“කාමරයේ ඇති කැඩපත දෙස බලා ජනප්‍රිය කෙනකු මෙන් තමන් සුන්දර නොවන්නේ ඇයි ද කියලා හිතන සියලුම තරුණියන් වෙනුවෙන් මම දෙයක් කියන්න කැමතියි, එළියට පෙන්නන තරම් ගොඩ දෙනෙකුගේ රූපය සුන්දර නැහැ. මමත් ඒ වගේ. අනිත් නිලියන් පවා එහෙමයි (අඩුම තරමින් බියෝන්සේ පවා, මට දිවුරලා කියන්න පුළුවන්)
මේ දේ තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. මම ජනතාව ඉදිරියට යන හැම වෙලාවේදීම වගේ විනාඩි 90 මේකප් වෙනුවෙන් වැය කරනවා. මේකප් පුටුවේ වාඩි වෙලා ඉන්න අතරතුර නිය ආලේපන ගල්වන්න වෙනම පුද්ගලයෙක් වැඩ කරනවා. හැම සතියකම මගේ ඇහි බැම ඉවත් කරනවා.
මම හැමදාම උදේ 6 ට නැගිටලා 7.30 වෙනකොට ජිම් එකට යනවා. විනාඩි 90 ක් ව්‍යායාම කරනවා. වෙලාවකට නිදාගන්න කලිනුත් ව්‍යායාම කරනවා. මට කන්න හොඳ, කන්න හොඳ නැති දේවල් තීරණය කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. එක එයාගේ රාජකාරිය. මගේ කෑම පිඟානේ තියෙන කෑම ජාති වලට වඩා දේවල් තොගයක් මගේ ෆේස් පැක් එකේ තියෙනවා. මට ගැලපෙන ඇඳුම් තෝරන්න බල ඇණියක්ම ඉන්නවා.
මේ හැම දේටම පස්සේ වුණත් කැතට පේනවනම් ෆොටෝෂොප් වලින් හදලා සෝනම් ලස්සනට පෙන්නනවා.
මම මුලදී කිව්වා වගේම ආයෙමත් කියන්නේ මේ හැමදේම පිටිපස්සේ ලොකු කණ්ඩායමක් ඉන්නවා. සෑහෙන මුදල් වැය වෙනවා. ඔබට දකින්නට ලැබෙන ජනප්‍රිය චරිතය මවා පෙන්නන්න විශාල කාලයක් යනවා. මේ යතාර්ථය නෙවෙයි. ඔයාලා බලාපොරොත්තු වෙන දේත් නෙවෙයි.
ඉතින් හැම වෙලේම ඔබ තුලින් විශ්වාසය බලාපොරොත්තු වෙන්න. සතුටින්, නිදහසේ සුන්දර හැඟීමෙන් ජිවත් වෙන්න බාහිර දේවල් උවමනා නොවේවා කියා ප්‍රාර්ථනා කරන්න.
තරුණ ගැහැණු ළමයකු, සඟරාවක සිටින දිලිසෙන කෙස් ඇති සුරූපි කාන්තාවක් දිහා බලා තැවෙමින් තමන් එලෙස නැතැයි කියා හිතමින් සිටිනවා නම් එහි ඇති ව්‍යාජබව ගැන ඊළඟ වතාවේ ඇයට කියලා දෙන්න.
ගැහැණු ළමයා කෙතරම් සුන්දරදැයි ඇයට පවසන්න. ඇගේ සිනහව ගමන් විලාසය කෙතරම් අපුරුදැයි පවසන්න.
ඇගේ හිතට වැරදි හැඟීම් ඇති නොවෙන්න කටයුතු කරන්න,”