ඉන්දීය ක්රිකට් කණ්ඩායම සිය පුහුණුකරුවන් වෙනස් කිරීමේ සුදානමක් පිළිබඳ පුවතක් වාර්තා වන මෙවැනි අවස්ථාවක, කණ්ඩායම් නායක වීරත් කෝලි ඇමරිකාවේ නිව්යෝක් නුවර කෙටි නිවාඩුවක් ගත කිරීමට ගොස් තිබෙනවා.
ඒ වෙන කවුරුත් නෙවෙයි, ආදරණිය අනුෂ්කා ශර්මා සමඟිනුයි.
නිව්යෝක් නුවර විදි ඔස්සේ සිය පෙම්වතියත් සමඟ ඇවිදිමින් සිටින ආකාරය ඡායාරූපවලට හසු වී තිබුණේ මේ ආකාරයටයි.
ඉතාමත් කාර්යබහුල යුවලක් වුවත් සරල ඇඳුමින් සැරසී ඉතාමත් සැහැල්ලුවෙන් ඔවුන් ඇවිදගෙන යන අයුරු අපිට දකින්නට පුළුවන්.
අනුෂ්කා 2017 IIFA සම්මාන උළෙල සඳහා සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් සිටියි.
කෙසේ නමුත් ඉන්දීය ක්රිකට් කණ්ඩායම ශ්රී ලංකා සංචාරයට පෙර තම පෙම්වතියත් සමඟ නිදහසේ කාලය ගත කරන්න වීරාත් කෝලි ඉඩ සලසා ගත්තේ බිග් ඇපල් හි සංචාරයේ නිරත වෙමිනි.
නිව්යෝක් නුවරදී අනුෂ්කා සහ කෝලි ගත් සෙල්ෆි ඡායා රූපයක්