සිය සරාගී පෙනුම නිසා සමහර කාන්තාවන් ඇය සමඟ වැඩ කරන්නට අකමැති බව ඇමරිකානු රංගන ශිල්පිනි එමිලි රැටකොව්ස්කි පැවසුවාය.
ඇය විසින් ඕස්ට්‍රේලියානු හාපර් බසාර් සඟරාව වෙත පවසා සිටියේ මේ හේතුවෙන් තමන්ට අවස්ථා නොලැබී යන බවයි.
මේ කෙසේ වෙතත් 4 අඟහරුවාදා පලේ ගලියේර් හි පැවැත්වුණු පැරිස් ෆැෂන් වික් ප්‍රිය සාදයේදී ඇය ඇඳ සිටි ඇඳුම කාගේත් අවධානයට ලක් විය.
කළු පැහැති මෙම ගවුමෙන් ඇගේ සරාගී පෙනුම වඩාත් ඉස්මතු කර තිබුණි.
මතභේදයට තුඩු දුන් රොබින් තික් ගේ බ්ලර්ඩ් ලයින් නම් වීඩියෝවේ රඟපෑ පසු 26 හැවිරිදි එමිලි වඩාත් ප්‍රසිද්ධියට පත් විය.
"ගෝන් ගර්ල්” නම් සිනමාපටය තුලින් ද ඇය ප්‍රසිද්ධියක් අත් කරගත්තාය.