අතිශය කාර්යබහුල වීම නිසා බොහොමයක් හොලිවුඩ්, බොලිවුඩ් නළු නිලියන් මානසික ආතතියෙන් පෙලෙන බව හැමෝම දන්නා කරුණක්.
මෙම කාර්යබහුලත්වය නිසා සමහරුන්ට ප්‍රතිකාර ගැනීමට පවා සිදු වී තිබෙනවා.
බොලිවුඩ් තාරකාවකට ද මෑතකදී එසේ ප්‍රතිකාර ගැනීමට සිදුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ වෙන කවුරුත් නෙවෙයි “පද්මාවතී” සිනමාපටයේ සංකීර්ණ චරිතයකට දායකත්වය ලබා දුන් රන්විර් සිං.
කැපවීමෙන් සිය කාර්ය ඉටු කරන ඔහුට චිත්‍රපටයේ අලව්දින් ඛිල්ජි නම් චරිතයෙන් මිදී සැබෑ ජීවිතය ගත කිරීමේදී තරමක ව්‍යකුලත්වයට පැමිණීම හේතුවෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබුණා.
ඔහුගේ මානසික තත්වය තරමක් අයහපත් අතට හැරීම නිසා තෙවතාවක්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වූ බව පැවසෙනවා.
කෙසේ වෙතත් මේ වනවිට රන්විර් ගැටලුවකින් තොරව කල් ගත කරන බවට වැඩිදුරටත් බොලිවුඩ් ආරංචි පෙන්වා දෙනවා.