ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතයෙන් නායක විරාත් කෝලිව විවේක ගැන්වීමට සැළසුම් කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
කෙසේ නමුත් සමහර ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ වීරත් කෝලි තරග කිහිපයක් සඳහා පමණක් නිවාඩු ඉල්ලා ඇත්තේ පෞද්ගලික හේතුවක් නිසා බවය.
එසේම ඔහු ජනප්‍රිය බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා සමඟ විවාහ වීමට සුදානමින් මෙම නිවාඩු ඉල්ලා ඇති බව ද ඔවුන් සඳහන් කර තිබේ.
ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලබන මාසයේ ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පලමු තරග දෙක සඳහා නම් කළ සංචිතයට කෝලි ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.