑම් හි යෙදෙන නිලියන් සහ නිරූපිකාවන් ලොවෙන් බොහෝ පැසසුම් ලබති. එහෙත් සියල්ල විහිදා පෙන්වන කාම නිලියෝ සහ නිරූපිකාවෝ, නමින් හෝ නිලියන්, නිරූපිකාවන් ලෙස හැඳින්වීම පවා ඇතැම් ගුරුකුල වලින් ද්වේශ සහගතව ප්‍රතික්ෂේප කරනු ලැබේ. එම තත්වය සනී ලියොන්, මියා කලිෆා වැනි පුළුල් චරිත හරහා වර්ථමානයේදී යම්තාක් දුරට අඩුවෙමින් පවතී.
ඇමරිකානුවන් මියා කලිෆාට පැසසුම් ලබාදෙන අතර ඒ අවස්ථාවේ දිවා කල ගෙවෙන මැදපෙරදිග ජනයා කලිෆාගේ රගපෑම් වලට එරෙහි වෙති. එහෙත් අසැබි අඩවි වල ට්‍රැෆික් දත්ත අනුව නම් මැදපෙරදිග ජනයාද ඔවුන්ගේ රාත්‍රි කාලයේදී රහසින් හෝ මියා කලිෆාගේ කාමෝද්දීපන රැඟුම් සොයා අන්තර්ජාලය පීරති.
-Amila chathuranga