පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ඉඳුනිල් ආයෙමත් පුනරුත්ථාපන කඳවුරකට යොමුකර ඇතැයි පසුගිය දවසක Purple Range Dickwella කියන ෆේස් බුක් පිටුවේ සඳහන්ව තිබීම ගැන ඉඳුනිල් ගොඩක් වේදනාවෙන් කතාකරනවා.
ඔහුගේ ෆේස් බුක් පිටුවෙ සඳහන් කර තිබූ සටහනට අනුව ඉඳුනිල් ඉන්නෙ දැඩි වේදනාවෙන්.
මේ වන විට සයිබර් අවකාශය පුරා පැතිරෙන මේ කතාබහත් එක්ක පර්පල් රේන්ජ් හි නායක සේනක ක්රිස්බන් මේ වගේ කතාවක් කිවුවා.
"මෙදා ඉඳුනිල්ව පුනරුත්ථාපන කඳවුරකට යොමුකළේ අපි නෙවෙයි. ඔහුගේ පවුලේ අය. ආරංචියෙ හැටියට මෙවර මාස තුනකට ඔහුව කඳවුරකට ඇතුල් කරල තියෙන්නෙ. ඔහු කියන විදියට ඉන්නෙ පුද්ගලික රෝහලක නෙවෙයි. පුනරුත්ථාපන කඳවුරක."
මේ වතාවෙ නම් ආයෙමත් ඉඳුනිල්ව නැවත බෑන්ඩ් එකට සම්බන්ධ කරගන්න එහි කිසිම සාමාජිකයකු කැමැත්තක් නොමැති බව ඔහු ප්රකාශ කළේ තමන්ගෙ බෑන්ඩ් එකේ නම කැත වෙන්නට කිසිසේත් ඉඩ නොතබන බවට අවධාරණය කරමිනි.