මේ දවස්වල සමාජ මාධ්‍යයේ ගත්තත් වැඩිපුරම කතා වෙන මාතෘකාවක් බවට ජනප්‍රිය තේ සන්නාමයක ප්‍රචාරණ වෙළඳ දැන්වීමක් පත්වෙලා තියෙනවා කියන එක ඔබ කවුරුත් දන්නවා ඇති.
ඉතින් මේ ප්‍රචාරණ දැන්වීම පිලිබඳව පළ උන අදහස් අතර ඇතැම් විවේචනත් එල්ල වෙලා තිබුණේ මේ හරහා LGBTQ අන්තර්ගතයන් ප්‍රවර්ධනය වෙනවා වැනි අදහසක් පළ කරමින්.
ඉතින්, මේ විවිධ අදහස් අතර මේ ගැන මධ්‍යස්ථ අදහසක් ලියලා තිබුනේ අපි කවුරුත් දන්න සිනමා අධ්‍යක්ෂක අශෝක හඳගම විසින්.ඒ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහායි.
වෙළඳ පොළ තුළ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය ගැන වගේම මේ කතාබහට ලක්උන වටවල tea කොමර්ෂල් එක ගැනත් ඔහුගේ අවංක අදහස් ඔහු විසින් දක්වලා තිබුණේ මේ විදිහටයි.
( උපුටා ගැනීම)
"මම නම් advertisements දිහා බලලා බඩු ගන්න යන්නෙ නෑ. අලුත් කෑමක් නම්, ගාන බලලා ඒ ගානට වටිනවද, රහයිද, දැනගන්න පුලුවන්නම් ගුණ අගුණ ද බලලා තමයි ගන්නේ. වෙන බඩුවක් උනත් එහෙමයි. Advertisements වල කිව්ව පලියට ඒවායේ කියන හොඳ නරක විශ්වාස කරලා ගන්න යන්නෙ නැහැ. (මේ දවස්වල මරදන්කඩවල මොකක්ද jel එකක් ගැන කියනවා ඒක දකිනකොට ඇඟේ මයිලුත් එක්ක කෙලින් වෙනවා.! )
මං ආසම විහිළුකාර youtubers ලා තමයි ජනයි-ප්‍රියයි, ලකයි-සිකයි, චූටිමල්ලි- පොඩි මල්ලි, ලෝචි වගේ අය. ඒ අය වුනත් විහිළුවෙන් විහිළුවෙන් brand promotions කරනවා. එතකොට celebrities නළු නිලියෝ, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වුණත් විවිධ භාණ්ඩ හා සේවාවන් ප්‍රවර්ධනය කරනවා. මං කරන්නේ ඒව බලලා ඒවායේ ගත හැකි දෙයක් තියෙනවා නම් අරන්, විනෝද වෙලා මට ඕන දේ මගේ තරමේ හැටියට මිලදී අරන් පරිභෝජනය කරන එක.
මේ brand promotions කරන ඇතැම් comercial හරි ලස්සනයි. Brand එක මොකක් උනත් ඒ කොමර්ෂල් එකෙන් කියන පණිවිඩය හරි රසවත්. හිත් කාවදින සුළුයි. මානුෂීයයි. මං ඒවා බලන්න ආසයි.
වටවල tea කොමර්ෂල් ඒකත් ඒ වගේ. ඒකේ පණිවිඩය, ‘ කොටුවෙන්න එපා. වට වෙන්න. කොටු රාමුවලින් මිදී ජාතියක් ලෙස වට වෙමු.’ හරි ලස්සනයි.
මං කොහොමටත් සුළුතරයේ පැත්ත ගන්න මිනිහෙක්. I'm a man who always sides with the minority.
ඉතින් ඇයි අවුල්ද? අනේ මන්ද. මට නං ඒකේ අවුලක් නෑ."
(උපුටා ගැනීම අවසන්)
සටහන - අශෝක හඳගම
(මෙම සටහන 'Asoka Handagama' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)









