lan englan tam

O Oපේ

“කිසිම ගෑණු දරුවෙක්ට චේතිට වුන දේ වෙන්න එපා” ශලනි තාරකා දැනෙන්නම කියපු කථාව මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දින වල සති අන්තයේ ස්වාධින රූපවාහිනියෙන් විකාශය වෙන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි “වීදුරු තිර” කියලා කියන්නේ.

මේ ටෙලි නිර්මාණය විශේෂ වෙන්නේ බොහෝ නිර්මාණකරුවන් කතා කරන්නට මැළි වෙන එහෙත් සමාජයේ යාථාර්ථයක් උන මාතෘකාවක් ගැන මේ ටෙලි නාට්‍යයෙන් කතා කරන නිසා.

ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කරන මේ ටෙලි නිර්මාණයේ “චේති” කියන තරුණියගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා.

ඉතින්, ‘චේති’ ගේ චරිතයට පණ පොවන ශලනි ‘විදුරු තිර’ ටෙලි නිර්මාණය ඇසුරින් අපූරු සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එක් කරළා තිබුණා.  

මේ දවස් වල "විදුරු තිර" ටෙලි නාට්‍යයේ නම් තමන්ගේ ස්වාමියාගේ අමුතු හැසිරීම ගැන 'චේති' ඉන්නේ අර්බුධයක. ඉතින්, විදුරු තිර ටෙලි නාට්‍යයෙන් ශලනි කියන්න හදන පණිවිඩය මොකක්ද කියලා ඔබත් කියවලාම බලන්නකො.

පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

(උපුටාගැනීම)

කැත්ත හරියට පෙත්ත බින්දට
බෑ දෙකේ මූණු
එකට පීනන හංසයොන්ටත්
අයිති නෑ ගෑනූ
මලක වැහුවට බඹරු හැමවිට
හොයන්නෑ රේණු
මඟුල් දවසට නැතුව මොකටද
පැණි හඳේ නානු......
 
"කිසිම ගෑණුදරුවෙක්ට චේතිට වුන දේ වෙන්න එපා."
තවත් ගෙදරක අම්මෙක් තාත්තෙක් ලස්සනට ආදෙරන් හදපු ගෑනුදරුවෙක්ව සින්නක්කර අයිතිය දීලා වෙනත් ගෙදරකට පිටත් කරන්නේ ඒ දරුවගේ ජීවිතේ ලස්සන කරන්න. අනාගතේ සාර්ථක කරන්න.
ඒ දරුවව අතට ගත්ත දවසේ ඉදලා දැකපු හීන ගොන්නක් පපුවේ හිරකරගෙන මැරෙන්න කලින් ඒ දරුවා ජීවිතේ දිනනවා දකින්න.
මේක දරුවන්ට ආදරේ කරන හැම දෙමාපියන්ගෙම පැතුමක්.
ඒත් එච්චර විස්සවාසෙන් දීග දුන්නු දරුවට චේතිට අත්වුන ඉරණම හිමි වුනොත්....,
 
නටුවටත් කිරි එරෙන දවසක්
බලන් හිඳිනා මලක් තනියම
හඳක් එක්කලා බෙදාගත්තම
මොකද පැණි බිංදුවක්
රහත් වෙන්නට තවත් කල් ඇත
පෙරුම් පුරනා වගක්වත් නැත
අනේ දෙව්දත් නොදිටි මොක්පුර
කියා වැලපෙන ලඳක්...
 
තමන්ගේ දෙමාපියන්ගේ හීන බලාපොරොත්තු කුඩු කරන්න බැරුව ඒ අයගේ හිත රිදවන්න බැරුව,
ලෝකේට පේන්න මේ හැමදේම හිරකරගෙන ඉන්න ගෑණු දරුවෝ කිදෙනෙක් මේ රටේ ඉන්නවා කියලා හිතනවද...?
 
රැයේ තනියට තියාගත්තම
මොකද කණ්ඩුල ඇතෙක්
සිරීපාදේ වඳින්නැත්තං
මොකට ගෙදරට පුතෙක්...
 
තමන්ගේ ලිංගික දිශානතිය [sexual orientation] එක හදුනගන්නේ නැතුව හදුනාගත්තත් ඒක උපන්දා ඉදන් හැදුන පවුලට කියාගන්න ශක්තියක් නැති දරුවෝ කීදෙනෙක් මේ සමාජය ඇතුලේ දුක්විදිනවා ඇතිද ?
හරිහමන් ලිංගික අධ්යාපනක් නැති රටක මේ දේවල් බුද්ධියෙන් ඇහුම්කන් දෙන්න වාතාවරණයක් තියෙනව?
 
මලක වැහුවට බඹරු හැමවිට
හොයන්නෑ රේණු
මඟුල් දවසට
නැතුව මොකටද
පැණි හඳේ නානූ....
 
තමන්ගේ ලිංගික දිශාන්තිය පිලිගන්න මිනිසුන් විදිහට අපි හැමෝටම අයිතිය තියෙනවා. ඊට සමාන සහකරුවෙකු/සහකාරියක තෝරාගන්නත් අපිට අයිතිය තියෙනවා.
හැබැයි තමන්ගේ අභ්යන්තර ගැටලුව විසද නොගෙන සමාජ සම්මතයට සදාචාරයට ඇති බය නිසා ඊට සමාන ලිංගික දිශාන්තියක් "නැති" කෙනෙක් අපහසුතාවයට පත්කරන එක කෙතරම් අසාධාරණද?
මේ සංස්කෘතිය ආගම දර්ශනය ඇත්තේ මිනිසුන්ගේ ජීවිත පහසුකිරීමට, තීරණගැනීමට උදව්වීමට නමුත් ඒවාට වහල් වෙලා බය වෙලා අපි ගන්න තීරණ වලින් තවත් ජීවිතයක් ගැටලු ගොඩකට මුහුනදෙනවානම් එවායින් ඇති තේරුම කුමක්ද?
තමන්ට තව කෙනෙකුගේ ජීවිතය නිවැරදිව දකින්න බැරිකමනිසා අනිත් අයගේ ජීවීත විනිශ්චය කරන්න අපහසුතාවයට පත්කරන්න කිසිම අයිතියක් නැත.
"විදුරු තිර" වලින් වැහුනු වින්විද පේන ජීවිත බිදෙන්නට පෙර අරිනට අපි දරපු වෑයමක්...
-ශලනි තාරකා-
(උපුටාගැනීම අවසන්)
 
499675074 1151697090335390 7040035036715637385 n
 
(මෙම සටහන 'Shalini Tharaka' ගේ ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom