විශ්ව රූ රැජින කිරුළ වෙනුවෙන් මැලේසියාවෙන් ඉදිරිපත් වන තරගකාරිය එක් තරග අංශයක් සඳහා එරට ජාතික ආහාරය වන ‘නාසි ලෙමාක්’ අනුසාරයෙන් නිර්මාණය කළ ඇඳුමකින් හැඩ වන බව ඇගේ ඇඳුම් නිර්මාණ ශිල්පියෝ පවසති.
සමන්තා කේටි නමින් හැඳින්වෙන මැලේසියා රූ රැජින මෙම නොවැම්බර් මස ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ ජාතික ඇඳුම් තරග අංශය සඳහා මෙසේ ඉදිරිපත් වීමට නියමිතය.
මැලේසියාවේ ජාතික ආහාරය ලෙස සැලකෙන ‘නාසි ලෙමාක්’ එරට වැසියන්ගේ ප්රියතම ආහාරයකි.
බිත්තරයක්, බැදපු හාල්මැස්සන්, පිපිඤ්ඤා පෙත්තක්, සම්බෝල සමඟ බත් මෙම ආහාරයට ඇතුළත් වන අතර මේ සියල්ල කෙසෙල් කොළයේ බැඳ පිළිගන්වනු ලැබේ.
මෙම ඇඳුම ද ඒ අයුරින්ම නිර්මාණය කර ඇති බව ඡායාරුපය දුටු විට ඔබට වැටහෙනු ඇත.
‘දැක්කාම බඩගිනි හැදෙන’ මෙම අපූරු ඇඳුම ‘විකාරයක්’ යැයි බොහෝ දෙනා පවසා ඇති අතර, ඇතැමෙක් එය ‘අපූරුයි’ යැයි ද පවසා තිබේ.