වෙනි ඉනිම ටෙලි නාට්‍යයේ බිමල් ජයකොඩි රඟපෑ “රවී ප්‍රනාන්දු” චරිතය එක්වරම නාට්‍යයෙන් ඉවත්කිරීම ගැන විවිධ මත පළ වෙලා තිබුණා.
මේ සියල්ලටම පිළිතුරු බිමල් සතිපතා කලා පුවත්පතක් ඔස්සේ ලබා දී තිබුණා. බිමල් පවසන අන්දමට “දෙවෙනි ඉනිම” කතා කල මුල් අවස්ථාවේම ඔහු අධ්යක්ෂ සාරංගට පවසා තිබුනේ, කොටස් 200 - 250 ඉක්මවා යනවානම් ඉන් එහා රඟ නොපාන බව දැනුම් දී තිබුණ බවයි. ඒ සාරංග මෙය කොටස් 200 - 250 පමණ කිරීමේ බලාපොරොත්තුව ඇති බව පැවසූ විටයි.
නමුත් මෙය ඉතා දීර්ඝ ලෙස විකාශය කරන්න හදන බව දැනුන හෙයින් ඔහු ඉන් ඉවත් වූ බව පවසද්දී ඔහුගෙන් එම පුවත්පතේ ලිපිය ලියූ මාධ්‍යවේදියා අසා තිබුනේ “තිර පිටපත කියවද්දී ඔබ දැනගෙන හිටියේ නැද්ද රවී ප්‍රනාන්දුට මෙහෙම දෙයක් වෙයි කියලා” යනුවෙනි. එයට බිමල් පිළිතුරු දී තිබුණේ.
“මේකේ දැන් තිර රචනයක් නෑනේ. ස්ක්‍රිප්ට් එක ලිය ලියා තමයි එවන්නේ. තිර පිටපත අපේ අතට ලැබෙන්නේ නැහැ. ලියලා එවන එක තමයි එදාට කරන්නේ. මම හිතන්නේ මේකේ වැඩ කරපු නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් සියලු දෙනා දන්නවා මම මේ ටෙලි නාට්‍යයේ ගුණාත්මක බව රැක ගන්න කොයිතරම් දුරට මැදිහත් වුණාද කියලා. එකම දෙබස්, එකම දර්ශන, එකම සිද්ධි දාමයක් නිතරම රඟපාන්න තිබුණා” යනුවෙනි.
පැහැදිළිවම බිමල් පවසා තිබුණේ ඔහු විසින් “දෙවෙනි ඉනිමෙන්” ඉවත් වන්නට තීරණය කළ බවයි.
“ඔබට තව මුදල් ගෙවන්න තියෙනවද?” යනුවෙන් ලේඛකයා විමසද්දී බිමල් පිළිතුරු දී තිබුණේ.
“මම වැඩකරපුවාට මුදල් අය විය යුතුයි. ඒ ගැන කීප වරක් මතක් කළා. ඊට යහපත් ප්‍රතිචාර නැතිනම් නීති මාර්ගයෙන් කටයුතු කරනවා” යනුවෙනි. මෙම පිළිතුරෙන් ගම්‍ය වන්නේ බිමල්ට දෙවෙනි ඉනිමෙන් මුදල් ගෙවා නැති බවයි.