ඉහත ඡායාරූප වල ඉන්නේ වින්ද්‍යා මධුෂංකනී රාජගුරු
බොහෝ දෙනෙක්ට නම් ඇගේ වර්තමාන ඡායාරූප වලින් ඇයව එකවරව අඳුරගන්න බැරි වේවි.
වින්ද්‍යා 1999 වර්ෂයේ පමණ සිට ලාංකීය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට වගේම රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා වගේම, ජනප්‍රියත්වයට පත් උනා.

කොහොම උනත්, 2015 වර්ෂයේදී සිය වසර 17 ක රංගන දිවියට සමුදුන්න වින්ද්‍යා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා.
එහිදී ඕස්ට්‍රේලියාවේ කායවර්ධන මධ්‍යස්ථානයක ව්‍යායාම උපදේශිකාවක් විදිහට කටයුතු කරන්න යොමුවෙනවා.
ඉතින්, එදා රූපවාහිනී තිරයෙන් දැකපු ඇය අද මේ විදිහට ශාරීරික ව්‍යායාම වලට යොමු වීමත් එක්ක එක්වරම අඳුනගන්න බැරි තරම්ම පෙනුමෙන් වෙනස් වෙලා.

ඇය ගැන නැවතත් බොහෝ දෙනාගේ මතකයට නැගුනේ පසුගිය දිනෙක ඇය සමාජ මාධ්‍යයේ පැරණි ටෙලිනාට්‍ය group එකකට තබා තිබුණු පණිවිඩයක් එක්කයි.
ඉතින් මේ සටහන තැබුවේ ඇයව නැවතත් ප්‍රේක්ෂකයන්ට මතක් කර දෙන්න වගේම, තමන්ගේ ශරීර සෞඛ්‍ය එදාටත් වඩා හොඳින් පවත්වා ගනිමින් වින්ද්‍යා කටයුතු කරන ආකාරය බොහෝ දෙනෙක්ට තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් නැවත හිතන්න පෙළඹවීමක් ඇති කරන නිසා.
ඒ වගේම තමයි දන් ඇය රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයා අතරට එන්නේ නැතත් ඇයගේ face book හා instagram ගිණුම හරහා සෞඛ්‍යමත් දිවියකට බොහෝ තොරතුරු එක් කරමින් සක්‍රීයව කටයුතු කරනවා. Vindy Wenqulanbergh












