lan englan tam

O Oපේ

සිනමාවේ අරවින්දය සනත් ගුණතිලක සහ ජානකී විජේරත්න යුග දිවියට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක සහ ජානකී විජේරත්න යුග දිවියට පිවිස තිබෙනවා.

මෙලෙස, සනත් ගුණතිලක සමග ව්වාහ දිවියට එක්වූ ජානකී විජේරත්න වූ කලී කලක් මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් ද වූ අතර වර්තමානයේ චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස සිනමාව සමග සම්බන්ධව කටයුතු කරනවා.

 

568761944 756773100667959 2996584373711636697 n

 

පසුගිය කාලය පුරාම මේ දෙපළ ප්‍රසිද්ධ අවස්ථා කිහිපයකටම එක්ව සහභාගී වූ අතර ඔවුන් පෙම්වතුන් බවයි බොහෝ දෙනා පැවැසුවේ.

ඉතින්, විවාහය ගැන නිළ වශයෙන් සදහන් කරමින් ඔවුන් දෙපළ සදහන් කොට තිබුණේ මීට මාස 6 කට පමණ පෙර විවාහ වූ බවත් මංගල උත්වයක් පවත්වමින් ඒ ගැන ප්‍රසිද්ධ කිරීමට ඔවුන් බලපොරොත්තු නොවූ බවයි.

එමෙන්ම මේ ආදර සම්බන්ධය ගොඩනැගුණු අකාරය ගැනත් මේ දෙපළ සදහන් කර තිබූ අතර, මෙම වසරේ තිර ගත වූ 'රණී' චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා කටයුතු කිරීමේදී එහි ප්‍රවර්ධන කටයුතු වලදී ඔවුන් දෙපළට එක්ව කටයුතු කරන්නට ලැබුණු බවත් එහිදී දෙදෙනාගේම අදහස් වල බොහෝ ගැළපීම් ඇති බව දැනගත් බවයි.

ඉතින් ,මේ සම්බන්ධය ඉක්මනින්ම විවාහයක් කරා ගොස් තිබුණේ  එසේ නොවුවා නම් ජානකීගේ පර්ශවයට මේ සම්බන්ධය නිසා යම් අගතියක් සිදු විය හැකි වූ බැවිනි යැයි සනත් ගුණතිලක සදහන් කොට තිබුණා.

ඒ අනුව දෙදෙනාගේම කැමැත්ත මත මේ සම්බන්ධය විවාහයක් කරා ගොස් තිබුණා.

 

ඉතින්, ජීවිතයේ අලුත් පරිච්චේදයකට එක්වූ මේ දෙපළටම 'mirror arts' අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නට ද මෙය අවස්ථාවක් කොට ගන්නවා.

පහහින් දැක්වෙන්නේ අචාර්ය මහේෂ් හපුගොඩ විසින් සනත් - ජානකී යුවළට සුබ පතමින් එක් කොට තිබූ සටහනක්.

එය වඩාත් අපූර්ව සටහනක් බව අපට හැඟුණ නිසා එය මෙසේ උපුටා දක්වනවා.

(උපුටා ගැනීම)

මේ බතී නෙවෙයි....
 
අපි අපේ ගමන පටන් ගන්නේ තනියම.
තනියම ගමනක් පටන් අරගෙන ඒ ගමනේ අවසානය දක්වා තනියමම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ගේ අත ඒ ගමන මඟදී අල්ලාගන්නත් පුළුවන්.
ඒ අත අල්ලාගන්න කෙනා ඉතාම විශේෂ පුද්ගලයෙක් උනොත් අපි අර තනියම අවසන් කරන්න දෛවෝපගත වෙලා තිබ්බ ගමනට ලොකු උත්කර්ෂයක් අරන් එන්න පුළුවන්.
මේ ගමන මඟදී අර සුවිශේෂ කෙනා හමුවෙන තැන කොතැනද කියල කියන්න බැහැ. හමුවෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒක නිශ්චිත නැහැ. ඒ අවිනිශ්චිත බව තමයි ජීවිතේ ලස්සන හැටියට බටහිර දර්ශනය හඳුනාගන්නේ.
 
ලාංකික සිනමාවේ එක සළකුණක් හැටියට සනත් අපිට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිමේෂය සුබ හැරවුමක් වෙන්න කියල පාර්ථනා කරනවා සනත්...හැබැයි මේ බතී නෙවෙයි. ඔයා අරවින්දත් නෙවෙයි. මේ ඔයාගේ ජීවිතේට ඇවිල්ල ඉන්නේ දෛව ස්ත්රියක්. ඒ නිසා ජීවිතේට උත්කර්ෂයක් තියෙයි.
නිව්ස් එකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. අනික මේ බතී වෙන්න ඕනිත් නැහැ.
 ඉහත සටහන උපුටා ගැනීම 'Mahesh Hapugoda' ෆේස්බුක් පිටුව ඇසුරිනි. 
 

568748219 756771944001408 4561840422497590348 n 

 

kemadasa

shungara

Back to top
Go to bottom