ප්රකට හොලිවුඩ් යුවලක් වන ජෙනිෆර් ඇනිස්ටන් සහ ජස්ටින් තෙරුස් දික්කසාද වීමට තීරණය කර තිබේ.
ඒ අනුව වසර දෙකක් පැරණි ඔවුන්ගේ විවාහ ජීවිතය මෙවසරේදී නිම වනු ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරු යුවල පවසා ඇත්තේ පසුගිය වසරේ අවසානයේදී දෙදෙනාගේම කැමැත්ත මත ගත් මෙම තීරණය “ආදරණිය” ස්වරුපයෙන් ගත් එකක් බවයි.
විව්වාහය කෙලවර වුව ද සිය මිතුදම ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන්නේ යැයි ඔවුන් පවසා සිටිය ද දික්කසාද වීමට හේතුව පිළිබඳව කිසිදු අදහසක් දක්වා නැත.
ඔවුන් දෙදෙනා විවාහ පාත්ර වුයේ 2015 දී ය.