පැටී ජෙන්කින්ස් අධ්‍යක්ෂණය කළ ගාල් ගැඩොට් රංගන දායකත්වය ලබාදෙන Wonder Woman සිනමාපටය ජාත්‍යන්තර අවධානය ලබාගනිමින් මේ වනවිටත් ලොව පුරා තිරගත වෙමින් පවතී.
මෙම සිනමාපටය කෙරෙහි වැඩි අවධානයක් යොමු වුයේ එය කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වීම නිසාය. එයින්, සිනමා කර්මාන්තයේ දැවැන්ත නිර්මාණ කාර්යකට එළැඹීමට ස්ත්‍රී පුරුෂ භේදය අදාළ නොවන බව තහවුරු කරන්නට විය.
කෙසේ වෙතත් දැවැන්ත සිනමා නිර්මාණයක් සඳහා කාන්තා අධ්යක්ෂණයක පෙර නිමිති පහල වන්නට පටන් ගෙන ඇති බව කොලිවුඩය දෙසින් වාර්තා වේ.
ඉරුදි සුට්රු සිනමාපටය අධ්‍යක්ෂණය කළ සුදා කොන්ගාර ගේ අලුත් තිරපිටපතකට හිත ගිය කොලිවුඩ් සුපිරි තරු සූර්යා එහි රඟපෑමට පමණක් නොව ඔහුගේ 2D Entertainment ආයතනය යටතේ නිෂ්පාදන කර්තව්‍ය බාරගැනීමටත් එකඟතාවය පල කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.