ලංකාවේ ජනප්‍රිය සිනමා නළුවා ලෙස මේ වනවිට කාගෙත් කැමැත්ත දිනා ඇත්තේ හේමාල් රණසිංහය. හේමාල් ටෙලි නාට්‍ය තුළින් දැක ගන්නට නොලැබෙන්නේම ඔහු සිනමාව වෙනුවෙන් කැපවී ඇති නිසා විය යුතුය.
සිනමාවේ පැරණි ජනප්‍රිය නළු නිළියන් මෙන්ම සිනමාවට සම්බන්ධ නවක නළු නිළියන් ද ප්රමුඛව රිදී රැයක් වසරක් පාසා පවත්වනු ලබන්නේ සිංහල සිනමාවේ දශක කිහිපයක සිනමා රසිකයින් අතර ජනප්‍රිය වූ සිනමා ගී ඇසුරෙනි. මේ ගී පද අනුව නර්ථනය මෙහෙයවන්නේ චන්න උපුලී රංගායතනයයි. මෙම රදිී රැුයක් ප්‍රසංගය සඳහා වර්තමානයේ සිනමාවට දායක වූ ජනප්‍රිය නළුවා ලෙස කාගේත් ආදරය දිනාගත් හේමාල් රණ්සිංහ සහබාගීවූයේ නැත. එයට හේතුව වී ඇත්තේ ඔහු සමග නර්ථනයේ යෙදීම සඳහා ඔහුට සුදසු රංගනය ශිල්පිණියක් ලබාදීමට සංවිධායක මණ්ඩලය අපොහොසත් වී ඇති බවය. හේමාල් සමග නර්ථනයේ යෙදීමට සංවිධායක මණ්ඩලයේ එක් රංගන ශිල්පිනියක් කැමැත්ත සහ උවමනාව පළ කර සිටියද හේමාල් ඊට එකග වී නැති බව මිරර් ආර්ට්ස් වෙත විශ්වාස කටයුතු මාර්ගයකින් ආරංචි විය. සංවිධායක මණ්ඩලයේ සිටින යම් යම් ඒකාධිකාරී බලවේග විසින් රිදී රැයක් මෙහෙයවනු ලබන බව බොහෝ අයගේ අදහසයි.
සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකුම මෙම ප්‍රසංගයේ දකින්නට නැතිවීම කැපී පෙණුනි