රදී රැුයක් 2017 ප්‍රසංගය පසුගිය දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී උත්කර්ශයෙන් පවත්වනු ලැබීය. එහිදී සිදුවූ අපූරු සම්මානය පිදීමක් ගැන මිරර් ආර්ට්ස් වෙත වාර්ථා විය.
පසුගිය කාලයේ මෙරට ප්‍රවීණ සිනමා රංග වේදිනියක් වන සෝනියා දිසානායක හෘදායාභාදයකට ගොඳුරු වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්නට ගොස් බිල් ගෙවීම පිළිබඳ අර්බූදයක් ගොඩ නැගී ඇයගේ දියණිය විසින් අදාල රෝහල් ගාස්තු ගෙවා සෝනියාව එම අර්බූදයෙන් නිදහස් කරනු ලැබීය. අපි ඒ පුවත ඔබට වාර්ථා කළෙමු.
මෙවර අප ට වාර්ථා වන අන්දමට රිදී රැයක් සංවිධායක කමිටුවේ සාමාජිකාවක් සෝනියා දිසානායකට රිදී රැයක් සඳහා ආරාධනා කර තිබී ඇත. සෝනියා එයට සහබාගී ව සිට ඇති අතර වේදිකාවෙ පිටු පස සෝනියා දිසා වෙනුවෙන් සිනමා නිළි රැජින මාලිනිී ෆොන්සේකා හඩ නගා ඇයට දීමට සූදානම් කර තිබූ සම්මානය ඇය ට වේදිකාවට කැඳයා ගෞරවණීය ලෙස ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එහෙත් එහි සිටි එක් සංවිධායිකාවක් පවසා ඇත්තේ ඇයව වේදිකාවට ගොඩ වන්නට තරම් සරීර සෞඛ්‍ය හොඳ මදි නිසා අපි ඇය අසලට ගොස් සම්මානය ලබාදීම වඩා සුදුසු බවයි. එහෙත් සෝනියා ඒ වනවිටත් බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ අසුන් ගෙන සිට ඇත්තේ පඩිපේලි 10ක් පමණ නැගීමෙන් අනතුරුවය.
කිසිවකු විසින් සෝනියාව වේදිකාවට කැඳවා සම්මානය පිදීම පිළිබඳව සිට ඇත්තේ යම් කිසි අකමැත්තකින් බවත් මේ නිසා සංවිධායක කමිටුවේ ප්‍රභලයන් සෝනියාව වේදිකාවට නොකැඳවා ඇය අසලට ගොස් සම්මානය දීම සඳහා පිඹුරු පත් සකස්කොට තිබී ඇත.
කෙසේ හෝ මාලිනී රදී රැයක් හි රංගනයට පළදින ලද වස්ත්රාභරණ ගලවා පසෙකට දමමින් සෝනියා වේදිකාවට කැඳවා සම්මානය නොදෙන්නේනම් ඇය රිදිී රැයක් හි වේදිකාවට පැමිණ රගනොපාන බව දැඩි ලෙස පවසා තිබේ. ඉන් කලබලයට පත්වූ සංවිධායක තොමෝ වහා එහි ප්‍රධානීන් වෙත ගොස් කරුනු විමසා යළිත් මාලිනී වෙත පැමිණ අපි සෝනියා ට සම්මානය වේදිකාවේදීම ලබාදෙන බවට සපතවීමෙන් අනතුරුව මාලිනී වේදිකාවට පැමිණ සිය පළමු රංගනය ඉදිරිපත් කොට ඇත.
දැනගන්නට ලැබී ඇති පරිදි මෙම සම්මානය වෙනත් අයෙකුට ලබාදී මට සූදානම් වුවද අවසානයේ එම සම්මානයට වඩා ම සුදුසු සෝනියා දිසා වන බැවින් ඇයට එය ලබාදිය යුතු බවට මාලිනී තරයේම ප්‍රකාශ කර ඇත.
ඇයට වේදිකාවට ගෙන්වා දම්මානය ලබාදීමට අකුල් හෙලන්නට උත්සාහ ගෙන ඇත්තේ සෝනියාට හිතවත්ව සමීපව සිටි කිහිප දෙනෙක් විය යුතු යැයි විවිධ අය සිය අදහස් පළ කරමින් ප්‍රකාශ කර තිබේ.
සෝනියාට සම්මාන පිදීමට සුදුසු නොවන බවද ඇය වැඩිහිටි අයට පමණක් සීමාවූ චිත්‍රපට නිෂ්පාදනය කළ බවට මෙන්ම සෝනියා අඩ නිරුවත් රංගන වල යෙදී ඇති බැවින් එය සම්මානයක් දීම සඳහා තරම් නොවන බවද සංවිධායකයන් ට විවිධ පිරිස් පවසා ඇති බවද සංවිධායකයෝ තැන තැන කටු කුටු ගා ඇතැයි වාර්ථාවේ.
කෙසේ වුවද අවසානයේ සෝනියා ව වේදිකාවට කැඳවා "රැගුමෙන් නිපැයුමෙන් රදී තිරය සැරසූ ජනකාන්ත රංගන වේදිනිය සෝනියා දිසා ගෞරවාභිෂේකය" සම්මානය සහ රුපියල් 50,000ක මුදලක් ලබාදී ඇති අතර සම්මානය ලබාදීමෙන් පසු උත්සවය අවසානයේ සෝනියාට සුබ පතන්නට සංවිධායක කමිටුව සෝනියා අසලට පැමිණ නැති බවත් ඇයව මග ඇර ඇති බවත් දැන ගන්නට ලැබේ.
සෝනියා ට ලැබුණු සම්මානයේ ගෞරවය මාලිනී ෆොන්සේකාට හිමි විය යුතු බව මිරර් ආර්ට්ස් වෙත කරුණු හෙළිදරව් කළ අය පැවසීය.
අපේ සිනමාවේ ජ්‍යෙෂ්ටයින්ට සිනමා නළු නිළියන් ගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින සමහර සංවිධායක වරු සළකන්නේ මේ ආකාරයෙන් බව මෙසේ සටහන් කොට තබමු.
අමාලි හේරත්
ජායාරූප සාගර ලක්මාල් ගේ ෆේස්බුක් පිටුවෙනි