සුරූපි බොලිවුඩ් නිළි ප්රියංකා චොප්රා තෙවන වතාවටත් හොලිවුඩ් නිර්මාණයක් ඔස්සේ දැක බලාගැනීමේ අවස්ථාවක් උදා වන බව අපට වාර්තා වුණා.
“කොන්ටිකෝ” ටෙලි මාලාව සහ “බේ වොච්” සිනමාපටය තුලින් හොලිවුඩ් සිනමා කර්මාන්තයේ ස්ථාවරත්වයක් ගොඩනගා ගත් ප්රියංකගේ මීළඟ චිත්රපටය වන්නේ “ඉට්ස් නොට් දැට් රොමැන්ටික්”.
2019 දී තිරගත කිරීමට දින යොදාගෙන ඇති මෙම නිර්මාණයේ අධ්යක්ෂණය ටොඩ් ස්ට්රෝස් විසිනි.
ඇය සමඟ ලයම් හෙම්ස්වර්ත්, රෙබෙල් විල්සන් සහ ඇඩම් ඩ්වේන් රංගනයෙන් දායක වනු ඇත.
රෝස පැහැයෙන් සැරසුණු ප්රියංකා, නිව්යෝක් නුවරදී ඊයේ දින ආරම්භ වූ රූපගත කිරීම් සඳහා පෙනී සිටියාය.