lan englan tam

O Oපේ

“2026 දීත් මං නිහඬවම බලන් ඉන්නව” - ධනංජය සිරිවර්ධන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ධනංජය සිරිවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න ඉතා දක්ෂ, ජනප්‍රිය චරිතාංග නළුවෙක්.

ඒ බව පසුගිය කාලය පුරාම ඔහු ඉදිරිපත් කළ රංගනයන් තුළින් පෙනෙන්නට තිබුණා.

නිමා උන වසරේත් 'ඉර ගිනි මද්දහන' ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ “බණ්ඩාර” නම් පොලිස් නිලධාරියාගේ චරිතය වගේම “මදර් ලංකා” චිත්‍රපටයේ ඔහු නිරූපනය කළ “සත්‍යා” නම් සංක්‍රාන්ති ලිංගික චරිතය බොහෝ දෙනාගේ කතා බහට වගේම ජනප්‍රසාදයට ලක් උනා.

කෙසේ වෙතත් පසුගිය වසර වල ඔහුගේ රංගනයන් වෙනුවෙන් නිසි ඇගයීමක් ලැබුනාද?

 මේ ගැන රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන විසින්ම සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් පළ කරළා තිබුණා.

ඒ මේ විදිහටයි>>

(උපුටා ගැනීම)

නිසි සම්මානය නොලැබුනේ

නිසි ඇගයීම නොලැබුනේ

නිසි වටිනාකම නොලැබුනේ

පාසැල් ශිෂ්‍යාවට විතරක් නෙවෙයි..

වෙනසකට උනේ ඇය එය

ප්‍රසිද්ධියේ කීව.

 

2026 දී

2026දීත් මං නිහඬව ඉන්නේ

සමහරු නලු නිලියො ඉන්නව සම්මාන පතාගෙන ආපු..

සමහර විචාරකයො ඉන්නව දැනටමත් ලිඛිතව සම්මාන ලියල දීල ඉවරයි.

සමහරු සම්මාන දෙන්නෙ කරපු චරිතෙට නෙවෙයි ඉන්න නිහතමානි කම සරලකම බලල

සමහරු සම්මාන "ගන්නෙ" මාකටිං කරල.

මං හිතුවෙ සම්මාන "දිනන්න" ඕනෙ කරන චරිතෙ කැපවීමෙන් කරල කියල.

එහෙම හිතල

 

2026 දීත් මං නිහඬවම බලන් ඉන්නව.

අත්පුඩි ගහනව.

ඊයෙත් ලංකාවේ සම්මාන උලෙලක් තියල 2025 ටෙලි.. සිනමාව ඇගයීමට ලක්කරල.

සම්මානයෙන් පිදුම් ලද හැමෝටම සුබ පතමි.

(උපුටා ගැනීම අවසන්)

608900277 1418045576337432 8224061212967979501 n

608957106 1418045656337424 16042489012104024 n

611242349 1418045733004083 5973477573571063462 n

607105345 1418045916337398 2867742631332850729 n

607833251 1418045963004060 1245687046722177198 n 1

607890326 1418048746337115 1047766636672107874 n 1

 

(සටහන සහ ඡායාරූප "Dhananjaya Siriwardana" නිල ෆේස් බුක් පිටුව ඇසුරුනි)

kemadasa

shungara

Back to top
Go to bottom