2016 ජනවාරි මස 15 හෝ 16 දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයක් පදවාගෙන යමින් සුක්කානම අතහැර නර්තනයක් ඉදිරිපත් කිරීම ගැන මේනකා මදුවන්ති නමැති රංගන ශිල්පිණියට අධිකරණය අද රුපියල් 5000ක දඩයක් නියමකළා.
ඒ බණ්ඩාරගම පොලිසිය විසින් ඇය බණ්ඩාරගම සංචාරක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුවයි. ඇය කහතුඩුව හා බණ්ඩාරගම අතර දී මෙසේ සුක්කානම අතහැර නටමින් වාහනය පදවන ආකාරය වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදා හැර තිබුනා.
පසුව මෙය දුටු පුද්ගලයෙක් මේ බව අන්තර්ජාලය හරහා "ජනපතිට කියන්න" වැඩසටහනට පැමිණිලි කර තිබෙනවා.ඒ අනුව බණ්ඩාරගම- ගැලනිගම පොලිස් මුරපල මේ ගැන විමර්ශනය කර මේනකා මධුවන්තිව බණ්ඩාරගම පොලිසියට භාර දුන් අතර අද(04) අධිකරණයට ඉදිරිපත් කෙරුනා.
අදාල නර්තනය රූගත කර අන්තර්ජාලයට එක්කර තිබු වීඩියෝව පහතින්.