lan englan tam

O Oපේ

අමීර් ඛාන්ගේ අනියම් ප්‍රේමයේ දරුවෙකු ගැන සොයුරා කරන හෙළිදරව්ව!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන්ට සිය පළමු විවාහය අතරේ තවත් අනියම් සබඳතාවයක් පැවති බවත් විදෙස් ජනමාධ්‍යවේදිනියක සමග පැවති එම සම්බන්ධතාවයෙන් දරුවෙකු සිටින බවටත් අමීර් ඛාන්ගේ සොහොයුරා වන ෆයිසාල් ඛාන් හෙළි කරනවා.

ඒ මුම්බායිහිදී ඔහු විසින් ඊයේ(18) පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුරයි. ඔහු සිය පවුල සමඟ පවතින සියලු සම්බන්ධතා අත්හරින බවත් ඊට හේතුවූ කරුණු පැහැදිලි කරමිනුයි මෙම මාධ්‍ය හමුව පවත්වා තිබෙන්නේ.

ෆයිසාල් ඛාන් ද බොලිවුඩයේ රංගන ශිල්පියෙක් වනවා.

aamir faisalඅමීර් ඛාන් සහ ඔහුගේ සොහොයුරු ෆයිසාල් ඛාන්

අමීර් ඛාන්ගේ පළමු විවාහය සිදුව තිබුණේ රීනා දත්තා සමඟයි. 1986 දී විවාහ වූ ඔවුන් දෙදෙනා 2002 දී දික්කසාද වී තිබුණා.

පසුව කිරන් රාඕ නමැති හින්දි සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකවරියක සමඟ 2005 වසරේදී විවාහ වී පසුව 2021 දී දික්කසාද වී තිබෙනවා.

මේ වන විට එම විවාහයන් වලින් අමීර්ට දරුවන් තිදෙනෙක් සිටිනවා.

අමීර් ඛාන්ගේ සොහොයුරා ෆයිසාල් හෙළිකරන්නේ අමීර් විවාහය අතරතුරම අනියම් සම්බන්ධතා කිහිපයක්ම පවත්වාගෙන ගොස් ඇති බවත් ඉන් බ්‍රිතාන්‍ය ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක වන ජෙසිකා හයින්ස්ට අමීර්ගෙන් දරුවෙකු සිටින බවයි.

අමීර්- ජෙසිකා පෙම් කතාව පිළිබඳ මුලින්ම ප්‍රසිද්ධියට පත්වුණේ 1999ත් 2000 වසරත් අතර කාලයේදී වන අතර  1998දී පමණ ‘ගුලාම්’ සිනමාපටයේ රූගත කිරීම් අතරතුර වූ ඔවුන් මුලින්ම හමුවී තිබුණ බව සදහන්.

ජෙසිකාට දරුවකු ලැබීමට සිටින බවට දැනගත් වහාම අමීර් එම වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කළත් දරුවා හදාගැනීමටත් ජාන් යනුවෙන් නම් තැබීමටත් පියවර ගත් බව කියවෙනවා.

ජෙසිකා කාලයක් තිස්සේ ඉන්දීය සිනමාව ගැන ලිපි රචනා කළ වාර්තාකාරිනියක් වන අතර ජනප්‍රිය ‘බිග් බී: බොලිවුඩය, බච්චන් සහ මම’ කෘතිය ලියා ඇත්තේ ද ජෙසිකා විසිනුයි.

මේ පිළිබඳව හෙළි කරමින් ෆයිසාල් ඛාන් මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ තමාට මානසික රෝගයක් ඇති බව ඔප්පු කිරීමට තම පවුල උත්සාහ ගන්නා බවත් ඒ නිසා තම පවුල අත්හැරීමට තීරණය කළ බවත්ය.

එමෙන්ම තමා වසරක පමණ කාලයක් නිවාස අත්අඩංගුවේ සිටිය බවද ඔහු මාධ්‍ය හමුවේදී නීතීඥයන් පසෙකින් තබා ගෙන ප්‍රකාශ කොට තිබෙනවා.

 

( මූලාශ්‍රය - www.hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom