lan englan tam

O Oපේ

‘වීදුරු තිර’ හැදුවේ NGO සල්ලි වලින්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දින වල සති අන්තයේ ස්වාධින රූපවාහිනියෙන් විකාශය වෙන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි “වීදුරු තිර” කියලා කියන්නේ.

මේ ටෙලි නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ ශාන් ජයරත්න.

මේ නිර්මාණය මේ දින වල බොහෝ දෙනා අතර කථා බහට ලක්වෙන්න විශේෂම හේතුවක් වෙලා තියෙන්නේ මේ ටෙලි නිර්මාණය තුළින් සාකච්ඡාවට ගැනෙනෙ කතා තේමාව නිසායි.

මේ ටෙලි නාට්‍යය තුළින් සමලිංගික පිරිමි පෙම්වතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක්,

සමාජයේ බලාපොරොත්තු, පවුල් පීඩනය, සහ ආචාරධර්ම නාමයෙන්, කාන්තාවක් සමග විවාහ ගිවිසුමකට බැඳීම නිරූපණය කරන අතර මේ හරහා සිදුවන අර්බුධකාරී තත්වයන් නාට්‍ය පුරාම නිරූපණය වෙනවා.

ඉතින් මේ නිර්මාණයට මේ දවස් වල ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විවිධ පාර්ශවයන්ගෙන් විවේචන සහ චෝදනාත් එල්ල වෙලා තියෙනවා දැකගන්න පුළුවන්.

මේ විවේචන සහ චෝදනා අතර වීදුරු තිර ටෙලිනාට්‍යය හරහා සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරනවාය, රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලබා ගෙන එම අවශ්‍යතා මත මෙවැනි ටෙලි නාට්‍ය නිර්මාණය කරනවාය, මෙවැනි දේවල් සැබෑ සමාජයේ සිදු වන්නේ නැහැ. වගේ විවේචන වගේම චෝදනාත් දැකගන්න පුළුවන්.

ඉතින් මේ එල්ල වන චෝදනා පිළිබඳව ‘වීදුරු තිර’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන “චේති” ගේ චරිතය නිරූපණය කරන ජනප්‍රිය නිළි ශලනි තාරකා සිය මුහුණු පොත හරහා අදහස් දක්වලා තිබුණා.

ඇය විශේෂයෙන් මෙහිදී සදහන් කරලා තිබුණේ  වීදුරු තිර ටෙලි නාට්‍ය හාරහා නිරූපණය වන කථාව සැබෑ සමාජ යථාර්ථයක් බවත් තම ගිණුමට ලබුණු Inbox පණිවිඩ ඊට සාක්ෂි දරණ බවයි.

පහතින් දැක්වෙන්නේ ශලනි තාරකා විසින් සිය නිල ෆේස්බුක් ගිණුම හරහා දක්වා තිබූ සටහනයි. එමෙන්ම ඇය මෙම පණිවිඩය සමග තම ගිණුමට පැමිණි Inbox පණිවිඩ කිහිපයක සටහන් ද එක් කොට තිබුණා.

(උපුටා ගැනීම)

LGBTQ ප්රවර්ධනය කරනවලු, NGO වලින් සල්ලි අරන්ලු, රජයේ වැඩලු, ඔහොම දේවල් වෙන්නේ නැහැලු බොරු කතාලු, ඒ මදිවට ස්ටෙජ් නැගලත් ගෑණුකෙනෙක් කෑගහනවා දැක්කා.

එතකොට මේ ටිකේ Inbox පිරිලා තියෙන්නේ බොරුවෙන්ද?

හිතලා බලන්න මේ ඉන්නේ මේ රටේ දුක්විදින ගෑනුජීවිත ටිකක්.

තව කීයක් හැංගිලා ඇතිද ?

vt g 1

(උපුටා ගැනීම අවසන්) 

එමන්ම විදුරු තිර ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන ශාන් ජයරත්නත් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම විවේචන සහ චෝදනා පිළිබඳ අදහස් දක්වලා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඔහු මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා තබා තිබූ සටහනයි.

ඉතාම සරලව කියන්න තියෙන්නේ.. රජයේ මොකෙක්වත්, NGO මඟුලක්වත් අපිට සල්ලි දුන්නෙ නෑ... ලංකාවේ සාමාන්යය නාට්යයකට ගෙවන මුදලම තමයි නාලිකාවෙන් අපිට ගෙවන්නෙ.. අපි කරේ අපිට හිතුන දේ.. මෙහෙම ඒවට සල්ලි ගෙවන NGO මොනාහරි තියෙනවනන් ඇත්තටම අපිට කීය කීය හරි දීපල්ලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ..

 

499675074 1151697090335390 7040035036715637385 n 1

 

(ෆේස්බුක් සටහන් උපුටා ගැනීම 'Shalani Tharaka' නිල ෆේස්බුක් පිටුව ඇසුරින් සහ 'Shan Jayarathna'  ගේ ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom