කාලෙන් කාලෙට ක්ෂේත්රයේ ඉන්න ගොඩක් අයට ගොසිප් හැදෙනවා. ඒ ඉක්මනින්ම ඒවා හැමෝටම අමතක වෙනවා .අද රඟපාන නළුවා සම්බන්ධව හැදෙන කතාව හෙට හැදෙන්නෙ වෙනත් කෙනෙක් ගැන. මොකද අද එකට රඟන නළුවා නෙවේනෙ හෙට රංගනයෙදි එකතුවෙන්නෙ. ඔය විදියට ගොසිප් හැදෙන එක නවතන්න පුළුවන් කමකුත් නෑ. ඕනෙ කමකුත් නෑ. හැබැයි සාරංග දිසාසේකරගේ ජීවිතේ වටා ගොඩනැගුණු ගොසිප් කතන්දර වල නම් නිමාවක් නැති තරම්.
කවුරුත් දන්නා විදියට සාරංග උමාලි පෙම් කතාව දැන් අතීතයෙ නටඹුන් බවට පත්වෙලා. ඒ නටඹුන් මැද අලුත් ලෝකයක් ගොඩනගන්න ගොඩක් අයට උවමනා වෙලා තියෙනවා. ඒ ඕනෙ කම සාරංගට තියෙනවද කියන්න අපට පුළුවන් කමක් නැහැ. ඒත් සිද්ධවෙන දේවල් එක්ක ඔහුට අතීතය අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න ඕනෙ කම තියෙන බව පේනවා.
මොනදේ උනත් ලේන් පැටියෙක් නිසා උමාලි සාරංගගෙන් ඈතට ගියා. ඒකට මැදිවුණයි කිව්ව නවක නළුවාටත් හිතාගන්න බැරි විදියට නොමිලේම පබ්ලිසිටි ලැබුණා. ඒ ගැන මාසයක් දෙකක් කතා කරපු අයට ඒ දේවල් ඉබේම අමතක වුණත් සාරංගත් උමාලිත් අතරට ආව නවක නිළිය ගැන නම් තවමත් කතාව නැවතිලා නැති හැඩයි.
කාලයක් ජපානෙට වෙලා හිටිය උමාලි ලංකාවට ආව හැම මොහොතකම තවත් අලුත් කතාවකට පිඹුරුපත් සකසලයි ගියේ. ඒ හැම වතාවකදිම සාරංගගෙ නමත් එක්ක කියවුණු නවක නිළිය ගැන අලුත්ම ගොසිප් එකක් හැදෙන්න ගත්තා. ඒත් මේ වෙද්දි ඒ පෙම් පළහිලව්ව ගැන හැමෝම කතා කරද්දි ඔවුන්ගේ හැසිරීමත් ඒ කතාවලට අත්තටු දෙන්නට හේතුවක් වෙලා. මෑතකදී පැවැති එක්තරා ප්රසංගයකදි ඔවුන් දෙන්නා ඉදිරිපත් කරපු නර්තනය ගොසිප් එකක් කරගන්නත් බොහෝ දෙනෙක් උත්සාහ කළා. ඒ නර්තනය ටිකක් රොමෑන්ටික් වෙන්න පුළුවන්. ඒත් ඒක රංගනයක්. ඔවුන් දෙන්නම කළේ රඟපෑමක්.අවස්ථාවට අනුගත නොවුනොත් එතන සාර්ථකත්වයක් තියෙන්න බෑ නේද..
ඒත් අපේ අය දැන් ඒ නර්තනය දඩමීමා කරගෙන ඔන්න අලුත්ම කතාවක් නිර්මාණය කරලා. උමාලිගෙන් ඩිවෝස් එක ලැබෙන කම් වත් මේ දෙන්නට ඉවසිල්ලක් නැති වගක් ගැන ත් කියන්නට අරන්. මොනදේ වුණත් කතාවෙ පොඩි ඇත්තකුත් තියෙන පාටයි. මොකද පසුගිය දවස්වල තමන්ගෙ ව්යාපාරික පෙම්වතා ගැන කතාකරපු මේ නවක නිළිය දැන් නිහඩවම ඉන්නවා. ඒකත් සමහරුන්ට හොඳ තුරුම්පුවක් වෙලා. කොහොම වුණත් ගොසිප් කතා වලට අනුව නවක නිළිය වෙලාවකට සාරංගට රොමෑන්ටික් විදියට ආදරේ කරනවා. කොහොම හරි ඔහුව හිමිකරගන්න හිතනවා. ආරංචියෙ හැටියට දැන් නම් ගෙවල් දෙකේම තිබුණ අකමැත්ත කැමැත්තකට හැරිලලු. හැබැයි මේ ගොසිප් කතා ගොඩනගන අය කියන්නෙ නම් සාරංග උමාලි ඩිවෝස් එක දෙනකන් බලාන හිටියට ඔය කියන පෙම්වතියට දැන්ම විවාහ වෙන්න හදිසියක් නැහැ කියලයි. කවුරු කොහොම කිවුවත් ඇය ඉන්නෙ දෙගිඩියාවෙන් කියලයි මේ කතාවලට අනුව කියවෙන්නෙ.
මේ හැමදේම දිහා බැලුවම අපට හිතෙන්නෙ කවුරු ගොසිප් හැදුවත් ජීවත් වෙන්න ඕනෙ ඒ අය. එයාලගෙ හිත්වල ආදරයක් ඇතිවුණත් ඒකෙ අදාළත්වයක් අනිත් අයට නැහැ. එයාලට ඕනෙ විදියට ඒ දෙන්න හෙට අනිද්දා විවාහ වුණත් නොවුණත් එයාලගෙ ජීවිතේ තීරණ ගන්න ,ඒ හීන වලට පාට ගාන්න අපි කවුද නේ....
දිල් ....