අයාලේ යන සුනඛයන් මරා දැමීම සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වන මේ හොහොතේ එයට හාත්පසින් වෙනස් පුවතක් ‘මිරර් ආර්ට්ස්’ වෙත වාර්තා වුනා.
ඒ තමයි සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකා විසින් පිළිසරණක් නොමැතිව සිටි බලු පැටවුන් සිව් දෙනෙක්, ඔවුන් නිවහනක් සොයා ගන්නා තුරු රැක බලා ගැනීමට භාර ගෙන තිබිම.
සතුන් හට හැකි සෑම විටකම උපකාර කිරීමට තැත් කරන සත්ව අවිහිංසාවාදිනියක් වන. ඇගේ මෙම සත් ක්රියාව වෙනුවෙන් මාලිනීයට බොහෝ දෙනා ස්තූතිය පුද කර තිබුණා.