ඊයේ (03), දවස පුරාම සමාජ මාධ්‍යයේ බොහෝ කට කතා නිර්මාණය වූ මාතෘකාවක් උනේ,
ජනප්‍රිය ඉන්දීය නළු නිළියන් දෙපළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා අප්‍රසිද්ධියේ විවාහ ගිවිසගෙන තිබෙනවා කියන කාරණාවයි.
රශ්මිකා සහ විජේ දෙදෙනාම මේ ගැන මාධ්‍යට කිසිම ඡායාරූපයක් හෝ සදහනක් එක් කරළා නොතිබූ නිසාම, මේ ගැන හැමෝටම තිබුනේ කුතුහලයක්.
කොහොම උනත් මේ විවාහ ගිවිස ගැනීම සත්‍ය බව තමයි දැන් වාර්තා වෙලා තියෙන්නේ.
මෙය පෞද්ගලික ස්ථානයක විජේ සහ මන්දනාගේ පවුලේ සාමජිකයන් සීම්ත පිරිසකගේ සහභාගීත්වයෙනුයි සිදු වෙලා තියෙන්නේ.
මේ ගැන ඉන්දීය වෙබ් අඩවි බොහොමයකුත් තහවුරු කරලා තිබෙනවා.
අද විජේ ගේ පාර්ශවයෙනුත් මාධ්‍ය වලට මෙය තහවුරු කරලා තිබුණා.
කොහොම් උනත්, රශ්මිකා සහ විජේ යුවලගේ මේ ආදර සම්බන්ධය ගැන ආරංචි කරළියට එන්නේ නම් අද ඊයේ ඉදන් නෙමේ.
2018 විතර ඉදන් මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධතාවය ගැන විවිධ කට කතා වාර්තා වෙනවා.මේ ගැන මුලින්ම වාර්තා වෙන්නේ ඔවුන් දෙපළම රංගනයෙන් එක් උන ‘Geetha Govindam’ (2018) චිත්‍රපටය සමගයි. ඉන්පසුව 2019 'Dear Comrade' චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුරත් මේ සම්බන්ධය ගැන කතා බහට ලක් උනා.
මෑතකදී ඔවුන් දෙපළ එකට ඉන්නවා දැක ගන්න ලැබුනේ පසුගිය අගෝස්තු නිවුයෝර්ක් වල තිබුන 43 වන ඉන්දියානු දින පා ගමන අතර තුරයි.
ඉතින්, රසික අවධානය යොමු නොවන විදිහට මේ විවාහ ගිවිස ගැනීම සිදු වෙලා තිබෙන බව පේන්න තිබුනත් තවදුරටත් එය රහසක් නොවන බව තමයි පෙනෙන්නේ.
ඒ වගේම මේ තොරතුර විජේ දේවරකොණ්ඩා ට සහ රශ්මිකා මන්දනාට ආදරය කරන රසිකයන්ට නම් බොහෝම අපූර්ව තොරතුරක් වේවි.









