ලොවක් එක් රැයකින් වසඟයට ගත් සුරූපී ඉන්දියානු නිළි ඓශ්චර්යා රායි නවතම චිත්රපටයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි දහයක් ඉල්ලා සිටි බව වාර්තා වේ.
ඒ පිළිබඳව ඉන්දීය සිනමා ලෝකයේ දැඩි කතා බහක් ඇති වී ඇති බවද වාර්තා වේ.
ඇය මේ මුදල් ඉල්ලා සිටින්නේ “රාත් ඕර් දින්” නැමැති 1967 වසරේ තිරගත වූ චිත්රපටයේ නව නිෂ්පාදනය වෙනුවෙනි.
එදා ඒ චිත්රපටයේ ඇගේ චරිතය රඟපෑවේ “නර්ගිස්” නම් වූ සුරූපිනියයි.
වයස අවුරුදු 40ක් ඉක්මවා ගියද සුරූපී ඓශ්චර්යා ට තියෙන ඉල්ලුම නිසා ම ඇය මෙවැනි මුදලක් ඉල්ලා සිටින්න ඇති බව බොහෝ දෙනෙක් මත පළ කරති.
නමුත් මේ චිත්රපටයේ දී ඇයට ද්ව්ත්ව රංගනයක යෙදෙන්නට සිදුවීම ඒ මුදල වැඩි වීමට හේතුව බවට පත්ව ඇති බවද පැවසේ.
කෙසේ වුවද ඓශ්ගේ සුරූපී බවට එහා ගිය රංගන හැකියාව ඇය මෙවැනි මුදලක් ඉල්ලා සිටීමට බලපෑ ප්රබල හේතුවක් බවට පත්ව ඇත.
ඇය ඉල්ලා සිටි මුදල් ලබා දීමට නිෂ්පාදකවරු තීරණය කර ඇත්තේ ඇය නිසා මේ චිත්රපටයේ සාර්ථකත්වය රැදී පවතින නිසා බවද හෙළිදරව් වී තිබේ .
දිල්