lan englan tam

O Oපේ

ධනංජයගෙන් ආදරණීය සත්‍යාට සටහනක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනූෂ එදිරිමුණි විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රේක්ෂකයන් මහත් ආදරයෙන් වැළඳගත් සිනමා නිර්මාණයක් වූ 'මදර් ලංකා' (Mother Lanka) චිත්‍රපටය  සාර්ථක දින 120 කට අධික කාලයක් තිරගත කිරීම් වලින් පසු පසුගියදා ලංකාවේ තිරගත වීම් නිමා කළා.

මේ චිත්‍රපටයේ ප්‍රේක්ෂක හදවතේ සනිටුහන් වූ, රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන නිරූපණය කළ ‘සත්‍යා’ චරිතය ඔබට මතක ඇති.

ධනංජය සිරිවර්ධන මෙම චරිතය කොතරම් සාර්ථකව නිරූපණය කළේද යත්  එය 'මදර් ලංකා' චිත්‍රපටයයේ සාර්ථකත්වයට ප්‍රධාන හේතු සාධකයක් වූ බවයි බොහෝ දෙනාගේ අදහස උනේ.

 

558912470 653642824397549 2962789860674467287 n 1

 

ඉතින්, චිත්‍රපටයේ තිර ගත කිරීම් අවසන් වුවත් සිය රංගන දිවියේ සදාතනික මතකයක් සනිටුහන් කළ “සත්‍යා” චරිතය ගැන රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන මෙසේ ආදරණීය සටහනක් එක් කොට තිබුණා.

ඒ "සත්‍යා" වෙනුවෙන්.

(උපුටා ගැනීම)

අදරණීය සත්‍යා...

ඉතිං අවසරයි වෙන් වන්නට...

එදා මෙදා තුර ඔබට නොකියූ රහසක් කියන්න අවසර..

රිදී තිරයේ මට හමුවූ සොඳුරුතම හමුවීම ඔබයි..

ඔබ නිසා මා හට ලැබුනු දේ අපමණයි.

ආදරය.. ගෞරවය .. සෙනෙහස , විශ්වාසය..

ඔබ ගැනූ ලියූ සටහන් අපමණයි.

දිනෙන් දින ඔබ ගැන මිනිසුන් කියූ කතා අසා

මම ඔබව තෝරා ගැනීම ගැන

නැවත නැවතත් සතුටු වූවා මතකයි.

ඔබ මට ආඩම්බරයක්.

ආභරණයක් ..

දින 120ක් තිස්සේ සිනමා තිරය මත මා හට

අභිමානය ගෙනදුන් ඔබ

අදින් මගෙන් සමුගන්නව.

අප ආයේ කිසි දිනෙක හමු නොවන බව දනිමි.

සත්‍යා ජීවිතයේ දෙවරක් හමුවන කෙනෙක් නොව.

නමුත් ගෙවී ගිය කාලය තුල ඔබ මට ගෙනදුන් අභිමානවත් ප්‍රේමය

සදාතනික මතකයක් සේ තබා ගනිමින්

අපි සමු ගනිමු

ඒ මතු ද නොව

ඔබට රහසින් පෙම් කල දහසක් මැද...

මා ඔබට සැබවින්ම

ප්‍රේම කලෙමි.

ධනංජය සිරිවර්ධන-

2025/12/12

(උපුටා ගැනීම අවසන්)

 

598244787 1402310897910900 4517065942421305868 n

 

( AI ඡායාරූපය Priyantha Karunarathna විසිනි)

kemadasa

shungara

Back to top
Go to bottom