දසුන් ට වූ දේ තමාටත් වෙයිද කියා සාරංග සිය මුහුණු පොතේ තැබූ සටහනකින් බුකියම රත්වෙලා. සාරංග එහෙම කිව්වෙ ඇයි කාටත් හිතෙන්නෙ අරන්. පසුගිය දවසක සාරංග ශලනිත් එක්ක ගත්තු ඡායාරූපයක් මුහුණු පොතට එක්කරමින් 'ඊළඟට මැරෙන්නෙ මම කියල, මට එල්ලෙන්න ලණු දෙන්න අහන, මට පරිස්සම් වෙන්න කියන ගොබ්බසේනලාගේ සහ ගොබ්බවතීලාගේ හිත සුව පිණිසයි' යනුවෙන් සටහනක් තබා තිබුනා. ඇත්තටම සාරංග එහෙම කිව්වෙ ඇයි ලොකු ප්රශ්නයක්. ඒත් ඒකට උත්තරයක් තියෙන්නෙත් සාරංග ළඟ විතරමයි.