බොලිවුඩ් සිනමාවට එක්වීමට නියමිත රේස් 3 චිත්රපටය වෙනුවෙන් ශ්රී ලාංකේය රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් සමඟ සල්මන් කාන් එක් වෙන බව ඉන්දීය නවතම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සිනමාපටයේ රූපගත කිරීම් එළැඹෙන ඔක්තෝබර් මස සිදු කිරීමට නියමිතව ඇතැයි එහි සංවිධායකයන් පවසා තිබේ.
රෙමෝ ඩි සුසා අධ්යක්ෂණය කරන රේස් 3 හි නිෂ්පාදකයා වශයෙන් කටයුතු කරන්නේ රමේෂ් තවුරානි ය.
චිත්රපටය සඳහා දායකත්වය සපයන අනෙකුත් රංගන ශිල්පින් ශිල්පිනියන් පිළිබඳව මෙතෙක් අනාවරණය කර නැත.
මින් පෙර තිරගත වූ රේස් චිත්රපට වලට වඩා සම්පුර්ණයෙන් වෙනස් ආරක් ලබා ගන්නා බව පැවසෙන රේස් 3 හි ප්රථම රුගත කිරීම් මුම්බායි හි දී සිදු වන අතර විදෙස් රටවලදී ද රුගත කිරීම් සිදු කිරීමට නියමිතව ඇත.