සුපිරි තරු සල්මාන් කාන් සැමවිටම තමන්ට ආදරයෙන් සහ කාරුණිකව සැලකු බව බොලිවුඩ් නිළි සනී ලියොන් පැවසුවාය. සල්මාන් විසින් මෙහෙයවනු ලැබූ රියලිටි වැඩසටහනක සනී සහභාගී වූයේ බොලිවුඩයට පිවිසීමට පෙරය. දැන් ඇය ඔහුගේ සොහොයුරු අර්බාස් කාන් සමඟ තේරා ඉන්තසාර් හි ආදරණිය ගීතයකට රංගනයෙන් දායක වී තිබේ.
“මට සල්මාන්ව හමුවෙලා තියෙන්නේ කිහිප වතාවක් විතරයි. නමුත් මම අර්බාස් සමඟ වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. අර්බාස් ඉතා විශිෂ්ට පුද්ගලයෙක්. මම හිතනවා ඔහුගේ පවුලේ සියලු දෙනාමත් ඒ වගේම ආදරණිය කරුණාවන්ත පිරිසක් කියලා. සල්මාන් හැමවෙලේම මට ඉතා හොඳින් සැලකුවා. හැමවිටම ඔහුගේ සුපුරුදු ක්රමයට මාව පිළිගත්තා. මට එය ඉතාම වටිනවා,” යනුවෙන් සනී පවසා සිටියාය.
අජේ දේව්ගන් සහ ඉම්රාන් හෂ්මි රඟපාන බාද්ශාහෝ සිනමාපටයෙහි ගීතමය ජවනිකාවක් තුළින් ඉදිරියේදී සනී ලියොන් අපට දැකගත හැකි වනු ඇත.
“මම ඒ ගීතයට ඉතාම කැමතියි. ඉම්රාන් සමඟ වැඩ කරන්න ලැබීම වටිනා අත්දැකීමක්. ඔහු ඉතා ගෞරවනීය හොඳ පුද්ගලයෙක්,” ඇය ප්රකාශ කළාය.